Friday, April 26, 2024

රනිල් රාජපක්ෂට දෙමළ සන්ධානයෙන් සත් දින අවසන් නිවේදනයක්; සාකච්ජා කොට උඩ!

උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට  ඉල්ලීම් 3ක් රනිල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන දෙමළ සන්ධානය සතියක් ඇතුළත ඉල්ලීම් ලබාදී මට රනිල් රාජපක්ෂ අපොහොසත් වුව හොත් තම පක්ෂය ප්‍රතිසන්ධාන සාකච්ඡාවලින් ඉවත් වන දැනුම් දීමෙන් පසු සහජීවන සාකච්ජා දින නියමයක් නැතිව කල් ගොස් තිබේ.

පසුගිය සතියේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසු ප්‍රගතියක් නොමැතිකම ගැන සිය කනගාටුව ප්‍රකාශ කළ දෙමළ සන්ධානය සාකච්ඡා කඩා වැටීමට ඇති ඉඩ ගැන අනතුරු අඟවන ලදී.

මෙම පෙබරවාරි 04 දිනට පෙර දෙමළ ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට රනිල් රාජපක්ෂ දෙන ලද පොරොන්දුව ව්‍යාජයක් බව ශ්‍රී ලංකා බ්‍රීෆ් මුල සිටම පෙන්වා දෙන ලදී.

දෙමළ ජාතික සන්ධානය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්, හමුදාව හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් අල්ලා ගෙන සිටින උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් සියලු ඉඩම් නිදහස් කරන ලෙසත්, සියලු දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිට තිබේ.

එම  දෙමළ දේශපාලන පක්ෂ ජනවාරි 10 සිට 12 දක්වා දෙදින සාකච්ඡා වටයක් සඳහා රනිල් රාජපක්ෂ  හමුවීමට නියමිතව තිබුණි.

මෙම තීරණය ගත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමඟ පැවති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඉලංකෙයි තමිල් අරසු කච්චි මාවෙයි සේනාධිරාජා නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් යන මහත්වරු සහභාගි වී තිබේ.

රනිල් රාජපක්ෂ නොවැම්බර් 20 වැනිදා දෙමළ පක්ෂවලට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබූ අතර පෙබරවාරි 4 වැනිදාට යෙදෙන  75 වැනි නිදහස් දිනයට පෙර ඔවුන්ගේ පවතින ගැටලු විසඳන බවට ප්‍රතිඥා දීමෙන්.  පසුව, දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමට වික්‍රමසිංහගේ කැමැත්තක් පෙන්නුම් කර ඇති බව පවසමින් ටීඑන්ඒ ද 2023 සඳහා රජයේ අයවැයට සහාය දුන්නේ ය.

දැන් දෙමළ සන්ධානය ද රනිල් රාජපක්ෂද පත්ව ඇත්තේ ගලේ පැහැරූ බළලාගේ තත්වයටය.

ඇතුගල විසිනි.

Archive

Latest news

Related news