Thursday, April 25, 2024

හොන්ඩුරාස්හි හිටපු ජනාධිපති ආර්යාවට වංචා චෝදනා මත වසර 14ක සිර දඬුවමක්; මෙහේ සිරිලිය ගෙදර සැපෙන්!

සමාජ වැඩසටහන් සඳහා නියම කරන ලද මුදල් වංචා කිරීම සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හොන්ඩුරාස් අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති ආර්යාව වන රෝසා බොනිලාට වසර 14 ක සිර දඬුවමක් බදාදා නියම කළ බව එරට අධිකරණය ප්‍රකාශ කර තිබේ.

එනමුත් මෙරට කුප්‍රසිද්ධ සිරිලිය වංචාවට සම්බන්ධ හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට විරුද්ධවය කිසිදු නඩු විභාගයක් නොපවත්වන ලද අතර ඇය මහජන මුදලින් සැප හසු ජීවිතයක් ගත කරයි.

හිටපු ජනාධිපති පෛා්ෆිරියෝ ලොබේ Porfirio Lobo ගේ බිරිඳ වන බොනිා Bonilla, එරට රාජ්‍ය අමාත්‍යාංශයට අනුව අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පුද්ගලික ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ළමා පාසල් ගාස්තු සහ දේපල ඉදිකිරීම් සඳහා ලෙම්පිරා මිලියන 12.2 ක් (එවකට ඩොලර් 590,000 ක් පමණ වටිනා) වියදම් කර ඇත.

දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇයගේ නීතිඥයා පවසා තිබේ.

“හිටපු ජනාධිපති ආර්යාව රෝසා එලේනා බොනිලාට වසර 14 යි මාසයක සිරදඬුවමක් නියම කර ඇත්තේ අඛණ්ඩ වංචා සහ සමාජ වැඩසටහන් සඳහා නියමිත මහජන මුදල් අවභාවිත කිරීමේ අපරාධ සම්බන්ධයෙන්” යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශක කාලෝස් සිල්වා වාර්තාකරුවන්ට පැවසූ බව රොයිටර්ස් වාර්තා කරයි.

බොනිලාට මීට පෙර වසර 58 ක සිරදඬුවමක් නියම කර ඇති අතර, එය නොගැලපීම් වලින් පිරී ඇති බවට තර්ක කරමින් හොන්ඩුරාස් ශ්‍රේෂ්ඨාධිකරණය 2020 මුල් භාගයේදී එය අවලංගු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහළ අධිකරණයක් විසින් නැවත නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කරන ලද අතර, මෙම වසරේ මාර්තු මාසයේදී බොනිලා වැරදිකරු බව තීරණය කරන ලදී.

 

Archive

Latest news

Related news