Friday, April 26, 2024

සන්ධ්‍යා එක්නැලිගොඩ: 2022 දිදුලන සහ බලගතු කාන්තාවන් 100 දෙනාගෙන් එක් අයෙක්!

සන්ධ්‍යා එක්නැලිගොඩ බ්‍රිතාන්‍ය විද්‍යුත් විකාශන සේවය  ( බී,බී.සී) විසින් තෝරන ලද “2022 සඳහා ලොව පුරා සිටින වඩාත් ප්‍රබෝධමත් සහ බලගතු කාන්තාවන්” 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින බව අද නිවේදනය කරන ලදී.

එම වාර්තාවෙහි සංස්කරණය කළ සිංහල පරිවර්ථනයක් පහත පළ වේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ, ශ්‍රී ලංකාව.
මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මව්වරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරයි. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේදී අතුරුදහන් විය. ඔහු රජයේ ප්‍රබල විවේචකයෙකු වූ අතර දෙමළ කොටි බෙදුම්වාදීන්ට සිදුවූ බව කියන අපයෝජනයන් විමර්ශනය කළේය.

ඔහු අතුරුදහන් වූ දා සිට දෙදරු මවක් වන ඇය යුක්තිය පතා ඇත. තම සැමියා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතු බවට ඇය චෝදනා කරයි.

Archive

Latest news

Related news