Thursday, March 28, 2024

පොලිස් ප්‍රචණ්ඩත්වය ක්‍රෑර සහ අවමන් සහගත මට්ටමක; රජය භාරගත යුතුය – කාන්තාව හා මාධ්‍ය සාමූහිකය

පොලිසියේ ප්‍රචණ්ඩත්වය සහ එහි හානිකර ප්‍රතිඵලවලින් මිදීමට පොලිසිය සතු නිදහසට අප්‍රසාදය පළ කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රකාශය

කිසිසේත් ම අනුමත කළ නොහැකි ක්‍රෑර සහ අවමන් සහගත මට්ටමකට පැමිණ ඇති පොලිසියේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය අතිශයින් කම්පනයට පත්ව සිටින අතර, ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වමින් එය නුසුදුසු බව තරයේ ප්‍රකාශ කරයි. මෙය ඉහළම මට්ටමින් වහාම හා ඵලදායී ලෙස විසඳිය යුතුය. පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීම, සාමය සහතික කිරීම සහ සිය¨ පුරවැසියන්ගේ ආරක්ෂාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් සේවාවකි. ඒ වෙනුවට, එය කාන්තාවන් සහ ළමුන් ඇතුළු ඔවුන්ගේ නීත්‍යානුක+ල අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින දණ්ඩමුක්තිය සහිත බලවේගයක් බවට පත්ව ඇත.

2022 නොවැම්බර් මාසය තුළ දී මහජන අවධානයට ලක් වූ බිහිසුණු වූ සිදුවීම් තුනක් අපි ඉස්මතු කර පෙන්වන අතර පොලිසිය, නීතිය ක්‍රියාත්මක කිරීම සහ පොලිසියේ ආයතනවල හදිසි ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නෙමු.

පළමු සිදුවීම හොරණ මිල්ලනිය ප්‍රාථමික විද්‍යාලයේ 10 හැවිරිදි 5 ශේ‚යේ සිසුන් පිරිසකට ශාරීරික ද~ුවම් පැමිණවීම සහ පසුව විදුලි සැර වැදීම් ඇතුළු පොලිස් පහරදීම් සහ වධහිංසා පැමිණවීම

පළමු සිදුවීම හොරණ මිල්ලනිය ප්‍රාථමික විද්‍යාලයේ 10 හැවිරිදි 5 ශේ‚යේ සිසුන් පිරිසකට ශාරීරික ද~ුවම් පැමිණවීම සහ පසුව විදුලි සැර වැදීම් ඇතුළු පොලිස් පහරදීම් සහ වධහිංසා පැමිණවීම (දැනට මෙය ළමාරක්ෂක අධිකාරිය මගින් විමර්ශනය යටතේ පවතී) සම්බන්ධ වේ. දෙවැනි සිද්ධිය කළුතර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් පොලිස් නිලධාරිණියන් දෙදෙනකුව තෙරපීම හා තල්¨ කිරීම යි. මෙය වීඩියෝ දර්ශනවලින් ද සනාථ වේ. තෙවැනි සිද්ධිය කළුතරදී පොලිසිය විසින් සාමකාමී පා ගමනක් නීති විරෝධී ලෙස නතර කිරීම හා කළුතර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් විරෝධතාවයකට එක් වූ කාන්තාවකට අඩන්තේට්ටම් කිරීම (දැනට මෙම සිද්ධිය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලැබේ)

පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය දැන් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය දෙයක් වී ඇති අතර මෙම සිද්ධීන් මගින් පෙන්නුම් කරන පරිදි එහි අරමුණු සහ අභිප්‍රායන් සාමාන්‍යකරණය වී ඇත. ඉහත සඳහන් කළ ප්‍රචණ්ඩ ක්‍රියා, දණ්ඩ මුක්තිය සහ හිමිකම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන මරණය දක්වා පුළුල් ලෙස වාර්තා වී ඇති පුරවැසියන්ගේ අයිතීන් පොලිස් උල්ලංඝනය කිරීම් සමූහයේ කොටසකි. විශේෂයෙන් ම වින්දිතයින් ලිංගික ශ්‍රමිකයන්, සංක්‍රාන්ති පුද්ගලයින්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සහ දේශපාලන විරුද්ධ මත අත්අඩංගුවට ගත් අය වන විට එය සාමාන්‍ය දෙයකි.

