Friday, April 26, 2024

රාජපක්ෂ පවුලට කඳ බැදන් කඩේ ගිය ඩග්ලස්ට 13 සංශෝධනය මතක් වෙයි.

පසුගිය කාලය පුරාම මෙරට විනාශ මුඛයට හෙලූ රාජපක්ෂ පවුගේ සුචච කීකරු වහලකු ලෙස කඳ බැඳන් කඩේ ගිය ඩග්ලස් දේවානන්දාට දැන් 13වන සංශෝධනය සහ බලය බෙදීම මතක් වී තිබේ.

පසුගිය දශක ගණනාව පුරා රාජපක්ෂ පවුල 13 වන සංශෝධනය සොදු පාලු කරමින් පළාත් සභා මැතිවරණය කල් දමමින් සිටියදී මීක්  නොකී දේවානන්දාට දැන් 13 වන සංශෝධනය මතක් වී ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ පෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින නිසාය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පලාත් සභා සතු සියලු බලතල පළාත් මට්ටමට බෙදා දෙන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ධීවර හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද පසුගිය 28වනදා  යාපනයේදී   පවසා තිබේ.

ඔහු ගෝඨාභය රාජපක්ෂගෙන් කිසි විටෙක එවැනි ඉල්ලීමක් කළ බව වාර්තා වී නැත. එකළ ඔහු ඇමැති තනතුරක්ද හෙබවීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ විධායක බලය යටතේ ජනාධිපතිවරයාට පවරාගෙන පවරාගත් සියලුම පළාත්වල බලතල නැවත පළාත් සභා වෙත පැවරිය යුතු බවයි.

එම බලතල පවරා ගත්තේ සිය ස්වාමිවරුන් වූ රාජපක්ෂ පවුල විසින් බව ඔහුට අමතක වී තිබේ. 13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඩග්ලස් දොවානන්දා ද වගඋත්තරකරුවෙකි.

 

Archive

Latest news

Related news