Thursday, March 28, 2024

ශ්‍රී ලංකාවෙන් තවත් වාර්තාවක්: යුද්ධයක් නැතිව සාගින්න මැද ලොකුම හමුදාව සිටින රට

ශ්‍රී ලංකාවේ 247,000 ක යුධ ශක්තිය නඩත්තු කිරීම  එන්නඑන්නම දුෂ්කර වන අතර එ බව දැන් රාජපක්ෂවාදී දේශපාලකයින්ද කියන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කළ යුතු බව ( යුද හමදා බලය අඩු කිරීම, යුද කරණය ආපසු හැරවීම යනාදිය) 2012 දී සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේ යෝජනාවේ සිට මෙවර ඉදිරිපත් කැරෙන යෝජනාව දක්වාම සඳහන් වී තිබේ.

ලෝකයේ වෙනත් රටවල යුද්ධය අවසන් වූ විට යුද සෙබළු ස්වේච්ඡාවෙන් ඉවත්  වී නිදිහස් රරැකියා සොයා යයි. අමතර පිරිස්  ස්වේච්ඡා බලකායක් ලෙස වැටුප් නොමැතිව රඳවා තබා ගනී.

එසේ නමුත් යුද්ධයෙන් පසුව බලයට පත්   සියලු ආණ්ඩු ආරක්ෂ වැය ඉහළ යවමින් යුද බලය තව තවත් ඉහළ නංවන ලදී.

රාජපක්ෂ පවුල් පාලනය මෙන්ම වත්මන් රනිල් රාජපක්ෂ පාලනයද අනුගමනය කරන්නේ එම පිළිවෙතමය.

ගෝඨාභය රාජපක්ෂ යටතේ යුදකරණය මුදුන් පෙත්තටම නැගි අතර රනිල් රාජපක්ෂද රට පාලනය කිරීමට යුද හමුදා කැඳවීම දිගටම කරගෙන යයි.

පසුගිය 21දා රනිල් රාජපක්ෂ රටෙහි නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට යැයි ත්‍රිවිධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය නිල නොවන හදිසි නීතියක් පැනවීම හා සමානය. මන්ද යත් ‌නීතිය හා සාමය සුරැකීමේ පොලිස් බලතල එමගින් ත්‍රවිධ හමුදාවට ලැබෙන බැවිනි.

මෙරට ආහාර උද්ධමනය සියයට 90ක් ඉක්මවා ඇති අතර වැටුප් ගෙවීමට පවා මුදල් නැතැයි ආණ්ඩු කන් කෙඳිරි ගායි. රනිල් රාජපක්ෂ ද ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය ගැන කතා කරන්නේ නැත.

මෙරට ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව 247,000ක් බව ඔහු ද පිළිගෙන තිබේ. යුද හමුදාවන්හි ආහාර සඳහා පමණක්  රුපියල් බිලියන 100 ක් වියදම් කරන බව කියැවේ.

විවිධ රටවල් යුද හමුදා බලය පහත දැක්වේ.

Globalfirepower.com, අන්තර්ජාල ආරක්ෂක තොරතුරු ද්වාරය අනුව, ශ්‍රී ලංකාවට සමාන ජනගහනයක් සිටි ඕස්ට්‍රේලියාවේ සිටින්නේ නිත්‍ය සෙබළුන් 59,000 ක් සහ අතිරේක (reserve) සෙබළුන් 20,000 ක් වන අතර, මිලියන 17 ක ජනගහනයක් සහිත නෙදර්ලන්තයේ සිටින්නේ නිත්‍ය සෙබළුන් 35,000 ක් සහ අතිරේක (reserve) සෙබලුන් 5,000 පමණි.

මිලියන 37 ක ජනගහනයක් සිටි කැනඩාව නඩත්තු කරන්නේ නිත්‍ය සෙබළුන් 70,000 ක් සහ අතිරේක (reserve) සෙබලුන් 19,000 ක්පමණි.

2009 දී සිවිල් යුද්ධය අවසන් වූ නමුත් එතැන් සිට ශ්‍රී ලංකාව සිය හමුදාව පුළුල් කර ඇත.

ශ්‍රී ලංකාවේ බදුවලින් විශාල කොටසක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිණිස ගෙවනු ලැබේ.

රනිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මෙවර අයවැය මගින් ද  විශාලතම වැය ශීර්ෂයක් ලබා දුනනේ ආරක්ෂ අංශ වලටය.

Archive

Latest news

Related news