Thursday, March 28, 2024

අරගලය සහ මර්දනය සජීවීව වාර්තා කළ Xposure News වටා නාදුනන පිරිස් කැරකේ!

Xposure News මාධ්‍ය ආයතනයේ කාර්යාලය තිබෙන මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන සිවිල් පුද්ගලයන් පිරිසක්, යම්කිසි කෙනෙකුගේ ඡායාරූපයක් පෙන්වා ඔහු එතැන සිටීදැයි විමසලා. නව ආරක්ෂක නිලධාරියෙකු නිසා ඔහු ඡායාරූපයේ සිටි අය හඳුනාගෙන නැහැ.

ඉන්පසු අධිකරණ නියෝගයක් හෝ අන් බලයක් නැතිවම එම නිවාස සංකීර්ණයේ සීසීටීවී පරීක්ෂා කරන්නට උත්සාහ කරලා. එයට ඉඩ නොලැබුණ තැන පැය භාගයකට වැඩි කාලයක් අවට සැරිසරමින් සිටි මේ නාඳුනන පුද්ගලයන් එතැනින් ගිහින්.

Xposure News ආයතනයේ වැඩ කරන Shabeer Mohamed කියන්නේ පසුගිය කාලසීමාව තුළ ගෝල්ෆේස් අරගලය තුළ ක්‍රියාකාරිකයෙකු ලෙසත්, මාධ්‍ය වේදියෙකු ලෙසත් උනන්දුවෙන් කටයුතු කළ අයෙක්. පසුගියදා හමුදාව විරෝධතාකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය අවස්ථාවේ ෂබීර්ටත් පහරදීමක් සිදු වුණා. ෂබීර්ට අමතරව රසික ගුණවර්ධනට පහරදීමකුත් සිද්ධ වුණා.

ඊට අමතරව එම ආයතනයේ මාධ්‍යවේදී Chathuranga M Pradeep Kumara සහ තවත් මාධ්‍යවේදියෙක්ව තමයි හමුදාව විසින් එදින පැහැරගෙන ගොස්, පහර දී මහමග දමා ගොස් තිබුණේ. මේ හැම සිදුවීමක්ම පිළිබඳ මේ වෙද්දී පැමිණිලි දමා තිබෙනවා.

රසික වැඩි වශයෙන් විරෝධතා ව්‍යාපාරය තුළ සිටියේ මාධ්‍යවේදියෙකු ලෙස. ඔහු අරගල භූමියේ බොහෝ වීඩියෝ වාර්තා සංස්කරණය කරමින් අන්තර්ජාලයට එකතු කළ මාධ්‍යවේදියෙක්. ඒ වගේම 2022 මාර්තු මාසයේ මුල සිට අග දක්වා දිනපතා කොහුවල මංසන්ධියේ පැවැත්වූ විරෝධතාවල ආරම්භක සාමාජිකයෙක්ව සිටියා. ඒ විරෝධතා මාලාව අප්‍රේල් 9 ගෝල්ෆේස් අරගලයේ ආරම්භයට හේතු පාදක වූ සිදුවීම් අතරින් එකක්. කුස්සියේ විලාපය විරෝධතා ව්‍යාපාරයේ සංකල්පයත් Rasika Gunawardana ගේ බව මිතුරන් කියනවා.

මාත්, රේඛාත් සටහන් ආයතනය ලෙස ගෝල්ෆේස් අරගලයේ මුල් සමයේ එක්ස්පෝෂර් ආයතනය එක්ක සමගාමී විකාශයක හිටියා. ඒ තනිව වැඩ කරනවාට වඩා පහසුකම් බෙදාගෙන වැඩ කිරීම සුදුසු නිසා. අප ආයතන දෙක එක්ව විරෝධයට සහභාගී වූ පුද්ගලයන් සිය ගණනක් ඉන්ටවිව් කළා.

මීට අමතරව තරිඳු ජයවර්ධන සහ මා එක්ව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන මෙතෙක් නොකී ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් ඇතුළත් වීඩියෝවක්, පොලිස්පතිවරයාගේ සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ නින්දිත ක්‍රියා සහ තාජුඩීන් ඝාතනය ඇතුළු බොහෝ සිදුවීම්වල කරුණු ඇතුළත් වාර්තා ගණනක් පටිගත කළේ එම ආයතනයේ පහසුකම් සමග.
මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේද ආරාධිත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස එම ආයතනයේ ආන්දෝලනාත්මක දේශපාලන අදහස් රැගත් වැඩසටහන් ගණනාවකට සහභාගී වී තිබෙනවා. ඔහු ලිට්රෝ ආයතනයේ වංචා දූෂණ ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ හෙළිදරව් එහිදී කර තිබෙනවා.

Tharindu Uduwaragedara face Book

Archive

Latest news

Related news