තම භාරයේ සිටින සිසු සිසුවියන්ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතබව ආරක්ෂා කළ යුතු විදුහල්පතිනියක විසින් හොරණ ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් සිසුන් පොලිසියට භාරදීමේ සිද්ධිය ඉතා අමිහිරි නිදර්ශනයකි.

අද පොලිස් සේවය ප්‍රචණ්ඩත්වයේ සහ දණ්ඩමුක්තියේ සංස්කෘතියක ගිලී ඇති අතර එය බලය භාවිතා කිරීම, අමානුෂික හා අවමන් සහගත සැලකීම සහ බිය ඇති කිරීමට, කීකරුකම බලාත්මක කිරීමට සහ බලය පවත්වා ගැනීමට වධහිංසා පැමිණවීම මත රඳා පවතී. එය කුරිරු නීති, ව්‍යුහයන් සහ භාවිතයන් සමාජ පිළිගැනීමක් කරන බැවින් පොලිස් බලකාය තුළ එවැනි ප්‍රචණ්ඩත්වය පද්ධතිමය පිළිගැනීම, සාමාන්‍යකරණය සහ අනුමත කිරීම ද පිළිබිඹු කරයි. තම භාරයේ සිටින සිසු සිසුවියන්ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතබව ආරක්ෂා කළ යුතු විදුහල්පතිනියක විසින් හොරණ ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් සිසුන් පොලිසියට භාරදීමේ සිද්ධිය ඉතා අමිහිරි නිදර්ශනයකි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් පොලිස් නිලධාරීයන්ට අතවර කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැට‍ළුවක් පොලිස් නිලධාරියන් හට නොතිබූ බවට පසුව පළ වූ වාර්තාව විශ්වසනීයත්වයෙන් තොර වන අතර එය පොලිස් බලකාය තුළ දී කාන්තාවන් මුහුණ දෙන අභ්‍යන්තර අරගල පිළිබඳ පැහැදිලි ඇඟවීමකි

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විසින් පොලිස් නිලධාරි‚යන්හට පොලිස් බලකාය තුළ ගැබ්ව ඇති ස්ත්‍රී විරෝධීකම ප්‍රදර්ශනය කරමින් පහත්කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙළා දකිමු. පොලිස් නිලධාරි‚යන් සිය රාජකාරිය ඉටු කරමින් සිටි අතර පීතෘමූලික බලය සහ බියවැද්දීම් බිහිසුණු ලෙස ප්‍රදර්ශනය කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි අතර, පොලිස්පතිවරයාව වගවීමෙන් බැඳ තැබිය යුතු සේවා ස්ථානයේ හිරිහැරද අන්තර්ගත ආරක්ෂිත සහ සුරක්ෂිත සේවා පරිසරයකට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් පොලිස් නිළධාරී‚යන්ට අතවර කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පොලිස් නිලධාරියන්හට නොතිබූ බවට පසුව පළ වූ වාර්තාව විශ්වසනීයත්වයෙන් තොර වන අතර එය පොලිස් බලකාය තුළ දී කාන්තාවන් මුහුණ දෙන අභ්‍යන්තර අරගල පිළිබඳ පැහැදිලි ඇඟවීමකි. පොලිස් නිලධාරි‚යන් ප්‍රසිද්ධියේ බිය ගැන්වීම මගින් පොලිස් බලකාය තුළ ක්‍රමානුක+ලව වෙනස් කොට සැලකීමේ සහ එහි නිලයන් තුළ කාන්තාවන් පහත්කොට සැලකීමේ බරපතල සහ පැතිරී ඇති ප්‍රවණතාවක් පිළිබිඹු කරනු ලබයි. පොලිසිය තුළ සේවය කරන කාන්තාවන්ට නීතිය ක්‍රියාත්මක කරන පරිසරය හානිකර තත්ත්වයක් බවට පත් කරන පොලිස් සංස්කෘතියේ අයහපත් පැතිකඩ අපි හෙළා දකින්නෙමු. එහි සේවා පරිසරය තුළ පොලිස් භාවිතාවන් පිළිබඳව විගණනයක් ද කඩිනමින් අවශ්‍ය වන අතර පොලිස් නිලධාරි‚යන් සඳහා ආරක්ෂිත සහ සුරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා මෙම සිද්ධියෙන් ඇති වූ කෝපය ප්‍රයෝජනයට ගත යුතුය.

