Thursday, April 25, 2024

රනිල් රාජපක්ෂ බයිලා: අකිලටයි, සාගලටයි,සමන්ටයි, කීර්තිටයි පඩි දෙඤ්ඤං! රජයේ  සේවකයෝ පලයව්! 2025 වෙනකම් බලං ඉදපල්ලා!! – සුනන්ද දේශප්‍රිය

ජනාධිපති පුටුව මත පශ්චාත් භාගය තැබූ දා සිට රනිල් රාජපක්ෂ මහදැන මුත්තා සිටින්නේ යළි යළි අධෝ වාත පිට කරමිනි. ගුරා හිට ගෙන හුජ්ජ කරන විට ගෝලයෝ දුව දුව හුජ්ජ කරන පරිද්දෙන් පෝලිමේ ඉස්සරහින්ම සිටින්නේ පොල් බෑ මූණා වන වජිර අබේවර්ධනයි.

වජිර අබේවර්ධනට අනුව ලෝකයේ බලගතුම රාජ්‍ය නායකයා ෂී ජින් පිං හෝ ජෝ බයිඩන් හෝ අඩුම වශයෙන් නරේන්ද්‍ර මෝඩි හෝ නොව රනිල් රාජපක්ෂය! මේවා අධෝ මුඛයෙන් හිනා යන ටොයි බයිලාය.

රනිල් රාජපක්ෂ සිය අන්තේවාසිකයකු වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත් කළේය. ඉන් පසු ඒ ජෙනරාල් ගිය සටන් බිමක් නැත. අඩුම වශයෙන් මේ ජෙනරාල්වරයා වෙනුවෙන් පමණක් මසක වියදම රුපියල් ලක්ෂය පනිනවා ඇත.

වැඩ බැරි එවුන් ගෙදර යවනවා නම් මුලින්ම යැවිය යුත්තේ මැතිවරණවලින් කුජීත ලෙස පැරදුණූ තමන් ඇතුළු අකිල, සාගල, රුවන් මෙන්ම  සමන්, කීර්ති, හල්ලොළුව, රාමනායක වැනි අනෙක්  උපදේශක රෑනය.

වෘත්තීය සමිති සඳහා ජෙනරාල්වරයෙක් පත් කර ගත්  රනිල් රාජපක්ෂ, “ද ඉකොනොමිස්ට්” නම් අන්තර් ජාතික සඟරාවට කියන්නේ මෙසේය.

“ මට වෘත්තීය සමිති වැඩක් නැහැ‍. වැදගත් වන්නේ ජනයා ය.” ( I don’t worry about unions, what matters is people)

මේ අනුව වෘත්තීය සමිති යනු  ජනයා නොවේ. ඇත්ත වශයෙන්ම නම් රනිල් රාජපක්ෂට ජනයා ද වැඩකට නැත. වැදගත් වන්නේ සිය උපදේශක තානාන්තර වලට පත් කර ගෙන ඇති ටොයි රෑනය.

“ වැඩ බැරි රජයේ සේවකයින් ගෙදර  පලයව්. මං පුලුවන් අය එක්ක කරන්නම්.” කියා රනිල් රාජපක්ෂ අනුරාධපුරයේදී කීවේ ඒ නිසාය. එවිට රාජපක්ෂ වහල්ලු අත්පුඩි තැලූහ.

වැඩ බැරි එවුන් ගෙදර යවනවා නම් මුලින්ම යැවිය යුත්තේ මැතිවරණවලින් කුජීත ලෙස පැරදුණූ තමන් ඇතුළු අකිල, සාගල, රුවන් මෙන්ම  සමන්, කීර්ති, හල්ලොළුව, රාමනායක වැනි අනෙක්  උපදේශක රෑනය.

