Tuesday, April 23, 2024

මහින්ද රාජපක්ෂ පාලනය කරන දැඩි ස්වරයක් සහිත, උස මහත පුද්ගලයා කව්ද?

පසුගිය දා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සමඟ සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි දේශපාලන ලියුම්කරු සාකච්ජාවක නිරත වී සිටියදී ගෝඨාභය රාජපක්ෂ ගැන කෙරුණ කතා බහ මැදට ආ උස මහත පුද්ගලයකු එම ප්‍රශ්ණ ඇසීම නවත්වන ලෙස දැඩි ස්වරයෙන් කියා තිබේ. එලෙස කියා ඇත්තේ ඊට පෙර මහින්ද රාජපක්ෂගේ කණට කර යමක් කීමෙන් පසුය.

එම අවස්ථාවෙහි මහින්ද රාජපක්ෂගේ මුහුණේ ඉරියව් පවා වෙනස් වී තිබේ.

එම සිදුවීම වාර්තා කරන සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු විමසන්නේ මහින්ද රාජපක්ෂ තමා සමඟ කළ සාකච්ජාවට වෙනත් තැනක සිට කවරකු හෝ සවන් දී සිටියේ ද යන්නයි. මන්ද යත් ප්‍රශ්න ඇසීම නතර කරන සේ කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂ රට හැර පලා යාම ගැන තමන්ට නොකී බවත්, තමන්ගෙන් ඇසුවේ නම් පලා නොයන ලෙස තමා කියන බවත් කීමෙන් පසු නිසාය.

එම උස මහත පුද්ගලයා ආපසු ගිය පසු සාකච්ඡාව තවදුරටත් පවත්වා ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රශ්න ඇසීමට ඉඩ දී නැත.

ගෝඨාභය රාජපක්ෂ ගැන විවේචනාත්මකව කතා කර ඇති මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ ඔහු ආරම්භ කළ කාරිය අවසන් කළ යුතුව තිබූ බවයි.

මෙයින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ කවරකු ගේ හෝ පාලනය යටතේ තබා ගෙන ඉදීමක් දැයි දේශපාලන අංශ ප්‍රශ්න කරති. තවද මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සාකච්ජාවට ඒම උස මහත පුද්ගලයා සවන් දී සිට ඇති බවයි!

දැන් දේශපාලන අංශ විමසන ප්‍රශ්නය නම් මෙම උස මහත පුද්ගලයා කව්රුන් විය හැකිද  යන්නයි. ඔහු කවර හෝ මිලිටරි ප්‍රධානියෙක් විය හැකිද?

සන්ඩේ ටයිම්ස් ලියුම්කරු තබා ඇති සටහන මෙසේය: “මේ අවස්ථාවේ දී, සිවිල් ඇඳුමින් සැරසුණු උස මහත පුද්ගලයෙක් පැමිණ අප දෙදෙනගේ සංවාදයට බාධා කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ කණට යමක් මිමිණූ ඔහු, ලියුම්කරු දෙසට හැරී, අපි දැන් නවත්තමු යැයි දැඩි ස්වරයෙන් කියා සිටියේය. එයින් ඔහු ඉඟි කළේ ලියුම්කරු තවදුරටත් ප්‍රශ්න නොඇසිය යුතු බවය.

හිටපු ජනපතිවරයාගේ මුහුණේ ඉරියව් මේ බාධා කිරීමත් සමග වෙනස් වුවත් මෙම පුද්ගලයා එතැනින් නික්ම ගිය පසුව ඔහු සාමාන්‍ය පරිදි ලියුම්කරු සමග සංවාදයේ යෙදිණ. නමුත් මෙවර සංවාදය යොමුවූයේ ගෝඨාභය රාජපක්ෂට නොව වෙනත් ගැටලු දෙසටය.

කවුරුන් හෝ අප දෙදෙනගේ සංවාදයට රහසින් සවන්දෙමින් සිටියා ද?” ( ලංකාදීප)

ගෝඨාභය රාජපක්ෂ ගැන මහින්ද රාජපක්ෂ දක්වා ඇති අදහස් මෙසේය:

 

“එයා තමන් කළ යුතුව තිබුණු දෙය අවසානයක් කළ යුතුව තිබුණා. ඒත් ගෝඨාභය කියන්නේ දේශපාලකයෙක් නොවෙයි”

“ඔහු මට රටින් පළා යන බවක් කීවේ නැහැ. අනෙක ඔහු එසේ නොයා යුතුව තිබුණා”
“ඒ තීරණය ගත්තට පස්සේ මම යනවා කියා ඔහු මට කිව්වා. මම මුකුත් කිව්වේ නැහැ”

“යන්නද? එපාද? කියා මගෙන් ඔහු ඇහුවා නම්, මම කියන්නේ යන්න එපා කියලා”

“රටේ තියෙන ප්‍රශ්න වලට ගෝඨාභය රාජපක්ෂ තනිවම වගකිව යුතු නැහැ. මාත් ඇතුලුව සියලුම පැවති රජයන් ඒකට උත්තර බඳින්න වුවමනායි”

“නමුත් අවාසනාවකට, ගෝඨාභය වැඩ කළේ ඔහු විශ්වාස කළ විශේෂඥයින්ගේ උපදෙස් අනුව. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ”

“ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු ඉතාම ඉහළ පරිපාලන හැකියාවන් පෙන්නුවා. නමුත් ජනපතිවරයා ලෙස ඔහුට දැඩි පීඩනයන්ට ලක්වෙන්නට සිදුවුණා”
“මේ සියල්ලට පෙර ඔහු දැඩි මතධාරියෙක්. නමුත් ඔහු මෘදු පුද්ගලයෙක් බවට පත්වුණා”
“ඔහු කළ දේවල් එසේ නොකළ යුතුව තිබුණා”

“ඔහු දේශපාලකයෙක් නොවෙයි. තමන් ඉදිරියේ තිබුණු රාජකාරිය ඔහු නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා.”  ( ලංකාදීප)

Archive

Latest news

Related news