Friday, April 26, 2024

මර්දනය උත්සන්න වෙත් දී තවත්  ලිබරල් කණ්ඩායමක් අරගලයෙන් ඉවත් වෙයි!

ලිබරල් සහෝදරත්වය නම් තවත් කණ්ඩායමක් අරගලයෙන් ඉවත් වන බවට අද නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම තීරණය ප්‍රකාහයට පත්ව ඇත්තේ රනිල් රාජපක්ෂ පාලනව විරෝධතාකරුවන් මත දරුණු මර්දනයක් මුදා හරිමින් ඇති බිය ජනක අවස්ථාවකදීය.

එම කණ්ඩායම ද දක්වන්නේ ඊයේ කලු තොප්පි කණ්ඩායම දකවන ලද අදහසට සමාන අදහසකි. කලු තොප්පි කණ්ඩායමද නව ලිබරල් අදහස් දරන එකතුවකි.

මෙම කණ්ඩායම් දෙකම මෙම තත්වය යටතේ ගත යුතු පියවර ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් නොකරයි. කණ්ඩායම් දෙකම ප්‍රකාශ කරන්නේ පුලුල් වයාපාරයක් සහ පුලුල් සහයෝගිතාවයක් අවශ්‍ය බවයි.

අරගලයේ අරමුණ වූ ගෝටා එලවීම සාර්ථක ළුී ඇති බැවින් තමන් අරගලයෙන් සමුගන්නා බව කණ්ඩායම් දෙකම ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ නිවේදනයන්හි රනිල් රාජපක්ෂ ජනාධිපති ධූරය පිලිබඳව විවේචනයක් නැත. ලිබරල් සහෝදරත්වය දක්වන්නේ රනිල් ඉවත් කිරීම පටු ඉල්ලීමක් බවයි.

එම නිවේදනය පහත දැක්වේ:

 

Archive

Latest news

Related news