Saturday, April 20, 2024

රනිල් රාජපක්ෂ අණ්ඩුවෙන් විරෝධතාකරුවන් අත්අඩංඟුවට ගැනීම් එක පිට එක; මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදරත් අත්අඩංඟුවට ගැනීමේ වෑයමක්

ඡාායරූපය: තරිදු උඩුවරගෙදර

රනිල් රාජපක්ෂ, රාජපක්ෂ හෙංචයින්ගේ ඡන්දවලින් ජනාධිපති පුටුවට පැන ගත් දා සිට කැරෙන මානව හිමිකම් කෙළෙසීම් එක පිට එක වාර්තා වෙමින් තබෙන අතරතුර අරගලයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංඟුවට ගැනීමට ඇති සැළැස්මක් වාර්තා වේ.

මේ බව වාර්තා වන්නේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට යවන ලද ලිපියකිනි.

එම ලිපිය පහත දැක්වේ.

සුලාරි ලියනගම මහත්මිය,
විමර්ශන අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

අධ්‍යක්ෂ තුමියනි,

මානව හිමිකම් කඩවීමේ අත්‍යාසන්න අවස්ථාවක් ගැන දැනුම් දීම

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රකාශයක් ලබා ගැනීමට බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඔබට ලිඛිතව දැනුම් දුන්නෙමු.

රාවය පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙසත්, අනිද්දා පුවත්පතේ ජනමාධ්‍යවේදියකු සහ විශේෂාංග කර්තෘ ලෙසත් සේවය කිරීමෙන් පසු සටහන් රේඩියෝ යූටියුබ් නාලිකාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරන තරිඳු උඩුවරගෙදර අද දින හෝ හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියේ වෙනත් අංශයකින් අත්අඩංගුවට ගැනීමට සිටින බවට නිල නොවන ලෙස වාර්තා වී තිබේ.

ජනමාධ්‍යවේදියකු සහ අරගලකරුවකු ලෙස මෙන්ම පුරවැසියකු ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය ඔහුට හිමි අතර ඔහු අත්අඩංගුවට ගන්නේ නම් එමගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවෙයි.

නිල නොවන ලෙස වාර්තා වී ඇතිපරිදි ඔහු අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බැවින් ඔහුගේ මූලික අයිතිවාසිම් කඩවීමට අත්‍යාසන්න වන බැවින් කඩිනමින් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

තරිඳු ජයවර්ධන
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්.

Archive

Latest news

Related news