Friday, March 29, 2024

ජන්දෙට නැති සල්ලි: මරාගේ බංගලාවට මිලියන 800; පෙබරවාරි 04ට 200; ජන්ද ගුන්ඩු හාල් වලට බිලියන 2යි!

පලාත් පාලන මැතිවරණය කල් දැමීමට රනිල් රාජපක්ෂ ඇබිත්තයින් ගෙන ආ ප්‍රධාන තර්කයක් වූයේ මුදල් නැති කමය.

රනිල් රාජපක්ෂගේ මචංගේ පුවත් පතට අනුව පොලිස්පති ද කියා ඇත්තේ ඡන්දයට මුදල් නැතිය කියාය. ඔහු කියන්නේ පසුගිය මැතිවරණ වෙනුවෙන් තවමත් රුපියල් බිලියනයක් හිඟ ගෙවීමට ඇති බවය. නමුත් ඔහුට  මේ බව මතක් වීඇත්තේ රනිල් රාජපක්ෂ ඡන්දයට බිය බව දැන ගැනීමෙන් පසුය.

දැන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ රනීල් රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂයට නව නිල නිවසක් ලබා දීම පිනිස මිලියන 800ක් වෙන් කර දුන් බවයි.    කොළඹ විජේරාම මාවතේ පිහිටි එම නිල නිවසට ලොකු රාජපක්ෂ අද හේටම ගෙවදිනවා ඇත.

ඊට අමතරව ඊනියා නිදිහස් දිනය වෙනුවෙන් මහා නැටුමක් නැටීම පිනිස රනිල් රාජපක්ෂ මිලියන 200ක් වෙන් කර තිබේ.

ඊටත් අමතරව රනිල් රාජපක්ෂගේ යෝජනාවක් අනුව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇති පවුල් මිලියන දෙකකට හාල් ‌කිලෝ 10 බැගින් දීමට අවම වශයෙන් මිලියන 2000ක් වැය වනු ඇත.ඒ් හාල් කිලෝ 10ක් බෙදා දීමට යන සියලු වැය  රුපියල් 1000ක් ලෙස සැලකූ වීටය.

මෙය තනිකරම ඡන්ද ගුණ්ඩුවකි.

මේ තාක් මහින්ද රාජපක්ෂ පදංචිව සිටි  ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් ප්‍රදේශයේ  නිල නිවසට ගෝඨාභය රාජපක්ෂ ගෙවදිනවා ඇත. ඒ් සඳහා මිලියන කීයක් වියසම් කළේ දැයි තවම හෙළිදරව් වී නොමැත. ඔහු දැනට පදිංචිව සිටින්නේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක වන අතර වාහනවල අධික නළා හඬ නිසා වෙනත් නිවසක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ විජේරාම නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට මිලියන 400කට වැඩි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ නමුත් ගෝඨාභය එය සම්මත කර නැත.

නමුත් පසුව ජනාධිපති වූ රනිල් රාජපක්ෂ  එම අලුත්වැඩියාව කිරීමට මිලියන 800කට අධික මුදලක් අනුමත කර තිබේ

මෙම නිවස අලුත්වැඩියා කිරීමට ඊටත් වඩා මුදලක් වැය වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ටද එහි වාසය කිරීමට හැකිවන පරිදි නිවසට අලුතින් කොටස් කිහිපයක් එක් කර තිබීම ඊට හේතුව බවද පැවසේ.

මේ මැතිවරණයට නැති සල්ලි රනිල් රාජපක්ෂගේ සිඟිති ආසවන් වෙනුවෙන් වැය කරන අන්දමයි

 

 

Archive

Latest news

Related news