රනිල් රාජපක්ෂ  මේ වන විට අඩුම වශයෙන් දුසිමක් තරම් උපදේශක රෑනක් පත් කර ගෙන සිටී. ලෝකය පුරාම රාජ්‍ය නායකයින් කාලගුණ විපර්‍යාස සම්බන්ධයෙන් විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥයකු පත් කර ගනිති. රනිල් රාජපක්ෂගේ  එකී විශේෂඥයා වැඩ බැරි ඥාතියකු වන රුවන් විජේවර්ධනය!

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස විශාල නම් ප්‍රජා සේවා වෙනුවෙන් යැයි ජෙනරාල් කීර්ති පත් කර ගත්තේ අහවල් කෙංගෙඩියකටද?

රනිල් රාජපක්ෂගේ උපදේශක රෑනේ වාර්ශික වියදම ලෙහෙසියෙන්ම කෝටි ගණනාවක් වනු ඇත. රාජ්‍ය මුදල් වියදම් සීමා කර ගත යුතු නම් රනිල් රාජපක්ෂ ආදර්ශයෙන් මුදල් පරෙස්සම පෙන්විය යුතුව තිබුණි. දැන් සිදු වන්නේ හරහට යන කකුළුවා කෙලින් යන ලෙස ජනයාට බණ කීමයි.

දැන් අසන්නට ලැබෙන්නේ රනිල් රාජපක්ෂගේ දේශපාලන හෙංචයියන් රෑනක් අග්‍රාණ්ඩුකාර ධූර වලටද පත් කරන්නට යන බවයි.

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස විශාල නම් ප්‍රජා සේවා වෙනුවෙන් යැයි ජෙනරාල් කීර්ති පත් කර ගත්තේ අහවල් කෙංගෙඩියකටද?

මෙරට රාජ්‍ය අංශය අනවශ්‍ය ලෙස ප්‍රසාරණය කරන ලද්දේ රනිල්  රාජපක්ෂද අයත් දේශපාලන පංතිය විසිනි. 1977 මහා මැතිවරණයේ දී එජාපයේ චිට් ලබා ගත් තරුණ තරුණියන්ට ග්‍රාම නිලධාරී සිටියදීම ‌වෙනත් තනතුරු දෙකක් නිර්මාණය කර ගම්වලට පත් කළේ රනිල් රාජපක්ෂගේ දේශපාලන අප්පොච්චා වන ජේ.ආර්. ජයර්ධනය. රාජපක්ෂ පවුලද ගෝටාද එය උපරිමයට ගෙන ගියේය.

“ද ඉකොනොමිස්ට්” සඟරාවට රනිල් රාජපක්ෂ මෙසේ ද කීවේය:

“ (ආර්ථික)වෙනස්කම් සිදු කරන විට, එය ගැඹුරටම කළ යුතුය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විකුණන්න පුළුවන්. ටෙලිකොම් විකුණන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථාවට අපි මොකද කරන්නේ කියන එක තවත් ප්‍රශ්නයක්.  සෑම දිනකම භාණ්ඩ සඳහා සහනාධාර ලබා දෙන්න බැහැ. ශ්‍රී ලංකාව 2018 ආර්ථික ​​මට්ටම් කරා නැවත පැමිණෙන්නේ  සමහර විට 2024, 2025 විතර වෙන්න පුළුවන්. අපි මුලින් හිතුවේ 2024 කියායි. නමුත් 2023 ගෝලීය වශයෙන් නරක වසරක් වනු ඇති බව පේනවා. එබැවින් එය 2024 හෝ 2025 විය හැකිය.”

රනිල් රාජපක්ෂ පුද්ගලීකරණය කළ යුතු බව කියන ශ්‍රී ලංකා ටෙලිකොම් හි පසුගිය වසරේ බදු ගෙවූ පසු ලාභය රුපියල් බිලියන 12.2 කි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ලාභය රුපියල් බිලියන 1.2 කි.  

රනිල් රාජපක්ෂ රටෙහි ආර්ථිකය යථා තත්වයට පත් කරන්නට යන්නේ 2025දීය. අප තවම ජීවත් වන්නේ 2022 මැදය!

