Thursday, April 25, 2024

ගජයින්ට පමණක් දෙන, රනිල් රාජපක්ෂ අවනීතිය පරදා බහුජන මානව හිමිකම් දින සමුළුව අද!

සෑම වසරකම දෙසැම්බර් 10 වන දිනට යෙදෙන ජගත් මානව හිමිකම් දිනයේ මෙවර තේමාව වන ” සැමට අභිමානය, නිදහස සහ යුක්තිය” යන්න  රනිල් රාජපක්ෂ පාලනය කුණු කුඩයට විසි කර තිබේ.

ඒ සිය අනුගාමික රාජ්‍ය නොවන සංවිධානයකට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ලබා දෙමින්  රනිල් රාජපක්ෂ විරෝධී වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවට එහි දොර වැසීම මගිනි.

රනිල් රාජපක්ෂ අනුගාමික රාජ්‍ය නොවන සංවිධාන වන්නේ නිමල්කා ප්‍රනාන්දුගේ ඉමඩර් නම් සංවිධානයත් පිලිප් දිසානායකගේ රයිට් ටු ලයිෆ් නම් සංවිධානයත් ය. නිමල්කා ප්‍රනාන්දු, ප්‍රසිද්ධියේම ගෝඨාභය පළවා හැරීමට විරුද්ධව සහ රනිල් රාපක්ෂයට පක්ෂව කටයුතු කරයි.

දේශපාලන වශයෙන් නව ලිබරල් අදහස් දරන පිලිප් දිසානායක, රනිල් රාජපක්ෂ රජයට පක්ෂ කණ්ඩායමකට නායකත්වය දෙයි.

මෙම සංවිධාන දෙක විසින් පක්ෂ දේශපාලඥයින්ද යොදා ගනිමින් පවත්වන රැස්වීමට  ඉඩ දෙමින් රනිල් රාජපක්ෂ පාලනය ලංකා ගුරු සංගමය  ඇතුළු  සංවිධාන ගණනාවක් විසින් කිසිදු දේශපාලන පක්ෂ කථිකයකු නැතිව පවත්වන රැස්වීම තහනම් කර තිබේ.

එසේ කර  ඇත්තේ මුදල් ගෙවා ශාලාව වෙන් කර ගෙන ප්‍රචාරක කටයුතු ද කර ගෙන යමින් තිබියදී ය. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ “අරගලය නියතයකි” යනුවෙන් එහි ප්‍රචාරක දැන්වීමක වූ වැකියයි.

ඉන් පසු ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය සහ අපේ ගම යන ස්ථාන ද ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

එහි ප්‍රධාන කථිකයින් දෙදෙනා වන්නේ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රමය.

එම රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට දැන් කටයුතු යොදා තිබේ. එය උදෑසන 10.00ට ආරම්භ වනු ඇත.

පක්ෂ දේශපාලනඥයින් සහභාගි වන නිමල්කා ප්‍රනාන්දු සහ පිලිප් දිසානායකගේ රැස්වීමේ දැන්වීම පහත පළවේ.

 

Archive

Latest news

Related news