Wednesday, April 17, 2024

සිර ගෙදරදී තමන් නිරුවත් කර පරීක්ෂා කළ බවට තිලිනි පියමාලි චෝදනා කරයි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලි නීතීඥයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරමින්  සිරකරුවන් සඳහා වන පටිපාටිය උල්ලංඝනය කරමින් බන්ධනාගාරය තුළදී තමන්ව නිරුවත් කර සෝදිසි කළ බවට චෝදනා කර තිබේ.

එම ක්‍රියාවලියේදී ඇයගේ රහස්‍ය කොටස්වලට තුවාල සිදු වී ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා කියා සිටියේ එවැනි කරුණු සම්බන්ධයෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවයි.

“ඇයට බන්ධනාගාරය තුළ විෂම ලෙස සළකා තිබෙනවා. මෙම ඊනියා සෝදිසි කිරීම්වලින් පසු ඇයගේ රහස්‍ය කොටස්වලට සිදු වූ තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමට සිදු වුණා. මෙය ඇගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්,” යැයි නීතිඥවරයා ඉංග්‍රිසි පුවත් පතකට පවසා තිබේ.

Archive

Latest news

Related news