පානි විජේසිරිවර්ධන.
රටේ ආර්ථිකය නැංවීමේදී සංචාරක කර්මාන්තය ප්‍රධාන අංශයක් වන බව පවසමින් දිසානායක මෙසේ කීවේය: ‘එක්සත් ජනපදය ලංකාවට යන අයට කියනවා, එහේ බෙහෙත් නෑ, යනවනම් බෙහෙත් අරන් යන්න කියල. බෙහෙතුත් අරන් එනවද සුද්ද මෙහෙට? ජර්මනිය දාපු සම්බාධක තාම අයින් කරල නෑ. මම රූපවාහිනියෙ, සමාජ මාධ්‍යවල දැකල තියෙනව මොනවගේ විදේශිකයොද ලංකාවට එන්නෙ කියල. චූන්පාන් වෑන් එකෙන් උදේටත් බනිස්, දවල්ටත් බනිස් කන සුද්දො. ඔවුන්ගෙන් හොයන්න පුලුවන්ද ඩොලර්? ඒ නිසා ලෝකෙ ඉතාමත්ම හොඳ සංචාරක ගමනාන්තයක් නිර්මානය කරන්න ඉතාමත්ම හොඳ පසුබිමක් තියෙන රටක්…සංචාරක ව්‍යාපාරය නව දිශාවකට අපි පරිවර්තනය කරනව. ඒ ගොල්ලන්ට (වත්මන් ආන්ඩුවට) තියෙන්නෙ හිඟන සුද්දන් ගේන්න. අපිට තියෙන්නෙ ලෝකෙ රස විඳින්න පුලුවන් ඉහල සංචාරකයන් ගේන සැලැස්මක්’.
ස්වභාව සෞන්දර්යය සහ අන්‍ය සංස්කෘතීන් ‘රසවිඳීමට’ නොහැකි ‘හිඟන සුද්දන්’ ලෙස දිසානායක මෙලෙස ගර්හා කරන්නේ, සංචාරකයන් ලෙස ලංකාවට පැමිනෙන විදේශීය කම්කරුවන්ට යි. මෙවන් නින්දිත ගර්හාවන් ඔහුගේ මුවින් අහම්බෙන් ගිලිහුනා නොවේ. කලකට පෙර ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වූ ජවිපෙ ඉතා දැනුවත්ව පෙනී සිටින්නේ ධනපති රාජ්‍යයේ සහ මහධනපතියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනි. ධනපතියන් මෙන්ම, ඔවුන් මනුෂ්‍යයන් දෙස බලනුයේ, ඔවුනගෙන් කෙතරම්නම් ලාභ අත්පත් කරගත හැකිද යන දෘෂ්ටි ආස්ථානයෙන් පමනි.
මේ පිලිබඳ ඉතා වැදගත් ඓතිහාසික සාදෘශ්‍යයක්, මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමීන් දෙදෙනාගෙන් කෙනෙකු වන ෆ්‍රෙඩ්රික් එංගල්ස් ගේ කෘතියකින් උපුටා දැක්වීම වටී:
‘මම වරක් එවැනි ධනපතියකු සමඟ මැන්චෙස්ටර් වෙත දුම්රියෙන් ගමන් කලෙමි. මැන්චෙස්ටර් හි ගොඩනැගිලි ඉදිකිරීමේ අයෝග්‍ය සහ අයහපත් ක්‍රමවේදය සහ කම්කරු ජනයාගේ නිල නිවාසවල පවත්නා භයානක තත්වය ගැන ඔහු සමග කතා කල මම, මෙතරම් අයෝග්‍ය ලෙස ගොඩනඟන ලද නගරයක් මා කිසි දිනෙක දැක නැති බව ප්‍රකාශ කලෙමි. නිශ්ශබ්දව අවසානය දක්වා සවන්දුන් ඔහු, අප වෙන් වූ කෙලවරේ දී, ‘නමුත්, මෙය සුවිසල් ලෙස මුදල් උපයාගත හැකි තැනක්. ඔබතුමාට ශුභ උදෑසනක්’ යැයි පැවසීය.’ (එංගලන්තයේ කම්කරු පංතියේ තත්ත්වය, ෆ්‍රෙඩ්රික් එංගල්ස්, 1848)
කම්කරුවා මුදල් උපයා දෙන්නේ නම් ඔහු කුසගින්නේ සිටිනවාද නැද්ද යන්න ධනපතියා නොතකන බවත්, ඔහු ජීවිතයේ සියලු තත්වයන් මනිනු ලබන්නේ මුදලින් බවත්, මුදල් ගෙන නොදෙන දේ විකාර, ප්‍රායෝගික නොවන, අයථා දේ ලෙස සලකන බවත් එංගල්ස් එහිදී පෙන්වා දෙයි.
