Tuesday, April 16, 2024

“විදේශිකයකු ඇමතිවරිියක ලෙස සේවය කිරීම පුදුම සහගතයි” – ඩයනා ගමගේ නඩුවේ පැමිණිල්ල

ඩයනා ගමගේගේ පුරවැසිභාවය විභාග කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ සියලුම ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ ආගමන විගමන පාලක ජනරාල්වරයාට විධිමත් නොතීසි නිකුත් කළේය.

ඒ, ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බැවින් ඇය තේරී පත් විය නොහැකි බවට ක්වෝ වරෙන්ටෝ ආඥාවක් ගොනු කිරීමෙන් පසුවය. ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ අමාත්‍යවරයෙකු ලෙස නීතිවිරෝධී විදේශිකයෙකු ක්‍රියාත්මක වන බවයි. මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ බවත් අද වන විට ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බවත් ඔහු පැවසීය.

ආගමන විගමන පාලකවරයා ද ඒ බව සඳහන් කර ඇති බව ඔහු අධිකරණයට පැවසීය. ගමගේ 2015 වසරේ නේවාසික වීසා මත සිටි බවත් ඇය මෙරට කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බවත් ඔහු පැවසීය.

පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට ඇතුළු වී මෙතරම් කාලයක් නීති විරෝධී ලෙස අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හැකි බවට මෙම හෙළිදරව් කිරීම් විස්මය දනවන කරුණක් බවද ඔහු කියා සිටියා.

නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ අධිකරණය ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට ද නියම කළේය.

නිෂිකා ෆොන්සේකා සමඟ නීතිඥ හෆීල් ෆාරිස් සහ ගයේන් දර්ශන මහතාගේ උපදෙස් මත නීතිඥ සංජීව කොඩිව්තුවක්කු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරංග විමලසේන මහතා නීතිපතිවරයා ඇතුළු බලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේය. සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ බුඩ්වින් සිරිවර්ධන සමඟ ෆාමන් කැසිම් පෙනී සිටියේය .

නඩුව 2022 දෙසැම්බර් 12 වැනි දින කැඳවීමට නියමිතය.

( ඩේලි ඒෆ් ටී ඇසුරිනි)

Archive

Latest news

Related news