Friday, March 29, 2024

දෙමළ ජාතික සන්ධානයට සීනිබෝල කවන රනිල් රාජපක්ෂ ජිනිවා යෝජනාවට තවත් බාල්දියක් පෙරළයි!

රනිල් රාජපක්ෂගේ ජනපතිධූරය දීර්ඝ කර ගැනීමේ උපායක් ලෙස දෙමළ ජාතික සන්ධානය සුරතල් කරන අතරේ ම රනිල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය විසින්ම සහාය දක්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ 51/1 දරන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට යළිත් වතාවක් විරුද්ධ වී තිබේ.

ඒ පසුගිය සතියෙහි (දෙසැම්බර් 14) පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පස්වැනි කමිටුවෙහි දී ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ විවිධ ක්‍රියාකාරකම් සඳහා මුදල් අනුමත කරන්නේ එම පස්වැනි කමිටුවෙනි.

හාස්‍ය ජනක නමුත් භයානක ලෙස මෙම කමිටුව හමුවෙහි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයා වූයේ 2015 යහපාලන ආණ්ඩුව විසින් පළවා හරින ලද රාජපක්ෂවාදී. ගෝටාගේ නියෝජිතයා වූ මොහාන් පීරිස්ය.

අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත් වන බවට ටොන් පචයක් අත හැරියේද ඔහුය. මේ අවස්ථාවේදී ද ඔහු රනිල් රාජපක්ෂ නියෝජනය කරමින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ජාවේදී අන්තර් ජාතික ප්‍රජාව හමුවේ අත හැරියේ තව් ටොන් පචයකි.

ඔහු මෙසේ කීවේය: අදාළ රට එනම් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද යෝජනාවක් ක්‍රියාත්මක කිරීම, කවුන්සිලයේ භේදකාරී සහ දේශපාලන ස්වභාවය පෙන්නුම් කිරීමයි. තවද මෙය නිසි දේශීය ක්‍රියා පටිපාටි මගින් දැනටමත් කර ගෙන යන කාර්යය අනුපිටපත් කිරීම සඳහා සීමිත එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයෙන් සම්පත් අනුමත කිරීමට ඉල්ලා සිටීමකි.”

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මගින් ඉල්ලා සිටින ලද යුද්ධ කාලීන සහ ඉන් පසු මෙරට සිදු වූ බරපතල මානව හිමිකම් කෙලෙසීම් ස්වාධීන යන්ත්‍රණයක් අද මෙරට නැත. මොහාන් පීරිස් කීවේ එවැනි යන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වන බවයි!.

එය නීච බොරුවකි. යුක්තිය ඉල්ලා සිටින මෙරට දෙමළ ජනයාට කවන ලද නිග්‍රහයකි.

දැන් රනිල් රාජපක්ෂගෙන් දෙමළ ජනයාගේ ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෝ 51/1 දරන යෝජනාව සම්මත කිරීමට ජිනීවා නුවරට පැමිණ විවිධ තානාපතිවරු හමු වූහ. එපමණක් නොව යෝජනාව පිළිබඳ පැවැති නොනිල සාකච්ජාවේදී කතා කරමින් එම යෝජනාවෙහි අශ්‍යතාවය ප්‍රසිද්ධයේම තහවුරු කළහ.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව යෝජනාවට විරුද්ධ වී එය පරාජය කරන ලෙස ඉල්ලා සිටින ලද නමුත් ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි.

රනිල් රාජපක්ෂ මෙයට පෙර ලිපියකින් ශ්‍රී ලංකා බීෆ් පෙන්වා දුන් පරිදි රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම ගෝටාගේ සැලැස්ම මිස වෙනකක් නොවේ.

බොරු කාර මොහාන් පීරීස් යළි වතාවක් පසුගිය 14වනදා පෙන්නුම් කරන ලද්දේ ද එයම යි.

සුනන්ද දේශප්‍රිය.

Archive

Latest news

Related news