Tuesday, July 16, 2024

ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.

වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී ලංකාවේ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකය – අගෝස්තු 2022 නමිනි.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකයහි තුන්වන අදියර සඳහා ප්‍රධාන ජනවාර්ගික ප්‍රජාවන් හතර නියෝජනය වන පරිදි (සිංහල, දෙමළ, උඩරට දෙමළ සහ මුස්ලිම්) 1100ක පිරිසකින් යුතු නියැදියක් සඳහා අර්ධ ව්‍යුහගත ප්‍රශ්නාවලියක් භාවිතා කරන ලද බවත්මෙ ම නියැදිය දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පුරුෂයන් සහ ස්ත්‍රීන්ගෙන් සමන්විත වූ බවත් එය ප්‍රකාශය සඳහන් කරයි. මෙහිදී ප්‍රතිචාර දැක්වූවන් 1100 දෙනා අහඹු නියදි තාක්ෂණය භාවිතයෙන් තොරා ගෙන තිබේ. මෙම ජාතික මත විමසීම සඳහා ක්ෂේත්‍ර කටයුතු 2022 අගෝස්තු පළම ුවැනිදා සිට පස්වැනිදා දක්වා පවත්වා ඇත.

මෙම සමීක්ෂනයට අනුව රටෙහි ආර්ථික ප්‍රශ්ණ විසඳීම සඳහා සමීක්ෂනයට සහභාගි වූ පිරිස අතුරින් බහුතරයක් විශ්වාසය තබා ඇත්තේ අනුර කුමාර දිසානායක මතය. දෙවැන්නා රනිල් වික්‍රමසංහ වන අතර තෙවැන්නා සජිත් ප්‍රේමදාසය. මෙම සංඛයා ලේඛන සියයට ගණන් ලෙස දි ඇති නමුත් එහි එකතුව 150 ඉක්මවයි. ඉන් පෙනෙන්නේ සමීක්ෂනයට සහභාගි වූ පුද්ගලයින්ට තෝරා් ගැනීම් ගණනාවක්ම දී ඇති බවයි. එනමුත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඒ බව දක්වා නැත. අන්ර කුමාර දිසානායක ආර්ථික ප්‍රශ්ණ සම්බන්ධයෙන් දක්වන මතුපිට ප්‍රවේශය අනුව ඔහුට සියයට 46ක් කැමැත්තක් හිමිව තිබීම සමීක්ෂන ප්‍රතිපල විචාරශීලීව බැලිය යුතු බවට ඉඟියකි. රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා පනවන ලද හදිසි නීතිය, විරෝධතාකරුවනට පහර දීම යනාදිය සඳහා සියයට 80කට වැඩි විරෝධයක් දක්වන අතරම සමීක්ෂණයට සම්බන්ධ වූ පුද්ගලයින්ගෙන් සියයට 36ක් ඔහුට රට ගෙඩ ගැනීමට හැකි යැයි සිතීම එකිනෙකට පරස්පර බවක් පෙන්වයි.

මෙම සමීක්ෂනය දේශපාලනඥයින් වෙත මැතිවරණයකදී ලැබෙන ජනතා සහයෝගයේ පිළිබීබුවක් සේ සළකන්නේ නම් ජයග්‍රාහයා වන්නේ අනුර කුමාරය. එයද ඉතා සැක සහිත නිගමනයක් විය හැකිය.

තවද එම සමීක්ෂණයේදී අසා ඇති එක් ප්‍රශ්නයක් වනුයේ විරෝධතාකරුවන් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන්ද යන්නය. එනම් කුඩුකාරයින්ද යන්නය. සමාජයෙහි නැති ප්‍රශ්ණයක් කටට දී එවැනි ප්‍රශ්ණයකට උත්තර සෙවීමටද  පිළිගැනීම දුෂ්කරය.

විරෝධතාකරුවන් සහ විරෝධතාකරියන් පිළිබඳ සමාජයේ සියයට 80කට වැඩි ප්‍රසාදයක් සහ පිළිගැනිමක් තිබෙන බව ද සමීක්ෂනය පෙන්වයි.  ඒ අතර රනිල් වික්‍රමසිංහට සියයට 36ක් විශ්වාසය පළ කරයි!

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රකාශනය පහත දැක්වේ.

