Friday, April 19, 2024

ඒකාබද්ධ ප්‍රකාශණය: විරෝධතා දැක්වීමේ අයිතිය සහ අනෙක් නිදහස ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තර විද්වතුන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

ඡායාරූපය: දකුණු ආසියානු කලාකාර්යන් පිරිසක් ගෝටා් ගෝ ගමෙහි අදිමින් සිටි සිතුවමකි.

පහත අත්සන් කර ඇති, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස ක්‍රියා කරන විද්වතුන් පිරිසක් වන අප, 2022 ජූලි 22 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකිමු. විරෝධතාකරුවන් හය දෙනෙකු හමුදා නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඇති බවට ඇති වාර්තා හා ප්‍රචණ්ඩ ලෙස පහර දී ඔවුන් ඇදගෙන වැටෙන තෙක් දුම්රිය මාර්ගයක් මත දණින් වැටී යාමට බල කල සිද්ධීන් පිළිබඳ අපි දැඩි ලෙස කම්පාවට පත් වන්නෙමු. තවද විරෝධතා නායකයින් 9 දෙනෙකු ද පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා ලදී.

අවිහිංසාවාදී විරෝධතාකරුවන්ට එරෙහිව මෙතරම් ම්ලේච්ඡ ප්‍රහාරයක් රටේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලයට පත් වී පැය 24ක් ගතවීමටත් පෙර නියම කරනු ලැබීම මහත් කම්පනයට තුඩු දෙන කරුණක් වන අතර, ඔහුගේ පාලන ක්‍රමය පිළිබඳව ඉතා අනතුරුදායක සංඥා නිකුත් කරයි.

පසුගිය මාස කිහිපය තුළ විරෝධතාකරුවන් විසින් රටේ පවතින අර්බුදය කෙරෙහි අවධානය යොමු කිරීමට ඉතා දිරිමත්ව ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තුල විනයගරුකව කටයුතු කර ඇත. එසේම එම අරගල භූමිය දැනුම හා අවබෝධය වර්ධනය කිරීම සඳහා විශ්ව විද්‍යාලයක් හා පුස්තකාලයක් පිහිටුවීම වැනි අධ්‍යාපනික අරමුණු සඳහා ද යොදා ගෙන ද ඇත. විරෝධතාකරුවන් “ෆැසිස්ට්වාදීන්” ලෙස හැදින්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය, නුසුදුසු සහ හානිදායක වන අතර, එය උපරිම බලය භාවිතා කිරීම සාධාරණීකරණය කිරීමට නිදහසට කරුණක් සපයයි. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වුණේ ඒකාධිපතිවාදයට හා අසාර්ථක පාලනයට එරෙහිව අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් දියත් වීම හේතුවෙනි. වික්‍රමසිංහ මහතා ඔහුගේ පූර්වගාමීන්ගේ අඩිපාරේ යාමට ගත් තීරණය අතිශයින් තැතිගන්වන සුළු වන අතර, මෙමගින් ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් මිදීමට හැකිවීමේ අපේක්ෂාන් ඉටු නොවේ. ජනතාවගේ පීඩනයට පිළියම් යොදනවා වෙනුවට වික්‍රමසිංහ මහතා තම නිල කාලය තුළ ඔහුගේ පළමු ක්‍රියාව ලෙස ජනතාවට පහර ගැසීම තුල මේ බව මනාව පිළිබිඹු වෙනවා සේම දැඩි කනස්සලට හේතුවන කරුණකි.

විරෝධතාකරුවන්ට එරෙහිව කවර ආකාරයේ හෝ බලයක් භාවිතා කිරීම වහාම නතර කරන ලෙසත්, කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමි වටා සහ උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා වර්තමානයේ අධික ලෙස හමුදාව යොදවීම අවම කරන ලෙසත් අපි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු.

