Friday, April 19, 2024

පානදුර සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්: පොලිසියේ නින්දිත හැසිරිම වැළැක්වීම ගත් පියවරද විමසයි!

ඡායාරූපය: පසුගිය 12වනදා පාන්දුර පොලිසිය විසින් සාමකාමී පා ගමනක යෙදුණූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ( ඡායරූපය ද මොර්නින් පුවත්පතිනි)

පානදුර පොලිසියේ අකටයුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තමන්ගේම පරීක්ෂණයක් පැවැත්වීමට දින නියම කර තිබේ. එහිලා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙවැනි නින්දිත හැසිරීම් සිදු නොවීමට වගබලා ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් ආරම්භ කරන ලද පියවර කුමක්ද යන්න ද දක්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා තිබේ.

පරීක්ෂණයට අදාළ සිදුවීම් දෙක වන්නේ:

අ) කළුතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රාජකාරිය අතරතුර කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු සහ කාන්තාවක තල්ලු කර දැමීම
ආ) සාමකාමී පාගමනක් නීති විරෝධී ලෙස නතර කිරීමට සහ සහභාගිවන්නන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම.

මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

18.11.22

සී ඩී වික්‍රමරත්න මහතා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

පානදුර පොලිසියේ විෂමාචාරය – මානව හිමිකම් කොමිසමේදී ස්වයංක්‍රීය පරීක්ෂණයක් (suo moto inquiry) .
පොලිසියේ විෂමාචාර සිදුවීම් දෙකක් කොමිසම විසින් විමර්ශනය කරමින් පවතී;

අ) කළුතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරන අතරතුර කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු සහ කාන්තාවක් බලයෙන් තල්ලු කර දමා දැමීම; (වීඩියෝ දර්ශන ඊට සාක්ෂි දරයි)
ආ) සාමකාමී පාගමනක් නීති විරෝධී ලෙස නතර කිරීමට සහ සහභාගිවන්නන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම.

ඉහත සිද්ධියට අදාළ තොරතුරු පහත දිවුරුම් ප්‍රකාශයක් මගින් කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිසම දැන් නියම කර ඇත.

1. 2022 නොවැම්බර් 8 වැනි දින කොමිසම හමුවේ පානදුර පොලිසියේ ප්‍රධාන පරීක්ෂක විසින් පිළිගත් පරිදි කළුතරින් ආරම්භ වූ සාමකාමී පා ගමනක් පානදුරේදී පොලිසිය විසින් නතර කරන ලදී. එම සාක්ෂිය මත පදනම්ව පහත තොරතුරු ලබා දෙන ලෙස දන්වනු ලැබේ.

අ) පාගමන සීමා කිරීමට හේතුව සහ පොලිසිය, පාගමන නැවැත්වූයේ කාගේ අණක් හෝ නියෝගයක් මතද යන්න.
ආ) සහ එම විධාන හෝ නියෝග රැගෙන ගියේ කවුරුන්ද?
ඇ) වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පොලිසිය විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගය.

2. පානදුර පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. අවශ්‍ය නියෝග ලබාදෙමින් පාගමනට සහභාගි වූවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ අවස්ථාවෙහි ඔහු රාජකාරි කඩ කළ බව කොමිසම නිරීක්ෂණය කළේය.

අ) සිද්ධිය වැලැක්වීම සඳහා අවශ්‍ය නියෝග ලබා දීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අසමත් වීමට හේතුව.

3. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙවැනි නින්දිත හැසිරීම් සිදු නොවීමට වගබලා ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් ආරම්භ කරන ලද පියවර. පසුගිය කාලයේ දක්නට ලැබුණු පරිදි පොලිසියේ නුසුදුසු හැසිරීම් මේ වන විටත් ජනතාවගේ විශ්වාසය විනාශ කර ඇති අතර ජාත්‍යන්තර වශයෙන් රටේ හොඳ ප්‍රතිරූපය සීඝ්‍රයෙන් විනාශ කරමින් තිබේ.

අ) නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ රටේ සාමය ආරක්ෂා කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පවත්වා ගැනීමට පොලිස්පතිවරයා පියවර ගන්නා ලෙස නිර්දේශ කරන්න.

2022 නොවැම්බර් 23 දින පෙ.ව. 10.30ට නියම කර ඇති පරීක්ෂනය සඳහා ඉහත දක්වා ඇති තොරතුරු අවශ්‍ය කෙරේ.
එබැවින්, 2022 නොවැම්බර් 22 හෝ ඊට පෙර මෙම තොරතුරු සපයන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ.

අත්සන් කළේ

විනිසුරු රෝහිණී මාරසිංහ
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික)
සභාපතිනිය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

(සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news