Saturday, April 20, 2024

රනිල් රාජපක්ෂ මැතිවරණ කොමිසම කැඳවයි; දුන් තහනම් නියෝගය කොට උඩ!

ජනාධිපති රනිල් රාජපක්ෂ  පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙවතාවක් හමුවීම නියමිත  මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය බාල්දු කිරීමක් බව දේශපාලන අංශ පවසති.

මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්‍ෂයක නායකයකු වන බැවින් රනිල් රාජපක්ෂ මැතිවරණ කොමිසම කැඳවීම වැන ක්‍රියාවක් මෙයට පෙර සිදු වී නැත.

රනිල් රාජපක්ෂ වසරේ අග භාගයේදී සහ මේ වසරේ ජනවාරි 05 වැනිදා  මැතිවරණ කොමිසමේ  සාමාජිකයන් තමා හමුවට කැඳවන ලදී. මෙම රුස්වීම් සඳහා නීතිපති සංජේ රාජරත්නම් සහභාගි වීම සහමුලින්ම නීතියේ ආධිපත්‍ය බිද දැමීමක් බවද දේශපාලන අංශ පවසති. ඔහුට මෙම රුස්වීමට සහභාගිවීමට කිසිදු අවශ්‍යතාවයක් තිබී නැත.

ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැඩි ලෙස බෙදී ඇති බවට ජනාධිපති රනිල් රාජපක්ෂ  නාවලදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

එසේ නමුත් මැතිවරණ කොමිසමෙහි කිසිදු බෙදීමක් නැති මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන්  එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට අදාළව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති ගැසට් නිවේදනය  මැතිවරණ කොමිසමේ ඒකමතික තීරණයකි.

මැතිවරණ කොමිසමට දැවැන්ත රජයේ පීඩනයක් එල්ල වී ඇති බවට දේශපාලන අංශ චෝදනා කලේ දින කිහිපයකට පෙරය.

ඒ බව සනාථ කරමින් රනිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර ඇති පරිදි නාම යෝජනා සඳහා ඇප මුදල්  බාර නොගන්නා ලෙස, තේරීම් බාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් නිකු.ත් කරන ලද්දේ දෙ දිනකට පෙරය.

හපුහින්න ලිපිය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් දිස්ත්‍රික් ලේකම්වරුනට යවන ලද එම නියෝගය නීති විරෝධී බවත් සිය තීරණය අනුව නාම යෝජනා ඇප මුදල් බාර ගත යුතු බවත් දන්නා 09දා රැයෙහි මැතිවරණ කොමිසම හදිසි ලිපියක් යවන ලදී.

ඉන් පසු රනිල් රාජපක්ෂ පසු බැස නීල් බණ්ඩාර හපුහින්න විසින් යවන ලද තහනම් නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලදී. හපුහින්න කියා සිටියේ එම නියෝගය අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව යවන ලද්දක් බවය.

දැන් රනිල් රාජපක්ෂගේ අමාත්‍ය මණ්ඩලයම පසුබැස තිබේ.

පොහොට්ටු ජන්ද මැසිම බාරව සිටින බැසිල් රාජපක්ෂ පලාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව කියා සිටින අතර  රනිල් රාජපක්ෂගේ හෙංචයියන් වන සමන් රත්නප්‍රිය සහ වජිර අබේවර්ධන වැනි අය මෙම මැතිවරණය පැවැත්වීමට විරුද්ධත්වය දක්වා තිබේ.

සේ. පියවර්ධන

 

Archive

Latest news

Related news