අර මුලින් කී පොල් බෑ මූණා වන වජිර අබේවර්ධන කීවේ රනිල් රාජපක්ෂ මාස හයකින් රට ගොඩ දමන බවයි. නමුත්  රනිල් මහ දැන මුත්තා කියන්නේ තව මාස 30ක් ඒ සඳහා අවශ්‍ය බවයි.

රනිල් රාජපක්ෂ පුද්ගලීකරණය කළ යුතු බව කියන ශ්‍රී ලංකා ටෙලිකොම් හි පසුගිය වසරේ බදු ගෙවූ පසු ලාභය රුපියල් බිලියන 12.2 කි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ලාභය රුපියල් බිලියන 1.2 කි.

පුද්ගලීකරණය කළ යුත්තේ ගොඩ ගත නොහැකි තරමට දූෂිත සහ  පාඩු ලබන සහ මහජන සේවා නොවන ආයතනයන්ය. ඒ වෙනුවට මෙවැනි ලාබ ලබන ආයතන පුද්ගලීකරණය කිරීම යනු සිය ගජ මිතුරන්ට රන් බිජු දමන කිකිළියන් බාර දීමක් විය හැකිය.

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර කටයුතු යන තෙවැදෑරුම් අංශ සඳහා වාර්ෂික අයවැයෙන් වෙන් කරන්නේ සියයට 4.89 කි. එනමුත් ආරක්ෂක වැය සියයට 11.49 කි. යුද්ධාවසානයේ සිට මේ දක්වා යුද හමුදා බලය අඩු කර නැත. යුද හමුදාවන්ට අවශ්‍ය සියලු සන්නාහයන් ගෙනෙන්නේ පිට රටිනි. ඒ කිසිවකට රනිල් රාජපක්ෂ තහංචි දමා නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අනවශ්‍ය වැය කප්පාදු කළ යුතු නම් එය ආරම්භ කළ යුත්තේ මෙරට ඇති විශාලත්වය අතින් ලෝකයේ 14 වන ආරක්ෂක හමුදා කෙරෙනි.  නමුත් සිය පැවැත්ම තහවුරු කරන ආරක්ෂක අංශයට අත තැබීමට රනිල් රාජපක්ෂට කිසිසේත්ම නොහැකිය.

ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාව වනාහී බුද්ධි අංශ සෑම ක්ෂේත්‍රයකම සිසාරා ගොස් ඇති, පොලිස්-යුද රාජ්‍යකි. එය මෙහෙය වන්නේ කමල් ගුණේ, සුරේශ් සලේ සහ දේශබන්ධු වැනි පිරිස්ය. ශ්‍රී ලංකාවේ ගැඹූරු රාජ්‍ය (Deep State) එයයි.

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර කටයුතු යන තෙවැදෑරුම් අංශ සඳහා වාර්ෂික අයවැයෙන් වෙන් කරන්නේ සියයට 4.89 කි. එනමුත් ආරක්ෂක වැය සියයට 11.49 කි. යුද්ධාවසානයේ සිට මේ දක්වා යුද හමුදා බලය අඩු කර නැත. යුද හමුදාවන්ට අවශ්‍ය සියලු සන්නාහයන් ගෙනෙන්නේ පිට රටිනි. ඒ කිසිවකට රනිල් රාජපක්ෂ තහංචි දමා නැත.

ඒ වෙනුවට 120,000 කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අවශ්‍ය උපකරණ ගෙන්වීමට තහංචි දමා තිබේ. මේ වනාහී අපනයන ආදායම අතින් පස්වන තැන සිටින කර්මාන්තයයි. ඉදිරි වසර පහ තුළ සේවක සංඛ්‍යාව දෙගුණයකින්  ඉහළ ගොස් ප්‍රධාන  අපනයනකරු බවට පත්වීමට එයට ඉඩ තිබුණි. නමුත් RAM, දෘඪ තැටි, GPU සහ මොනිටර වැනි එම ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය අයිතම ගෙන්වීම රනිල් රාජපක්ෂ විසින් තහනම් කර තිබේ.