ශ්‍රී ලාංකිකයන්ගෙන් අති බහුතරයක් පවසන්නේ තමන් ආර්ථික දුෂ්කරතා අත්විඳින බවයි. මෙහිදී 80% ක් පමණ ප්‍රකාශ කරන්නේ තම ආදායම තම අවශ්‍යතා සම්පුර්ණ නොකරන බවයි. මෙම 80%න් අඩක් දැඩි දුෂ්කරතා අත්විඳියි. නාගරික ප්‍රදේශවල ජීවත් වන අයට වඩා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතා අත්විඳියි.

වත්මන් ආර්ථික අර්බුදය ඔවුන්ගේ ජීවිතවලට බලපා ඇති ආකාරය මෙම සමීක්ෂණයෙන් විමසා බලන ලදී. 87% වැඩි වූ ගෘහස්ථ වියදම් දැරීමට අපහසු බව පවසන අතර 83% පවසන්නේ තමන් මිලදී ගැනීමට හුරු වී සිටි ආහාර ද්‍රව්‍ය තවදුරටත් මිලදී නොගන්නා බවයි. තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පවසන්නේ තම ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි. 42% ක් පවසන්නේ ඔවුන් දිනකට ගන්නා ආහාරවේල් ප්‍රමාණය හෝ ලබාගන්නා වේල් ගණන අඩු කර ඇති බවයි. වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් තම නිවසේ එක් අයෙකුට හෝ රැකියාව අහිමි වී ඇති බව තුනෙන් එකකට මඳක් වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ කරයි. මෙම දුෂ්කරතා සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ. කෙසේ වෙතත්, සොයාගැනීම්වලින් පෙනී යන්නේ මෙහි බලපෑම ග්‍රාමීය ප්‍රජාවන් තුළ තරමක් ඉහළ මට්ටමක පවතින බවයි. ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් ගත් කල, ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම මහ නගර සභා බල ප්‍රදේශ වල ජීවත්වන ජනතාව ද එක හා සමානව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියි.

ජාතික මට්ටමේ නායකයින්  කෙරෙහි විශ්වාසය

ජාතික මට්ටමේ නායකයින් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිවැරදි තීරණ ගැනීම කෙරෙහි විශ්වාසය පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාතික නායකයින් නිවැරදි තීරණ ගනීදැයි යන්න පිළිබඳ ජනතාව කොතෙක් දුරට විශ්වාස කරනවා දැයි විමසූ විට, ඔවුන් අනුර කුමාර දිසානායක කෙරෙහි ඉහළම විශ්වාසයක් දක්වා ඇති අතර ඉන්පසුව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කෙරෙහිත් විශ්වාසය දක්වා ඇත. සෑම ජනවාර්ගික ප්‍රජාවක්ම, අනුර කුමාර දිසානායක කෙරෙහි එක හා සමානව විශ්වාස තබා ඇත. දෙමළ සහ උඩරට දෙමළ ප්‍රජාවන් සිංහල හා මුස්ලිම් ප්‍රජාවට වඩා රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය තබා ඇත. කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ නිවැරදි තීරණ ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව සිංහල ප්‍රජාවගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ කරයි.

සුළුතර ප්‍රජාවන් සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි සිංහල ප්‍රජාවට වඩා සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළ විශ්වාසයක් තබා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් නියෝජනය කරන නායකයින් වන මහින්ද රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ දිනේෂ් ගුණවර්ධන යන අයට සියලු ජනවර්ග තුළින් ලැබෙන්නේ අඩු විශ්වාසයකි. ඒ අතරින් වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා නිවැරදි තීරණ ගත හැකි යැයි අවම විශ්වාසයක් ඇති නායකයා මහින්ද රාජපක්ෂ බව සමීක්ෂණ සොයා ගැනීම් වලින් පෙනී යයි. වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ක්‍රියා කිරීම කෙරෙහි අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ ග්‍රාමීය සහ නාගරික ප්‍රජාවගේ විශ්වාසය හිමි කරගන සිටියදී ග්‍රාමීය ප්‍රජාවට සාපේක්ෂකව, පවතින ආර්ථික අර්බුදය සඳහා සජිත් ප්‍රේමදාස කෙරෙහි නාගරික ශ්‍රී ලාංකිකයන් වැඩි විශ්වාසයක් පළ කර ඇත

ගෝඨාගෝගම අරගලය මෙහෙයවු තරුණ තරුණියන් පිළිබඳ මහජන මතය

මෙම සමීක්ෂණයෙන් ගෝඨාගෝගම අරගලය මෙහෙය වු තරුණ තරුණියන් පිළිබඳ පවතින මහජන මතය කෙරෙහි අවධානය යොමු කරන ලදි. වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රට ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් අරගලය, සක්‍රීය පුරවැසියන් ලෙස ක්‍රියාකරන තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන බව 84% ක් එකඟ වේ.

