Friday, April 26, 2024

අරගලයට පක්ෂව අදහස් වූ ගුරුවරයකු නිති විරෝධීව වැඩ තහනම් කර පොලිස් අත්අඩංඟුවට; අධිකරණයෙන් ඇප

ඡායාරූපය: ඒ.එම්. කුමර අන්දරගේ

ගුරු සේවයට ඇති දේශපාලන හිමකම නොසළකා බදුල්ල ගලඋඩ මහා විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු වන ඒ.එම්. කුමර අන්දරගේ මහතාගේ වැඩ තහනම් කිරීම කර ඇතැ බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසයි.

අන්දරගේ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද අදහස් දැක්වීමක් පාදක කරගනිමින් 2022.05.17 දින ඔහු පොලීසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු බන්ධනාගර ගත කිරීමට පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමින් අධිකරණය විසින් අන්දරගේ මහතාට ඇප ලබාදී ඇත.

පලාත් සභාව එවූ නිති විරෝධී ලිපිය

එසේ තිබියදී හාලිඇලි පොලිස් ස්ථානධිපති විසින් 2022.06.04 දින ලබා දී ඇති පොලිස් පණිවිඩයක් හා ඌව
පළාත් කාර්ය පටිපාටි සංග්‍රහය අනුව යයි සඳහන් කරමින් ආයතන සංග්‍රහයට ද පටහැනි ලෙස මෙම
වැඩතහනම් කිරීම කර ඇති බවත් නිවේදනයේ දැක්වේ.

නිවේදනය පහත පළවේ.

Archive

Latest news

Related news