Friday, April 26, 2024

ජනාධිපති මුක්තියට මුවා වී රනිල් රාජපක්ෂ පාස්කු නඩුවෙන් පනින්න යයි!

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින රනිල් වික්‍රමසිංහ, මේ වනවිට ජනාධිපති ලෙස නම්කර ඇති නිසා විධායක ජනාධිපති ධුරයට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තිය භාවිතකර නඩුවෙන් ගැලවී යන්නට කටයුතු කර ඇත.

අද දින මෙම පෙත්සම් නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

කෙසේවෙතත්, මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා පැවසුවේ රනිල් වික්‍රමසිංහ වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බවය.

මෙම පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලෙස සහභාගි වන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර ය. මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට කැදවීමට නියෝග කළේය.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතු`ථ පාර්ශ්ව 12ක් විසිනි. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකි.

පසුගියදා රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ද අධිකරණය මගහැර යාමට ජනාධිපති මුක්තිය භාවිතකර ඇත. ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශ ලෙකම්ව සිටියදී 20111 දෙසැම්බර් 9 වැනිදා යාපනයේදී අතුරුදන් කළ ලලිත් කුමාර් හා කුගන් මුරුගානන්දන් සම්බන්ධ හෙබයාස් කෝපුස් විභාගය සඳහා සාක්ෂිකරුවකු ලෙස යාපනය අධිකරණයට ඔහු කැඳවන ලදී, නමුත් ඔහු අධිකරණ නියෝගයෙන් මගහැර මාස ගණනක් ගෙවුණු පසුව ජනාධිපතිවරණයෙන් ජයගත් අතර ඉන්පසුව අධිකරණයෙන් මගහැර සිටීමට ජනාධිපති මුක්තිය පවා භාවිත කළේය.

(Lanka Views)

Archive

Latest news

Related news