Friday, March 29, 2024

කරු ජයසූරිය සහ අයිවන් ප්‍රාදේශීය සභා වෙනුවට ගෙන ආ ජන සභා කැබිනට්ටුව විසිකරයි!

පසුගියදා අමාත්‍ය මංඩල රැස්වීමකට සහභාගි වූ කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් ප්‍රාදෙශීය සභා වෙනුවට ජන සභා යෝජනා කළ බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම යෝජනාව අනුව පලාත් පාලන ඡන්දය නොපැවැත්විය යුතුව තිබූ බව පැවසේ.

එම පුවත එම දෙදෙනාගෙන් කවරකු හෝ ප්‍රතික්ෂේප කර නැත.

මෙම රුස්වීඹ පවත්වා මාසයක් ගත වී ඇතත් ඊට පිළිගැනීමත් ඇමැති මණ්ඩලය තැළ ඇතිවී නැත.

එම අවස්ථාවෙහි දී ජාතික ජන සභා කාර්යාලයක් පිහිටුවීමට තීරණය කරන ලද නමුත් තවම එවැනි කාර්යාලයක් පිහිටුවා නැත. ජන සභා ව්‍යාපෘතිය බාර දුනු බවට වාර්තා වූ ජෙනරල් කීර්ති තෙන්නකෝන්ද ඒ ගැන කිසිවක් කතා කර නැත.

වික්ටර් අයිවන් විසින් බැසිල් රාජපක්ෂට බාර දුන් ලියැවිල්ලට කරු ජයසූරිය සම්බන්ධ නැති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. එම ලියැවිල්ල ප්‍රසිද්ධ කර නැත.

ඒ මෙසේය:

First to the challenge before President Wickremesinghe. He declared earlier that the government plans to set up Jana Sabhas or People’s Councils. Two prime movers of this project are former Speaker Karu Jayasuriya, now head of the National Movement for Social Justice (NMSJ), and Victor Ivan, a onetime Janatha Vimukthi Peramuna (JVP) activist and later Editor of the Ravaya newspaper. They were invited to address the Cabinet of Ministers at a regular weekly meeting on the merits of these new bodies which were meant to replace local councils. Legislation to set up the proposed new councils was to be modelled taking into consideration the Sabhas existent in India. Since then, however, the move has not gained much traction.

“වික්‍රමසිංහ ජනාධිපති ඉදිරියේ ඇති  අභියෝගයක් තිබේ. ජන සභා හෝ මහජන සභා පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛයන් දෙදෙනකු වන්නේ දැන් සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ (NMSJ) ප්‍රධානියා  හිටපු කථානායක කරූ ජයසූරිය සහ  කලෙක ජනතා විමුක්ති පෙරමුණේ  ක්‍රියාකාරිකයෙකු වූ සහ පසුව රාවය පුවත්පතේ කර්තෘ වූ වික්ටර් අයිවන් ය. ප්‍රාදේශීය සභා වෙනුවට ආදේශ  කිරීමට නියමිත මෙම නව ආයතනවල කුසලතා පිළිබඳව සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය ඇමතීමට ඔවුන් දෙදෙනාට ආරාධනා කරන ලදී. යෝජිත නව සභා පිහිටුවීම සඳහා නීති සම්පාදනය කිරීම, ඉන්දියාවේ පවතින සභා ආකෘතිය සැලකිල්ලට ගනිමින් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, එතැන් සිට, මෙම පියවර එතරම් ආකර්ෂණයක් ලබා ගෙන නැත.”

එම වාර්තාව තවදුරටත් කියන්නේ ජනාධිපති වික්‍රමසිංහ ඉක්මන් ප්‍රාදේශීය සභා මැතිවරණයකට කැමැත්තක් නොදක්වන බවයි. පැවසේ. මැතිවරණයකට  පෙර දැනට පවතින ආර්ථික අර්බුදය ජයගත යුතු බව වික්‍රමසිංහ කලුපනා කරයි. ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් ආණ්ඩු පක්ෂය තුළ ගැඹුරු බෙදීම් ඇති විය හැකි බවට ඔහු බියෙන් පසුවන බවද එම වාර්තාව දක්වයි. ආක්‍රමණශීලී ආර්ථික ප්‍රකෘතිමත් වැඩ පිළිවෙළකින් පසු  ජනවරමක් ලබා ගැනීම වික්‍රමසිංහගේ ආසාවය.

මේ අතර උග්‍ර වික්‍රමසිංහවාදියකු බවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂගේ නීතීඥ අලි සබ්රි ආණ්ඩුවේ ඔබ්සෝවර් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ වික්‍රමසිංහ තවත් බොහෝ කලක් ජනාධිපතිධූරයේ රැදී සිටිය යුතු බවත් එබැවින් පලාත් පාලන ඡන්දය පැවැත්වීම අනවශ්‍ය බවත්ය.

පලාත් පාලන මැතිවරණයකදී වික්‍රමසිංහගේ එජාපය සහ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුව එක්ව තරඟ කළ හොත් යූඇන්පී අපේක්ෂකයින්ට වඩා මනාප ලබා ගැනීමට පෙහොට්ටු අපේක්ෂකයින් සමත් වනු ඇති බවත් එමගින් යූඇන්පී අපේක්ෂකයින් නන්නත්තාර වනු ඇති බවටත් මතයක් පැතිර තිබේ. පොහොට්ටුව එය සංවිධානාත්මකව කිරීමේ හැකියාව තිබේ. යූඇන්පී අපේෂකයින්ට පොහොට්ටුවාදීන් ඡන්දය දෙනු ඇතයි සිතීම දුෂ්කරය.

මේ අතර පලාත් පාලන මැතිවරණය පවත්වන සේ  ඉල්ලා විපාක්ෂික දේශපාලන පක්ෂ අධිකරණයට ගොස් ඇතත් ජනතා විමුක්ති පෙරමුණ, පොහොට්ටුව සහ යූඇන්පිය එවැනි ඉල්ලීමක් කර නැත.

දෙසැම්බර් අග සතියේ නාම යෝජනා කැදවන බවට මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා කියා ඇත්තේ  කල් නෙැදැමවහොත් යන කොන්දේසිය යටතේය.

පාර්ලිමේන්තුවෙහි සරල බහුතර ඡන්දයකින් පලාත් පාලන මැතිවරණය කල් දැමිය හැකිය. ඒ සඳහා පනතක් ඉදිරිපත් කර, එය අධිකරණය හමුවෙහි අභියෝග කිරීමට කල් දිය යුතුය. සාමන්‍ය තත්වය යටතේ විධායක නියෝගයක් මගින් රය කල් දැමීමට නොහැකිය.

මැතිවරණ දින ගැසට් කිරීමෙන් පසු එය එලෙස කල් දැමිය නොහැකිය.

එබැවින් ඉදිරි සතිය පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මකය.

Archive

Latest news

Related news