සාමකාමී විරෝධතා දැක්වීම සහ විසම්මුතිය බිඳ දැමීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලය යෙදවීම පිළිබඳව අපි දැඩි ලෙස කෝපයට පත් වන අතර එය අවිවාදයෙන්ම හෙළා දකින්නෙමු. මෙය නීතියේ සමාන ආරක්ෂාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ සහ සමාගමයේ නිදහස සඳහා ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

අධික ලෙස බලය යෙදවීම, අත්අඩංගුවට ගැනීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට අවමන් කිරීම සහ අමානුෂික ලෙස සැලකීමේ මෙම අඛණ්ඩ රටාව අවසන් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීම්, පුද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් නිදහස පුද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජයට ඇති බැඳීම්වලට රජය ගරු කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. මෙම සිද්ධීන් හමුවේ 2022 ජනවාරි මාසයේ සිට ජාතික පොලිස් කොමිසමට පොලිසියට එරෙහිව පැමි‚ලි 1200ක් පමණ ලැබී ඇති බව භැඅි 1ිඑ වාර්තා කර ඇති බව අපි මෙහි සටහන් කරන්නෙමු.

මෙම පිළිකුල් සහගත ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකරනු ලබන කඩිනම් පරීක්ෂණ අපි සාදරයෙන් පිළිගන්නා අතරම, මෙම ප්‍රචණ්ඩත්වය හුදු පොලිස් බලඇ‚ය තුළ පුද්ගලයන්ගේ හැසිරීම්වලට පමණක් සම්බන්ධ නොවන බව පමණක් නොව, දණ්ඩ මුක්තිය, සාපරාධීත්වය, අමානුෂිකත්වය සහ පොලිසිය දේශපාලනීකරණය කිරීම සම්බන්ධ පද්ධතිමය ගැටළුවල බරපතළකම පිළිබිඹු කිරීමක් බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ආයතනික සහ පුද්ගලික වගවීම සහතික කිරීමේ වගකීම රජය භාරගත යුතුය. එසේ කිරීමට අපොහොසත් වීමෙන් සිදු වී ඇත්තේ පවතින දණ්ඩමුක්ති සංස්කෘතිය දිගටම පවත්වාගෙන යාම පමණක් වන අතර, වහාම ආමන්ත්‍රණය කළ යුතු එවැනි උල්ලංඝනයන් සඳහා පිළිගත නොහැකි රාජ්‍ය මැදිහත් වීමක් පෙන්නුම් කරයි.

ජනතාවගේ අරගලය ප්‍රචණ්ඩත්වය සහ දණ්ඩමුක්තිය මුල් බැසගත් සංස්කෘතියට එරෙහිව වූ විරෝධතාවයක් වූ අතර එය ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ සිය¨ මානව හිමිකම් සුරැකීමේ අභිලාෂයන් මත පදනම් විය. සාමකාමී විරෝධතා සහ විසම්මුතිය අඛණ්ඩව යටපත් කිරීම මගින් ජනතාවගේ ආත්මය සහ ප්‍රජාතන්ත්‍රවාදී හ~ නිශ්ශබ්ද කරන්නේ නැත. අපි මෙම නින්දා සහගත සිදුවීම් සඳහා වගවීම ඉල්ලා සිටින අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින බැවින් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු සහ ඉක්මන් පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. අපි පොලිස් ප්‍රචණ්ඩත්වය සහ දණ්ඩ මුක්තිය අනුමත නොකරන්නෙමු.

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය
2022 නොවැම්බර් 22
56$1 සරසවි මාවත, කොළඹ 8

Archive

Latest news

Related news