ආන්ඩුව විසින් ජනතාව මර්ධනය කිරීමට අධික  බලය භාවිතා කිරීම සහ වධහිංසා පැමිණවීම විමර්ශනය කළ යුතු අතර වරදකරුවන්ට එරෙහිව වගවීම ක්‍රියාත්මක කල යුතුයි. සියලුම ශ්‍රී ලාංකිකයින්ට විරෝධතා දැක්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස සහ විරෝධතා දක්වන ස්ථාන ආරක්ෂා කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලාංකිකයන්ට කතා කිරීමේ නිදහස, ප්‍රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සහතික කර දෙන අතර ජාත්‍යන්තරව සහතික කර ඇති මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බැදී සිටී.

අත්සන් කරන්නන්

ආචාර්ය ෆාරා මිහ්ලර්, කථිකාචාර්ය, එක්සෙටර් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය
වාසුකි නේසියා, මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය, ද ගැලටින් පාසල, නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
කාංචනා එන් රුවන්පුර, මානව භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ගොතන්බර්ග් විශ්ව විද්‍යාලය, ස්වීඩනය
මහාචාර්ය ඩේවිඩ් ලුඩන්, ඉතිහාස අංශය, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලය
අර්ජුන් ගුණරත්න, මහාචාර්ය මානව විද්‍යාව, මැකලෙස්ටර් විද්‍යාලය, යූ.එස්.ඒ.
ආචාර්ය අශ්විනි වසන්තකුමාර්, සහකාර මහාචාර්ය, රැජින නීති විද්‍යාලය, කැනඩාව
ආචාර්ය චෙරන් රුද්‍රමූර්ති, සහකාර මහාචාර්ය, වින්ඩ්සර් විශ්ව විද්‍යාලය, කැනඩාව
ආචාර්ය අමරනාත් අමරසිංහම්, සහකාර මහාචාර්ය, Queen’s University, Ontario, Canada
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය මාර්ටන් බැවින්ක්
ආචාර්ය නීනා මහාදේව්, ඇමරිකා එක්සත් ජනපදය
ෂැරින් අයිකන්, සහකාර මහාචාර්ය, ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කැනඩාව
Mark Balmforth, Postdoctoral Fellow, Toronto University, Canada
සුරේෂ් කනගරාජා, එඩ්වින් අර්ලේ ස්පාර්ක්ස් ව්‍යවහාරික වාග් විද්‍යාව සහ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය, පෙන්සිල්වේනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
මහාචාර්ය ජෝන් හැරිස්, එමරිටස් මහාචාර්ය, සයිමන් ෆ්‍රේසර් විශ්වවිද්‍යාලය, කැනඩාව
යාලිනි ඩ්‍රීම්, ආගන්තුක කලාකරුවා, සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ IME සහ මානව හිමිකම් අධ්‍යාපනය, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය නාලිකා ගජවීර, ලොස් ඇන්ජලීස්, ඇමරිකා එක්සත් ජනපදය
Patricia Jeffery, Emerita මහාචාර්ය, Edinburgh විශ්ව විද්‍යාලය
නීල් ඩෙවෝටා, මහාචාර්ය, වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලය
ආචාර්ය නාරායනි ශ්‍රීතරන්, ඇමරිකා එක්සත් ජනපදයේ විලියම් සහ මේරි හි ගෝලීය පර්යේෂණ ආයතනය
ප්‍රදීප් සංගපාල, ආචාර්ය උපාධි අපේක්ෂක, ඇල්බර්ටා විශ්ව විද්‍යාලය, කැනඩාව
V.V. ගනේෂානන්දන්, ඉංග්‍රීසි සහකාර මහාචාර්ය, මිනසෝටා විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
නිමන්ති පෙරේරා-රාජසිංහම්, ඉංග්‍රීසි සහ කාන්තා අධ්‍යයනය පිළිබඳ සහකාර මහාචාර්ය, කෝල්ගේට් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
රොජර් ජෙෆරි, දකුණු ආසියාවේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, එඩින්බරෝ විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය
ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය මයිත්‍රී ජෙගතේෂන්
වීනා දාස්, FBA, පර්යේෂණ මහාචාර්ය, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය
සොනාලි පෙරේරා, ඉංග්‍රීසි සහ සංසන්දනාත්මක සාහිත්‍යය පිළිබඳ සහකාර මහාචාර්යවරිය, උපාධි මධ්‍යස්ථානය, නිව් යෝර්ක් සිටි විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ඩෙබොරා පිලිප්, මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂකයා, උපාධි මධ්‍යස්ථානය, නිව් යෝර්ක් නගරයේ විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය.
ජෙනිෆර් රොබට්සන්, මහාචාර්ය එමරිටා, මානව විද්‍යාව, මිචිගන් විශ්ව විද්‍යාලය
ඈන් එම් බ්ලැක්බර්න්, මහාචාර්ය, කෝනෙල් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