මෙහිදී අරගලයට සම්බන්ධ තරුණ තරුණියන් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට සම්බන්ධ බවට 82%ක් එකඟ නොවන අතරම අරගලය මෙහෙයවන්නේ දේශපාලන දැනුමක් නැති මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් බව 88% එකඟ නොවෙති.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳ  මතය.

රජය විසින් අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කළ ආකාරය 66% අනුමත නොකරති.

හදිසි නීතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම පිළිබඳ  මතය.

2022 ජූලි 27 වැනි දින පාර්ලිමේන්තුව විසින් හදිසි නීතිය සම්මත කිරීම 65% අනුමත නොකරයි.

කෙසේ වෙතත්, සිංහල ප්‍රජාවෙන් 28% ක් සහ දෙමළ ප්‍රජාවෙන් හතරෙන් එකක් මෙය අනුමත කරයි.

සියලුම ශ්‍රී ලාංකික ජනවාර්ගික ප්‍රජාවන් අරගලයට සම්බන්ධ තරුණ තරුණියන් පිළිබඳව අති බහුතරයක් ධනාත්මක අදහස් ප්‍රකාශ කරයි. ඍණාත්මක මතය පැන නගින්නේ රටේ සුළුතරයකින් වුවද, එම ඍණාත්මක මතය බොහෝ දුරට සිංහල ප්‍රජාව අතර මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අතරින් මතු වී ඇත.

විරෝධතාකරුවන් වත්මන් රජයට ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ  මතය

විරෝධතාකරුවන් වත්මන් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මහජන එකඟවීම සහ එකඟ නොවීම පිළිබඳව මෙම සමීක්ෂණයෙන් විමසන ලදී. එ් අනුව අති බහුතරයක් සියලුම යෝජනා සඳහා සහය දක්වයි. සියලුම ප්‍රතිචාරකයන් විශ්වාස කරන්නේ දේශපාලනඥයන් විගණනය කළ යුතු අතර ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවයි. සෑම දස දෙනෙකුගෙන්ම නව දෙනෙකුම සිතන්නේ මහ මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි. එසේම 20 වැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනයට සමාන සංශෝධනයක් ගෙන ආ යුතු බව 87% ගේ අදහස වේ. රටේ පවතින අර්බුදයෙන් ගොඩ එනතුරු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලින් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බව 80% ට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරනු ලබයි.

එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හතරෙන් තුනකට වැඩි පිරිසක් එකඟ වෙයි.

කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සිංහල ප්‍රජාවගෙන් මෙන්ම මහ නගර සභා බල ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය තරමක් අඩු බව දැකිය හැකිය.

පුළුල්ව පැතිරුනු අශුභවාදය

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සම්බන්ධයෙන් ජනතාව කෙතරම් සුබවාදී ද :හෝ නැති ද යන්න මෙම සමීක්ෂණයෙන් විමසන ලදී. මෙහිදී සොයාගැනීම්වලින් පෙනී යන්නේ රටේ ආර්ථික අනාගතය පිළිබඳව ජනතාව අතිශයන්ම අශුභවාදී බවයි. 58% ක් වර්තමානයේ පවතින පසුගාමී තත්වය යථාතත්වයට පත්වීමට බොහෝ කාලයක් ගතවනු ඇතැයි සිතන අතර 20% ක් පවසන්නේ ඔවුන්ට ඒ පිළිබඳව විශ්වාසයක් නැති බවයි. මෙම ආන්තික අශුභවාදය සියලු ජනවාර්ගික කණ්ඩායම් තුළ මෙන්ම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවන් තුළ ද දැකිය හැකිය.

Archive

Latest news

Related news