‘හිඟන සුද්දන්’ ලෙස දිසානායක ගරහන මෙම විදේශීය කම්කරුවන්, වසරක් පුරා ධනපතියන්ට කඹුරා එකතුකරගත් මුදලින්, ශීත සෘතුවේ හෝ වෙනත් කාලයක ලැබෙන නිවාඩුව තුල විදේශයන්හි සංචාරයේ යෙදීම, ඔවුනගේ සංස්කෘතික අංග ලක්ෂනයකි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආරම්භයේ සිට 1990 ගනන් වනතුරු දිවයිනට ඇදී ආ විදේශීය සංචාරකයන්ගෙන් අතිමහත් බහුතරය යුරෝපියානු කම්කරුවන් ය. පසුගාමී රටවලට සාපේක්ෂව ඉහල වැටුපක් සහ ඉහල ජීවන කොන්දේසි භුක්ති විඳි ඔවුන්ට, ලංකාව වැනි රටකට පැමින වැඩි පහසුකම් සහිත සංචාරක හෝටල්වල නවාතැන් ගැනීමේත්, සංචාරක රථ කුලියට ගෙන රටපුරා සංචාරය කිරීමේත් ආර්ථිකමය හැකියාව පැවතුනි.
නමුත්, සමස්ත ලෝකයම වෙලාගත් ධනේශ්වර ආර්ථික අර්බුදය හේතුවෙන්, සෑම රටකම උද්ධමනය දැවැන්තව ඉහලයන අතරේ, වැටුප් සහ දීමනා කප්පාදු කෙරෙන තත්වය තුල, යුරෝපය ඇතුලු දියුනු රටවල කම්කරුවන්ගේ ද ජීවන කොන්දේසි දැවැන්තව කඩාවැටී ඇත. පෙර සහ වත්මන් පරම්පරාවල විදේශීය සංචාරකයන් අතර මුදල් වියදම් කිරීමේදී දක්නට ලැබෙන සුවිසල් වෙනස පිටුපසින් පවතින්නේ මෙම වෛෂයික වර්ධනයන් ය.
දිසානායක පවසන මෙම ‘ඉහල සංචාරකයන්’ යනු, රිසිසේ වියදම් කල හැකි, ධනපතියන් සහ ඉහල මධ්‍යම පංතිකයන් ය. ඔවුන් ආකර්ශනය කර ගැනීමට වෙර දරන සුවිසල් සංචාරක හෝටල් සහ අනෙකුත් සංචාරක කර්මාන්ත හිමියන්ගේ අවශ්‍යතා නියෝජනය කරන දිසානායකට, එංගල්ස් පැවසුවාක් මෙන්, ‘මුදල් උපයා නොදෙන’ සංචාරක කම්කරුවන්ගෙන් පලක් නැත.
ධනපති සමාජයේ සියලු දෑ නිෂ්පාදනය කරන ජාත්‍යන්තර කම්කරු පංතියට අයත් විදේශීය කම්කරුවන් ‘හිඟන සුද්දන්’ ලෙස හෙලා දකින දිසානායක සහ ජවිපෙ, එම කම්කරු පංතියටම අයත් තමාට සලකනුයේ එලෙසම බව ශ්‍රී ලංකාවේ කම්කරුවන් අවබෝධ කරගත යුතුය. තම කතාව පුරා ‘රටේ ආර්ථිකය’ ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදා ප්‍රායෝගික නොවන වියුක්ත ඉලක්කයන් ගනනාවක් ඉදිරිපත් කල දිසානායක, එමගින් තරුන ජනයාගේ රැකියා ප්‍රශ්නය විසඳන බවටත් අනෙකුත් මහජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරන බවටත් ශපථ කලේය.
කෙසේ නමුත්, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත ඔහු ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩ සටහන දිසානායක මුලුමනින්ම වසන් කලේය. ඔහුගේ මෙම වංචනික ඉරියව්ව අනාවරනය කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දෙසැම්බර් 22 දා මෙසේ ලිවීය :
‘ඔක්තෝබර් 17 වැනිදා ස්වර්නවාහිනී නාලිකාවේ සාකච්ඡාවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බවයි. ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේදී “සමාජය යම් දරා ගැනීමක් කල යුතුම යි” ඔහු පැවසී ය. ඔහුගේ තර්කය වූයේ, දැවැන්ත රැකියා අහිමිවීම්, ඉහල යන උද්ධමනය සහ අති මූලික සමාජ සේවා විනාශ කිරීම සඳහා “අලුත් කන්ඩායම”, එනම් ඔහුගේ පක්ෂය, “දෙන ආදර්ශය මත ජනතාව මේක දරාගන්න ලෑස්ති” බවයි.’
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඇතුලු දිසානායකගේ ‘රටෙහි ආර්ථිකය ගොඩනැගීමේ’ පම්පෝරි යටින් පවත්නා සැබෑ න්‍යාය පත්‍රය එයයි.