Thursday, April 25, 2024

කෙහෙළිය ඖෂධ ජාවාරම් සමාගමක උකුළේ. රනිල් රාජපක්ෂ නීති-රීති කැලේ! 

සෞඛ්‍ය අමාත්‍යාංශ කොන්ත්‍රාත්තුවක් සඳහා ප්‍රවර්ධනය කරන වෛද්‍ය සැපයුම්කරුවෙකුගේ ආරාධනයකට අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, චෙන්නායි නුවරට රාත්‍රී තුනක සංචාරයක නිරත වූ බව වාර්තා වේ.

ඔහු රාත්‍රී ජීවිතයට ඇලුම් කරන බව රහසක් නොවේ.

මේ අතර ස්ථාපිත මාර්ගෝපදේශ අනුගමනය නොකර දේශීයව ලියාපදිංචි නොකළ ඉන්දියානු සමාගම් වලින් ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ මිලදී ගැනීමට යෝජනා දෙකක් ද කෙහෙළිය  ඉදිරිපත් කර තිබේ.

ඉන් එක් සමාගමක් ඔහුට චෙන්නායි නුවර රාත්‍රී තුනක සංචාරයක් ලබා දුන් එකයි.

මෙය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවහොත්, තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලිය මග හරිමින් හිතවාදී ආයතනවලින් වෛද්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ අමාත්‍යවරයාට පුළුල් අභිමතය පරිදි ඉඩ ලබා දෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

Savorite Pharmaceuticals (Pvt) Ltd නම් එක් තෝරා ගත් සමාගමකින් තරඟකාරී ටෙන්ඩරයකින් තොරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩලය මේ වන විට අනුමැතිය ලබා දී ඇති අතර, දෙවන ආයතනයක් වන Kausikh Therapeutics (P) Ltd  සමාගමට ආණ්ඩුව අයැදුම් නොකළ යෝජනාවක් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ටෙන්ඩර් පරිපාටියෙන් තොරව මිල දී ගැනීම් යනු කොමිස් ලබා ගැනීමේ ක්‍රමවේදයයි.

මෙම කිසිදු සමාගමක් දේශීය නියාමක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී නොමැත. තවද ඔවුන්ගෙන් ඇණවුම් කරන්නට යන ඖෂධ කිසිවක් NMRA විසින් එහි නමට ලියාපදිංචි කර නොමැත.

එමෙන්ම Savorite වෙතින් ඇණවුම් කරන ලද අවශ්‍ය එක් එක් නිෂ්පාදන සඳහා වලංගු NMRA ලියාපදිංචිය ඇති බලයලත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු දැනටමත් සිටී.

රනිල් රාජපක්ෂගේ දූෂණයෙන් තොර විනිවිද පෙනෙන පාලනය යනු රාජපක්ෂ ගජ මිතුරන්නට සිත්සේ ගසා කෑමට ඉඩ දෙන ව්‍යාජ කඩතුරාවක් බව මෙමගින් යළි පැහැදිළි වේ. මෙයට පෙර ජපාන සමාගමකින් කොමිස් ඉල්ලූ බවට වාර්තා වූ නිමල් සිරිපාල සිල්වාට ප්‍රවාහණ ඇමැතිකම ලබා දුන්නේ ද රනිල් රාජපක්ෂය.

 

Archive

Latest news

Related news