මාස හයකින් රට ගොඩ දමන බවට පොල් බෑ මූණා විසින් කයිවාරු ගැසූ මහදැන මුත්තා දැන් කර ඇත්තේ ආනයන භාණ්ඩ 300ක් තහනම් කිරීමයි. මේ තහනම සංචාරක ව්‍යාපාරයටත් මරු පහරකි. ඒ බඩු මිල අහස උසට යැවීමට අමතරවය.

මෙම තහනම පෙන්වන්නේ රනිල් රාජපක්ෂට ආර්ථිකය දශමයක්වත් ඉහළ දැමීමට බැරි වී ඇති බවයි. භූමි තෙල් මිල හතර ගුණයකින් ඉහළ දැමූ රනිල් රාජපක්ෂ ජල බිලෙහි නිත්‍ය පිරිවැය 600 ගුණයකින් ඉහළ දැමීමට කුරුමානම් අල්ලයි.

සනත් නිශාන්ත හරිය. රාජපක්ෂ පවුල රනිල්, රාජපක්ෂ බවට බෞතීස්ම කරන ලද්දේ වෙන කිසිවකට නොවේ. 1988 – 1989 මෙන් මර්දනයක් මුදා හැරීමටය. එම කොන්ත්‍රාත්තුව අවසන් වූ වහාම රනිල් රාජපක්ෂ වල පල්ලට දමා රාජපක්ෂ හැතිකරය අලු ගසා බසා නැගිටීමට තැත් කරනු ඇත.

ජනාධිපති පුටුවේ සිය පශ්චාත්භාගය අලවා ගත් දා පටන් රනිල් රාජපක්ෂ විසින් කර ඇත්තේ එකම දෙයකි. එනම් දෙස් විදෙස් අපවාදයට මෙරට පත් කළ මර්දනයක් මුදා හැරීම සහ රාජපක්ෂ පවුල ද එහි හෙංචයියන් ද නීතියට හසු වීම වැළැක්වීමයි.

නිරායුධ අරගලකරුවන් වෙත මුදා හරින ලද මැයි 09දා ප්‍රහාරය වෙනුවෙන් හිරේ සිටිය යුතු රාජපක්ෂ මැර පිරිස් දැන් රනිල් රාජපක්ෂ යටතේ ඇමැතිකම් ගැනීමට දත් මැදගෙන සිටිති. ප්‍රහාරයේ මහ මොළකරු වූ මහින්ද රාජපක්ෂ අපූරුවට යහතිනි.

රනිල් රාජපක්ෂ සිටියද නොසිටියද තෙල් සහ ගෑස් අර්බූදය  තාවකාලිකව විසඳෙන්නට තිබුණි. රනිල් රාජපක්ෂ විසින් කර ඇත්තේ මර්දනය සහ සිය ටොයි රෑනට වරදාන ලබා දීම පමණි. ඔහු සිය කොන්ත්‍රාත්තුව කැත නැතිව ඉටු කරමින් සිටි.

මතක තියා ගන්න. රනිල් රාජපක්ෂ රට ගොඩ දමන බව කියන්නේ 2025දීය. ඒ තාක්, වැටුප් හෝ ආදායම් ඉහළ නොයන ජනයාට සිදු වනු ඇත්තේ හිඟා නොකා හිඟා කෑමටය.

මේ වින්නැහිය සිදුවන්නේ සමාජයේ බහුතරය වන මධ්‍යම සහ පහළ ස්ථරවලට පමණි. ජාවාරම්කාර සහ ඉහළ දේශපාලන පංතියේ  සැප සම්පත් එලෙස ම පවතිනු ඇත.

රනිල් රාජපක්ෂගේ වික්‍රමය එයයි!

Archive

Latest news

Related news