Thursday, April 25, 2024

වසන්ත සහ සිරිධම්ම හිමි දිගටම ත්‍රස්ත පනත යටතේ රැදවීම අසාධාරණයි; ව්‍යවස්ථා විරෝධීයි – මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකා මානව හිමිකම් කකාමිෂන් සභාව විසින් 2022.10.26 දාතමින් ගරු ජනාධිපතිතුමා වෙත වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග තව දුරටත් දික් කිරීම සාධාරණ ‍ නොවන   බව දන්වන්න ලදී. ඒ අනුව කොමිෂන් සභාව මෙම රැඳවියන් සම්බන්ධ දින අවසන් වීමට නියමිත රඳවා ගැනීමේ නියෝග දික් නොවනු ඇති බව තවදුරටත් අපේක්ෂා කරයි.

ඉහත කරුණුවලට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම රඳවා ගැනීම් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සග ව්‍යවස්ථානුකූල නොවනු ඇති අතර රඳවා ගැනීම් දීර්ඝ කිරීම් ජාතයන්තර වශයෙන් රටට අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

 

Archive

Latest news

Related news