රාජේෂ් වෙනුගෝපාල්, සහකාර මහාචාර්ය, LSE, UK
බාර්ට් ක්ලෙම්, සහකාර මහාචාර්ය, ගොතන්බර්ග් විශ්ව විද්‍යාලය, ස්වීඩනය
ඩෙනිස් මැක්ගිල්ව්රේ, ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා සම්මානය පිළිබඳ මහාචාර්ය
ආචාර්ය ජෝන් පෝලිලෝ, සහකාර මහාචාර්ය, ඉන්ඩියානා විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය.
ජොනතන් ගුඩ්හෑන්ඩ්, මහාචාර්ය, SOAS – ලන්ඩන් විශ්ව විද්‍යාලය, U.K.
විවියන් චෝයි, ඇමරිකා එක්සත් ජනපදයේ ශාන්ත ඔලාෆ් විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
රාජේශ්වරී සුන්දර් රාජන්, ඇමරිකා එක්සත් ජනපදය
ඩැනියෙල් බාස්, දකුණු ආසියාවේ වැඩසටහන් කළමනාකරු සහ මානව විද්‍යාව සහ ආසියානු අධ්‍යයනය පිළිබඳ අනුබද්ධ සහකාර මහාචාර්ය, කෝනෙල් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
H L සෙනෙවිරත්න, මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය, Emeritus, Virginia University, USA
එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රේචල් සෝයිගේ
ආචාර්ය තයබ් මහමුද්. ඇමරිකාවේ සියැටල් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය
ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය E. වැලන්ටයින් ඩැනියෙල්
කමලා විශ්වේෂ්වරන්, ඇමරිකා එක්සත් ජනපදය
තුෂාර හේවගේ, කැනඩාවේ ඔටාවා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
ඉන්ද්‍රානි චැටර්ජි, ඇමරිකා එක්සත් ජනපදය
පැට්‍රික් ඔලිවෙල්, ඇමරිකා එක්සත් ජනපදය
සංජේ රෙඩ්ඩි, ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය, සමාජ පර්යේෂණ සඳහා නව පාසල, ඇමරිකා එක්සත් ජනපදය
Gayatri Chakravorty Spivak, Columbia University, USA
රිටි ලූකෝස්, සහකාර මහාචාර්ය, ගැලටින් පාසල, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ජීවන් ආර් ෂර්මා, දකුණු ආසියාව සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, එඩින්බරෝ විශ්වවිද්‍යාලය
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්ති ගුණවර්ධන.
රොබට් පෙරින්බනායගම්, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය (Emeritus), Hunter College, New York, USA
ජැනිස් ලියෝෂ්කෝ, සහකාර මහාචාර්ය, ටෙක්සාස් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ජීන් මර්සෙක්, මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය (එමරිටා), ස්වර්ත්මෝර් විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මානව භූගෝල විද්‍යාව පිළිබඳ පර්යේෂණ සාමාජික ආචාර්ය චරිෂ්මා රත්නම්
ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලාක් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මහාචාර්ය සින්තියා කැරන්
ස්වාති බිර්ලා, ආචාර්ය උපාධි අපේක්ෂකයා, මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලය
සිසිර ජයසූරිය, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, මොනෑෂ් විශ්වවිද්‍යාලය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව.
Mridula Nath Chakraborty, සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයනය, Monash University Australia
ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය කනිෂ්ක ජයසූරිය
Lylah D’Souza, කලාකරු, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
බීනා ෆර්නැන්ඩස්, සහකාර මහාචාර්ය සංවර්ධන අධ්‍යයන, මෙල්බර්න් විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාව
ඇන්ටනි ඇන්ගී, මහාචාර්ය, යූටා විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
Ali Saha, ශික්ෂණ සහකාර සහ පර්යේෂක, මොනෑෂ් විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාව
Roanna Gonsalves, නිර්මාණාත්මක ලිවීම, නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාව
Eleanor Gordon, Monash University, Australia
ආචාර්ය නිරුක්ෂි පෙරේරා, Curtin University සහ Tamil Studies Research Network, Australia
ආචාර්ය නිරෝ කන්දසාමි, සිඩ්නි විශ්වවිද්‍යාලය සහ දෙමළ අධ්‍යයන පර්යේෂණ ජාලය, ඕස්ට්‍රේලියාව
Dr Alice Whitmore, Warrnambool, Australia

