Friday, April 19, 2024

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර ටිරන් අලස්. දැන් ජනාධිපති නිල නිවසේ තිබී සොයා ගත් එක් කොටි අසූ ලක්ෂකට ආසන්න මුදල නීති විරෝධීව ලබා ගත් බවට දැන් ඔහු යටතේ ඇති පොලිසියම චෝදනා කර තිබේ.

මෙම මුදල ටිරන් අලස් ලබා ගෙන ඇත්තේ  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හරහාය.

ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් ගණන් කර පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් එම විශාල මුදල ටිරන් අලස්ට දෙන ලෙස නියෝග කර ඇත්තේ දේශබන්ධු තෙන්නකෝන්ය.

මෙම සම්පූර්ණ නීති විරෝධී පියවරකි.

මේ බව හෙළිදරව් වූයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊයේ එනම් 05දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කරන ලද ප්‍රකාශයකිනි..

මෙම මුදල් බාරදුන් තරුණයින් අත්අඩංගුවට ගත් දිනයේදීම ඇප මත මුදා හරින ලද අතර නිති විරෝධී ලෙස එතරම් මුදලක් ලබා ගත් ඇමැති ටිරන් අලස් තවම අත්අඩංගුවට ගෙන නැත.

තවද එම මුදල තමා ලබා ගත්තේ කුමන හේතුවක් මතද යන්න මේ තාක් දන්වා නැති ඇමති ටිරන් අලස් එම මුදල බාර දී ද නැත.

(මෙම ලිපිය සඳහා මීඩියාඩොට්එල්කේ අඩවියෙහි පළ කර ඇති කරුණුද ඇසුරු කරන ලදී.)

Archive

Latest news

Related news