Saturday, April 20, 2024

අරගලය මැඩලීමට හමුදා එවීමට යෝජනා කළ ඉන්දීය දේශපාලනඥයා මෙරට හමුදා උත්සවයක ප්‍රධාන ආරාධිතයා කරයි!

ඡායාරූපය: අන්තවාදී ඉන්දියානු දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමී යුද හමුදා රතු පලස් මතින් කැඳවා ගෙන එන අයුරු.

පසුගිය මැයි 09දා සාමකාමී අරගලයට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඇති වූ ප්‍රති ප්‍රචණ්ඩත්වය හමුවෙහි අගමැතිකමින් පලා ගිය මහින්ද රාජපක්ෂ රැක ගැනීමට ඉන්දීය යුද හමුදා එවිය යුතු යැයි යෝජනා කළ ස්‍රබ්‍රමනියම් ස්වාමී නම් අන්තවාදී හින්දු දේශපාලනඡයා පසුගිය දා පැවැති යුද හමුදා උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් කැඳවා තිබේ.

පහත දැක්වෙන්නේ පසුගිය මැයි 10වන දින ඔහු විසින් අරගලය මර්දනය කිරීමේ අවශ්‍යතාවය නොකියා කියමින්, ශ්‍රී ලංකාවෙහි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය හමුදා එවිය යුතු බව කියමින් යවන ලද ට්වීට් පණිවිඩයයි. එහි ඔහු කියන්නේ ඉන්දියානු විරෝධී විදෙස් බලවේග පවතින ජනා වෛරය ප්‍රයෝජනයට ගනිමින් තිබෙන බවත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්ය.

ශ්‍රී ලංකාවට විදෙස් හමුදාවක් එවිය යුතු යැයි ඔහු කීවේ රාජපක්ෂ පවුල් බලය රැක ගැනීමට බව, මෙවර රාජ්‍ය අමුත්තකු ලෙස පැමිණ ගෝඨාභය සහ මහින්ද යන රාජපක්ෂ දෙබැයන්ම හමුවීමෙන්ද පෙනී යයි.

ඔහු ප්ජෙ‍රධාන අමුත්නතා ලෙස කැඳවන ලද්දේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කළ 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවයටය.

ස්වාමි ඉන්දීය ජනරජයේ හිටපු වාණිජ, නීතිය සහ අධිකරණ අමාත්‍යවරයා ද වෙයි. ඔහු භාරතීය ජනතා පක්ෂයේ අන්තවාදී පිලේ නායකයෙකි. මුස්ලිම් විරෝධී මතවාද ප්‍රචාරය කිරීමෙහිලා ඔහු කුප්‍රසිද්ධය.

මුස්ලිම් ජනයා සියයට 30කට වැඩි ජනගහණයක් සහිත ඕනෑම රටක් මහත් අනතුරකට මහුණ දෙන බව ඔහු වරක් කීවේය.

තවත් වරක් ඔහු කියා සිටියේ ඉන්දියානු මුස්ලිම්වරුන්ගේ ඡන්ද අයිතිය ඉවත් කළ යුතු බවත් එය නැවත දිය යුත්තේ තමන්ගේ මුල් හින්දු ආගමට සමබන්ධ යැයි පිළි ගන්නේ නම් පමණක් බවත්ය.

ස්වාමි රාජපක්ෂ පවුලේ දේශපාලන ඥතියෙකි.

මෙරට මුස්ලිම් ජනයා පිළිබඳව වෛර දේශපාලනයක් මුදා හැරීමෙන් බලයට පත් රාජපක්ෂ පවුල සහ සුබ්‍රමනියම් ස්වාමී අතර ඇති දේශපාලන ඡාතීත්වයේ පදනම එය වේ.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news