Bambi Chapin, මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය, Maryland Baltimore County, U.S.A.
ආචාර්ය තනුජා තුරෙයිරාජා, ස්විට්සර්ලන්තය
සුවේන්ද්‍රිනී පෙරේරා, ජෝන් කර්ටින් කීර්තිමත් සම්මානිත මහාචාර්ය, කර්ටින් විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාව
ශ්‍රීජටා පෝල්, ඉංග්‍රීසි සහකාර මහාචාර්ය, ශිව් නාඩාර් විශ්ව විද්‍යාලය, ඉන්දියාවේ
Tejaswini Ganti, ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
ආචාර්ය ප්‍රශාන්ත් කුගනාදන්, පශ්චාත් ආචාර්ය ඉගැන්වීම් සහකාර/කථිකාචාර්ය, ටෙනසි ​​විශ්වවිද්‍යාලය, නොක්ස්විල්, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය ඊවා ඇම්බෝස්, ජර්මනිය
ආචාර්ය ෆ්‍රැන්චෙස්කා බ්‍රෙම්නර්, අතිරේක මහාචාර්ය, නිව් යෝර්ක් සිටි විශ්වවිද්‍යාලය/මොන්ට්ක්ලෙයාර් රාජ්‍ය විශ්වවිද්‍යාලය, එන්.ජේ. ඇඑජ.
Michelle de Kretser, ලේඛකයා, සිඩ්නි, ඕස්ට්රේලියාව.
නාරි සේනානායක, ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
නිවේදිත මෙනන්, මහාචාර්ය, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, දිල්ලි, ඉන්දියාව
Jinee Lokaneeta, මහාචාර්ය, Drew University, NJ, USA.
මෙරිඩිත් ජෝන්ස්, ලන්ඩනයේ බෲනෙල් විශ්ව විද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ භාවය සහ සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය.
ඇනී ලෝරන්ස්, ලේඛිකාව, සිඩ්නි, ඕස්ට්‍රේලියාව
Dr Alessandra Mezzadri, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, SOAS – ලන්ඩන් විශ්ව විද්යාලය, U.K.
ජොනතන් ස්පෙන්සර්, රෙජියස් මහාචාර්ය, එඩින්බරෝ විශ්ව විද්‍යාලය
ආචාර්ය රප්ති සිරිවර්ධන-ද සොයිසා, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ලයිබ්නිස් නිවර්තන සමුද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය, ජර්මනිය
Dr Gayatri Jai Singh Rathore, ATER, Lille University, France
ආචාර්ය පැපියා සෙන්ගුප්තා, සහකාර මහාචාර්ය. ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය. දිල්ලිය. ඉන්දියාව
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හෙලොයිස් වෙබර්
Sayan Dey, Postdoctoral Fellow, University of Witwatersrand
Dr Nipesh Palat Narayanan, Grenoble විශ්ව විද්‍යාලය, ප්‍රංශය.
ටොබියාස් කෙලී, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන හා නීති මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ආචාර්ය Joeri Scholtens, ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය, නෙදර්ලන්තය.
මොහොමඩ් ෂහාබුදීන්, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් පිළිබඳ මහාචාර්ය, බර්මින්හැම් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය
එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය නිලංජන ප්‍රේමරත්න
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය තිරුණි කැලේගම
ශාරිකා තිරාණගම, ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සුජිත් සිවසුන්දරම්.
