Saturday, April 20, 2024

මිලියන දෙකකට වැඩි නිවාසයන්හි ජල බිල සඳහා 127.4% කින් ඉහළට

නවතම මිල ඉහළ දැමීම් අනුව, මිලියන දෙකකට වැඩි නිවාස සඳහා ජල බිල්පත් 127.4% කින් ඉහළ යනු ඇති අතර එමගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන වියදම පෙර නොවූ විරූ ලෙස ඉහළ යනු ඇත.

පසුගිය සතියේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්  විදුලි ගාස්තු පෙර නොවී විරෑ පරිදි ඉහළ නංවන ලදී.

පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද සංශෝධිත ජල ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනය සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම වැඩිවීම පාසල් සහ පූජනීය ස්ථානවලට මෙම වැඩිවීම අදාළ නොවේ.

සැප්තැම්බර් 1 වැනිදා සිට පාරිභොගිකයින්ට ජලය සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.

ජාතික ජල සම්සපාදන මණ්ඩලයට ජල සැපයුම් සබඳතා මිලියන 2.8 ක් ඇති අතර එයින් මිලියන 2.6 ක් (92%) ගෘහස්ථ පරිශීලකයින් වේ.

මණ්ඩලයේ වාර්තා පෙන්නුම් කරන්නේ මිලියන 2.6 ක පරිශීලකයින්ගෙන් 60% ක් ඒකක 15 ට අඩුවෙන් හෝ මසකට ලීටර් 15,000 කට අඩුවෙන් භාවිතා කරන බවයි.

ඒ අනුව, සාමාන්‍ය පරිශීලකයෙකු ගෙවූ රු. 310 බිල්පත මසකට රු. මසකට 395 වැඩි වී රු. 705.00 බවට පත් වේ.

ඉතා අඩුවෙන් ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයිනට වියදම ඉහළ යන්නේ මදකිනි. ඒකක 0-5 භාවිතා කරන්නන් සේවා ගාස්තුව රු. 50ක්ද , ඒකක 6-10 සිට, රු. 65ක් සහ 11-15 ඒකක, රු. 70ක් වන ලෙස ඉහළ දමා තිබේ.

කොළඹ අලංකරණ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සමෘද්ධිලාභීන්ට සහ මහල් නිවාසවල කුලී නිවැසියන්ට ඔවුන්ගේ ජල ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදු නොවන අතර, රුපියල් 50ක ඉහළ සේවා ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

ජාතික ජල සම්පාදන මණඩළයට අයවිය යුතු  රු. බිලියන 5ක් හිඟයක් ද තිබේ.

වසර ගණනාවක් තම නිල සහ පෞද්ගලික නිවාසවල බිල්පත් නොගෙවූ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් 45 දෙනෙකුගෙන් රුපියල් මිලියන 13ක්  තවමත් අය විය යුතුව තිබේ.

 

Archive

Latest news

Related news