Tuesday, April 16, 2024

රනිල් රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂ පවුලේ එකක්; ජනතා විශ්වාසයක් නෑ; රට අස්ථාවරවීමේ ඉඩ වැඩියි –   ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය

පාර්ලිමේන්තු බහුතරයක් සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  යටතේ දැඩි නව රජයක් පිහිටුවා ඇතත් රටෙහි තවමත් දේශපාලන ස්ථාවරභාවයක් ඇති වී නැතැයි  ෆිච් නම් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා තිබේ.

ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ උද්ඝෝෂණ මගින් එලවා බලයෙන් පහ කළ, රාජපක්ෂ පවුල නව ආණ්ඩුවට සම්බන්ධ බවය. එබැවින්  රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඇති මහජන සහයෝගය  දුර්වල බව එම නිවේදනයේ දැක්වේ.

එසේ නමුත් නව ජනාධිපතිවරයා සමහර විපක්ෂ සාමාජිකයින් ඇදගෙන ඇතැයි ද “සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස සාකච්ඡා කිරීමට සහ දුෂ්කර ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රමාණවත් සහයෝගයක්” එමගින් ලැබෙනු ඇතැයි  යම් බලාපොරොත්තුවක් ලබා දෙන බවත් පවසයි.

“විරෝධතා නිසා බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පසුගිය පාලනයේ අගමැති වූයේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාය.”

“පාර්ලිමේන්තුවෙහි සහ රජයෙහි තවදුරටත් ආධිපත්‍යය දරන්නේ රාජපක්ෂ පවුල සමඟ සමීපව සම්බන්ධ ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්ධානයේ දේශපාලනඥයින්ය. ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු නොවන්නේ නම් සහ/හෝ ප්‍රතිසංස්කරණ මහජන විරෝධයක් ජනනය කළහොත් විරෝධතා මගින් තවදුරටත් අස්ථාවර කිරීමේ අවදානමක්” ඇති බව ද නිවේදනය සඳහන් කරයි.

මෙම නිවේදනය මගින් යළිත් තහවුරු කර ඇත්තේ සර්ව පාක්ෂික එකඟතාවයකින් පිහිටුවන නව ආණ්ඩුුුුවක් යටතේ මිස ශ්‍රී ලංකාවට අවශ්‍ය මුල්‍ය ආධාර ලබා ගැනීමේ දුෂ්කරතාවයයි. රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව රාජපක්ෂ පවුලේ එකක් බව‌ට අන්තර් ජාතික වශයෙන් ඇති පිළිගැනීමද මෙමගින් පිළිඹිමු වේ.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news