ආචාර්ය මාර්ටින් වෙබර්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාත්‍යන්තර සබඳතා, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය.
Dr Kiran Grewal, Goldsmiths College, London, UK.
Dr. John Kurian, Azim Premji University, Bengaluru, India
ගණනාත් ඔබේසේකර, සම්මානිත මහාචාර්ය, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය.
ආචාර්ය රංජිනී ඔබේසේකර, විශ්‍රාමික මහාචාර්ය, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය.
තෙමල් එල්ලාවල, ආචාර්ය උපාධි අපේක්ෂකයා, චිකාගෝ, එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලය.
Hans Oberdiek, පර්යේෂණ මහාචාර්ය, Swarthmore College, Swarthmore PA USA
රුපල් ඕසා, මහාචාර්ය, හන්ටර් විද්‍යාලය, CUNY
ගෝල්ඩි ඔසුරි, මහාචාර්ය, වෝර්වික් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය.
ආරාධනා ෂර්මා, සහකාර මහාචාර්ය, වෙස්ලියන් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ලීසා මිචෙල්, මහාචාර්ය, දකුණු ආසියානු අධ්‍යයන අංශය, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය, ෆිලඩෙල්ෆියා, ඇමරිකා එක්සත් ජනපදය
Nitya Rao, මහාචාර්ය, ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය
Farida Khan, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය, කොලරාඩෝ-කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
මධුමිතා දත්ත, සහකාර මහාචාර්ය, ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, කොලොම්බස්, ඔහියෝ, ඇමරිකා එක්සත් ජනපදය
වෛද්‍ය මිස්සක හෙට්ටිආරච්චි, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
Smita Ramnarain, සහකාර මහාචාර්ය, රෝඩ් අයිලන්ඩ් විශ්ව විද්‍යාලය, Kingston RI, USA.
Luc Bulten, කථිකාචාර්ය, Radboud විශ්ව විද්යාලයේ Nijmegen, නෙදර්ලන්තය
මඩු ගලප්පත්ති, ආචාර්ය උපාධි අපේක්ෂක, වෝටර්ලූ විශ්ව විද්‍යාලය, කැනඩාව
Ragnhild Lund, Professor Emerita, Norwegian University of Science and Technology, Norway.
Annu Palakunnathu Matthew, චිත්‍ර පිළිබඳ මහාචාර්ය, රෝඩ් අයිලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය
Charles Hallisey, Yehan Numata බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, Harvard University, USA.
Dr Alexander McKinley, අනුබද්ධ මහාචාර්ය, Loyola University Chicago & Lake Forest College, USA
ආචාර්ය එරංග ගලප්පත්ති, මහාචාර්ය, වර්ජිනියා පොලිටෙක්නික් ආයතනය සහ රාජ්‍ය විශ්වවිද්‍යාලය (වර්ජිනියා ටෙක්), ඇමරිකා එක්සත් ජනපදය
සුනිල් බැස්ටියන්, ස්වාධීන පර්යේෂක/ලේඛක, එක්සත් රාජධානිය
එම්. ශෝභනා සේවියර්, සහකාර මහාචාර්ය, Queen’s University, Kingston, Canada
පෝලා චක්‍රවර්ති, සහකාර මහාචාර්ය, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
සුබා දයාල්, සහකාර මහාචාර්ය, NYU Galatin, USA
නිධි ශ්‍රීනිවාස්, කළමනාකරණය පිළිබඳ සහකාර මහාචාර්ය, ද නිව් පාසල, නිව් යෝර්ක් නගරයේ, ඇමරිකා එක්සත් ජනපදය
