Friday, April 19, 2024

ඇන්තනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර: තවත් පොලිස් පැහැර ගැනීමක් සහ මිනීමැරුමක්.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු වන සමන්ත ප්‍රීතී කුමාර‍ මහතා නාරාහේන්පිට පිහිටි කාර්යාලයේ සිට අසළ ආපනශාලාවක් වෙත දහවල් ආහාර ලබා ගැනීම සඳහා ගොස් තිබුණු අතර  ආහාර රැගෙන කාර්යාලයට පැමිණෙන අතරතුර ජීප් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැර ග්නා ලද්දේ පසුගිය 10 දාය.

පසුව ඔහුකොළම ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගියේය.

පොලිස් කතාන්තරයට අනුව අත්අඩංගුවට ගත් මෙම  පුද්ගලයාගෙන් ඔහුට ඉහළින් එම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින පුද්ගලයින් පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කළේය., එහිදී බෝතලයක් දෙකට කඩා සැකකරු පොලීසියට පහර දුන්නේය. එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බවත් මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් සැකකරුගේ දෙපාවලට පහර දී තිබේ.

ඔහුට බෝතලයක් අතට ගැනීමට ලැබු කෙසේදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව දන්නේ නැත.!

පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව මරණයට ක්ෂණික හේතුව රක්තපාත කම්පනයයි.
පූර්වගාමී හෝ යටින් පවතින හේතු ලෙස දක්වා ඇත්තේ බහු මෘදු පටක තුවාල විම සහ මොට ආයුධකින් පහර දීමය.

ඔහුගේ පිටුපස, තට්ටම්, අත් පා සහ හිසට උඩින් තුවාල සිදු වී තිබුණි.
කිසිදු ඇබ්බැහි ඖෂධයක්  ඔහුගේ මුත්රා තුළ තිබී අනාවරණය වී නැත.
මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රධාන උපදේශක ආචාර්ය යූ.ඒ.කේ තෙන්නකෝන් විසින් පවත්වන ලදී..

මෙය පැහැදිලිවම මිනීමැරුමක් වන අතර, අත් අඩංඟවෙහි සිටියදී සිදු කරන ලද තවත් මරණයක් බවට සැකයක් නැත.

මේ සම්බන්දයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් සහ  සමන්ත ප්‍රීති කුමාරගේ බිරිද දක්වන අදහස් පහත දැක්වේ.

Archive

Latest news

Related news