Saturday, April 27, 2024

ක්‍රීඩාව මගෙ ඇඟේ ලේවල; තාජුදීන්ගෙ ලේ මගේ අත්වල..!

ඡායාරූපයථ තාජුඩීන්ගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේ!

හිටපු ක්‍රීඩා අමාත්‍යකාරයෙකු වන නාමල් නාම්බාට උපහාර දැක්වීමට ක්‍රිකට් සහ නෙට්බෝල් ජයග්‍රාහී කණ්ඩායම් ගිය අවස්ථාවේ දී, ක්‍රීඩාව ඔහුගේ ලේවල ඇති බවක් නාම්බා ප්‍රකාශ කර ඇති බව සැලයි. එය සැබවින්ම ඇත්තය! නාම්බා රගර් ක්‍රීඩකයෙකු වූ අතර ඔහුගේ බාල සොහොයුරා ද එසේමය. වසීම් තාජුඩීන් සමග එක් කණ්ඩායමක සිටි ඔවුන් කදිම ක්‍රීඩකයන් බව ඇත්තය.

අපි නාම්බා හා සහෝදරයන් සමරන අත‍රේම, තාජුදීන් වෙනුවෙන් තවමත් වැළපෙන්නෙමු. වයස අවුරුදු 28 දී ඔහුට හිමි වූ ඛේදජනක මරණය අපට අමතක කළ නොහැක.

සැලසුම් කර ක්‍රියාත්මක කළ, අනතුරක් ලෙස පෙන්වා දීමට අදහස් කළ එය හුදු මරණයක් පමණක් නොවේ. එය අමානුෂික සහ කුරිරු ඝාතනයක් බව අනාවරණය විය. වරදකාරී හෘදය සාක්ෂිය තරමක කරදරයක් වුණත්, ඔහුගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේ, සතුටින් ජීවත් වෙනවා යයි අපි හිතන්නෙමු. ඔහුගේ දෙමාපියෝ සහ සහෝදර සහෝදරියෝ තවමත් අපමණ දුක් විඳිති.

අපි නැවත සැබෑ තත්වය වෙත යමු. නාමල් නාම්බා වනාහී ගම්වල මිනිසුන් පවා තමන් තරමටම ක්‍රීඩා හැකියාව ලබනවාට කැමැති ක්‍රීඩා ලෝලියෙකි. ඇත්ත වශයෙන්ම, ග්‍රාමීය පාසල් සහ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින නමුත් දුෂ්කර ප්‍රදේශවල මිල අධික උපකරණ සහිත ව්‍යායාම මධ්‍යස්ථාන ඉදිව නැත.

දැනටමත් උපකරණ පහසුකම් ඇති පිරිමි හා ගැහැණු ළමයින් ටික දෙනෙකු හැරුණු විට, සාමාන්‍ය මිනිසුන්ට ව්‍යායාම කිරීමට කාලය හෝ ශක්තිය ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඔවුන්ගේ කාලය තම කුඹුරු සහ වෙළඳාම් කටයුතුවලට සීමා වී තිබේ.

එසේම උතුරු මැද පළාතේ පුද්ගලයන් අපටත් ‘ජොගිං’ ඕනෑ යයි සිතා ධාවන පථ ඉදි කිරීම නිසා ඉපැරණි වැව බැමිවලට පවා හානි සිදු විය. සානුකම්පිත විරෝධතා නිසා එම වැඩ කටයුුතු ද පටන් ගත් තැනම ගබ්සා විය. මේවා සිද්ධ වූයේ නාමල් නාම්බා ක්‍රීඩා අමාත්‍යකාරයා ලෙස ‘සෙල්ලම්’ දැමූ කාලයේය.

රූපවාහිනී ප්‍රවෘත්ති මගින් නාම්බා මේ මෑතක කළ ප්‍රකාශය ඇසූ මගේ මිතුරෙක් එහි පද පෙරළියක් කළේය. ඔහු කී පරිදි, අපේ දේශයේ මහා නායකයාගේ උරුමක්කාරයා කිව යුත්තේ, “ක්‍රීඩාව මගේ ලේවල දුවනවා” කියා නොව, “මං ‍ලේත් එක්ක සෙල්ලම් කරනවා” කියාය!

– 2022 සැප්තැම්බර් 23 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Cassandra Cry ලියූ, ‘Sports in blood’ නම් අදහස් දැක්වීම සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29)

Archive

Latest news

Related news