බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් ප්‍රමුඛතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දක්වන ලද අදහස්වලට සමානත්වයක් දරන බව මෑත ජනමත සමීක්ෂණයකින් පෙනී ගොස් තිබේ.
2022 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හිදී මෙම සමීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ලංකා ඔපීනියන් ට්‍රැකර් (SLOTS) නම් ජනමත විමසුම් ආයතනය විසිනි. SLOTS ප්‍රධාන විමර්ශකයා වන්නේ ආචාර්ය රවී රන්නන්-එලිය වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා බොහෝ සමීක්ෂණ සිදු කර ඇත.
මෙම සමීක්ෂණ ප්‍රතිඵල පේ දෙන අන්දමට ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ රජය සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දීමයි. එමෙන්ම කෘෂිකර්මාන්තය රජයේ වියදම් වැඩි කිරීම සඳහා ප්‍රබල කැමැත්තක්ද එමගින් දැක්වේ.
මේ වනාහි ජ්‍යාත්න්තර මූල්‍ය අරමුදල මගින් ද දක්වා ඇති ප්‍රමුඛතා වේ. ආරක්ෂක වැය අඩු කළ යුතු බවට ද එය දක්වා ඇති නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය වියදම් ඊට ප්‍රතිවිරුද්ධව වැඩිම අරමුදල් වෙන් කර ඇත්තේ ආරක්ෂක වැය ශිර්ෂයටය.
ඊට හාත්පසින්ම වෙනස්ව, වියදම් කපා හැරිය යුතු විශයන් ලෙස මහජනතාව පොලිසිය සහ මාර්ග හදුණා ගෙන තිබේ. හමුදාව සඳහා වියදම් කපා හැරීම ප්‍රමුඛතාවයක් ලෙස සමීක්ෂණයේදී දැක් වී නැත.
සමීක්ෂණයේදී ප්‍රතිචාරකයින්ගෙන් ඉල්ලා සිටින ලද්දේ රජයේ වියදම් වැඩි කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛතා දෙක සහ වියදම් කපා හැරීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛතා දෙක හඳුනා ගන්නා ලෙසය.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 66% ක් සෞඛ්‍යය සහ 60% අධ්‍යාපනය ඔවුන්ගේ ප්‍රමුඛතා දෙක ලෙස හඳුනා ගෙන තිබේ. රජයේ වියදම් වැඩි කිරීම සඳහා ඊළඟ ඉහළම මහජන ප්‍රමුඛතා වූයේ කෘෂිකර්මාන්තය සහ ගොවිතැන 49% ක ද සහ පොහොර 15% සඳහා ක් ද වේ.
පොදු ප්‍රවාහණය සම්බන්ධයෙන් මෙම සමීක්ෂනයේදී අදහස් විමසන ලද්දේ ද යන්න දැන ගන්නට නැත.
රජයේ වියදම් කපා හැරීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛතා දෙක හඳුනා ගන්නා ලෙස ඉල්ලා සිටි විට, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 44% සහ 37% සමාන සංඛ්‍යාවක් පිළිවෙලින් පොලිසිය සහ මාර්ග හඳුනා දක්වන ලදී. කුඩා නමුත් සැලකිය යුතු සංඛ්‍යාවක් සමෘද්ධි (30%) සහ හමුදාව (20%) සඳහා වන වියදම් කපා හැරීමට අවශ්‍ය බව සඳහන් කරන ලදී.
විවිධ කණ්ඩායම් අතර ප්‍රමුඛතා බොහෝ දුරට සමාන විය. එනමුත් ශ්‍රී ලාංකිකයන්ගෙන් දුප්පත්ම තුනෙන් එක කෘෂිකර්මය (62%) සහ පොහොර (33%) වැඩි වියදම් සඳහා ප්‍රමුඛතා ලෙස හඳුනා ගත් බව පෙනෙන්නනටතිබේ.
ශ්‍රී ලංකාවේ ධනවත්ම තුනෙන් (45%) එකක් අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට වඩා වියදම් කපා හැරීම සඳහා සමෘද්ධියට ප්‍රමුඛත්වය දී ඇතැයි උපකල්පය කර තිබේ.
හමුදාව සම්බන්ධයෙන් ජනවාර්ගික කණ්ඩායම් අතර එකඟතාවයක් නොමැත. සිංහල වැඩිහිටියන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සාපේක්ෂව සිංහල නොවන වැඩිහිටියන්ගෙන් අඩක්ම වියදම් කපා හැරීමේ ප්‍රමුඛතාවයක් ලෙස හමුදාව හඳුනා ගනී.
මෙයින් පෙනී යන්නේ යුද හමුදාවන් නිසා වඩාම කරදරයට සහ විපතට පත් වන්නේ සිංහල නොවන ජනවාර්ගික පිරිස් බවයි. මෙරට හමුදාව සමස්තයක් වශයෙන් සිංහල බෞද්ධයින්ගෙන් සමන්විත වේ. ලක්ෂ තුනක පමණ වන මෙරට යුද හමුදාවන් සිංහල සමාජයේ විශාල ජන කණ්ඩායමක් ඥාතිත්වය මත නියෝජනය කරයි.
කෙසේ වෙතත්, සියලු වාර්ගික කණ්ඩායම්වල විශාල සංඛ්‍යාවක් වියදම් කපා හැරීම සඳහා පොලිසිය තෝරා ගෙන තිබේ. නීතිය සහ සාමය රැකීමේ ආයතනය විය යුතු පොලිසිය දේශපාලනඥයින්ගේ බළල් අත් බවට පත්ව අනීතික අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පමුණුවන දුෂ්ඨ ආයතනයක් බවට පත්ව තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී සාජයක පොලිසිය ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාව පමණට වඩා විශාල සහ විශාල ධනස්කන්දයක් උරා ගන්නා ආයතනයකි. ඉන් සියයට 75ක් පමණ රඳවා ඇත්තේ උතුරු නැගෙනහිරය.
( සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි)
වැඩි විස්තර සඳහා https://www.ihp.lk/news/news.html#20221125