Friday, March 29, 2024

හියුමන් රයිට්ස් වොච් ජනාධිපති වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළ මානව හිමිකම් නිර්දේශ

නිව්යොර්ක් මූලස්ථානය කර ගත් හියමුන් රයිට්ස් වොච් නම් නම් මානව හිමිකම් සංවිධානය ජනාධිපති වික්‍රමසිංහ වෙත මෙරට මානව හිමිකම් තහවුරු කිරීම උදෙසා යෝජනා ගනනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ මෙසේය.

  • පළිගැනීම්වලට හෝ අත්අඩංගුවට ගැනීමට බියෙන් තොරව ජනතාවට නිදහසේ සහ සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි බව සහතික කිරීම;
  • නොපැහැදිලි, ඕනෑවට වඩා පුළුල් සහ අසමානුපාතික හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන හදිසි රෙගුලාසි විධිවිධාන ඉවත් කර ගැනීම;
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) භාවිතා කිරීම පිළිබඳ විධිමත් තහනමක් ප්‍රකාශයට පත් කිරීම, අයිතීන්ට ගරු කරන ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කරන තෙක් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම;
  • ආර්ථික අර්බුදයේ බලපෑමෙන් සෑම කෙනෙකුගේම අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වන සහ වැරදි කළමනාකරණය සහ දූෂණය වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති නව සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම;
  • දූෂිත අරමුදල් සඳහා ආරක්ෂිත තෝතැන්න අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ හවුල්කාරිත්වය වන “සොරාගත් වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම” සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නැවත ආරම්භ කිරීම සහ IMF සමඟ ගිවිසුමක කොටසක් ලෙස එසේ කිරීමට කැපවීම;
  • බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඉහළ මට්ටමේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන්ට නිසි ලෙස නඩු පැවරීම.

තවද එම ප්‍රකාශනය මෙසෛ්ද සඳහන් කරයි.

“ජුලි 18දා, වික්‍රමසිංහ හදිසි නීතියක් පැනවූ අතර එය ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දෙයි. බොහෝ මූලික අයිතිවාසිකම් අත්හිටුවයි. එමගින් සුළු හෝ නොපැහැදිලි ලෙස නිර්වචනය කරන ලද වැරදි සඳහා දැඩි දඬුවම් පැන විය හැකිය. සිය පදවි ප්‍රාප්තියෙන් දිනකට පසු, වික්‍රමසිංහ, මැද කොලඹ මාස ගනනාවක් ඔවුන් විසින් අල්ලාගෙන සිටි ස්ථානයක සිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය සහ මිලිටරිය යැවීය. නීතීඥයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 50කට අධික පිරිසක් පහර දී තුවාල ලැබූහ. විසම්මුතියට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය අතරතුර, බලධාරීන් අවම වශයෙන් විරෝධතා සංවිධායකයින් 30 දෙනෙකු රඳවා තබා ඇත. බොහෝ අවස්ථාවල වරෙන්තුවක් නොමැතිව හෝ සිවිල් ඇඳුමින් සැරසී සිටින නිලධාරීන් නිසි ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගැනීම් සිදු කරයි.

ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද නිවේදනයෙන් සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Archive

Latest news

Related news