ගැරට් ෆීල්ඩ්, සහකාර මහාචාර්ය, ඔහියෝ විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
එක්සත් රාජධානියේ උපදේශක ආචාර්ය සුනිල් සිරිවර්ධන
ජැනිස් ලියෝෂ්කෝ, සහකාර මහාචාර්ය, ටෙක්සාස් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
Dr. Justin Henry, Georgia College & State University, USA
Paul Halliday, Julian Bishko ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සහ ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය
චන්දන් රෙඩ්ඩි, සහකාර මහාචාර්ය, වොෂින්ටන් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
එම්. නීලිකා ජයවර්ධන සහකාර මහාචාර්ය, නිව් යෝර්ක්-ඔස්වේගෝ, ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය විශ්වවිද්‍යාලය
සත්‍ය පී. මොහාන්ටි, මහාචාර්ය, කෝනෙල් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය Annelies Goger, Maryland, USA
රෝහිනී සෙන්, ලන්ඩන්, එක්සත් රාජධානිය
ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි නීතිය හා සමාජ සාධාරණත්වය පිළිබඳ මහාචාර්ය ප්‍රභා කෝටිස්වරන්
daniel dillon, PhD, ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලය
ආචාර්ය Tsigkas Alexios, Zurich විශ්ව විද්‍යාලය, ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තයේ සූරිච් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩල්මියා කත්‍යායනි
චන්ද්‍රා තල්පාදේ මොහාන්ති, සිරකූස් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය රොහාන් මුකර්ජි, සිංගප්පූරුව
එස් චාරුශීලා, මහාචාර්ය, වොෂින්ටන් බොතෙල් විශ්ව විද්‍යාලය
Chaumtoli Huq, නීතිය පිළිබඳ සහකාර මහාචාර්ය, CUNY නීති පාසල
Smriti Rao, Assumption University, USA
ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාවේ මහාචාර්ය ජී පටෙල් විශ්ව විද්‍යාලය
ආචාර්ය ඩෙරෙක් ජොන්සන්, කැනඩාවේ මැනිටෝබා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය
සාරා ෂ්රොෆ්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලය, පකිස්ථානය
මාරියා රිට්සෙමා, සහකාර මහාචාර්ය, ඇමරිකා එක්සත් ජනපදය
Dina M. Siddiqi, New York University, USA.
ආචාර්ය දේවක ගුණවර්ධන, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය ජයන්ති ලිංගම්, පර්යේෂණ සහකාර, ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය
R.L.Stirrat.University of Sussex, UK
සූසන් රීඩ්, සහකාර මහාචාර්ය, බක්නෙල් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
අම්ජාඩ් සලීම්, ස්විට්සර්ලන්තය
සුභාෂ් ජෙයිරෙත්, කැන්බරා, ඕස්ට්‍රේලියාව
Dia da Costa, මහාචාර්ය, ඇල්බර්ටා විශ්ව විද්‍යාලය, කැනඩාව
ආචාර්ය අනූරාධ අයියර් සිද්දිකි, බර්නාඩ් විද්‍යාලය, කොලොම්බියා විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය
ආචාර්ය ඔසාමා සිද්දික්, නීතිය සහ ප්‍රතිපත්ති පර්යේෂණ ජාලය (LPRN), පකිස්ථානය

(මෙම නම් වැල ගූගල් පරිවර්ථනයකි. මුල් ඉංග්‍රිසි නම්වැල සඳහා මෙහි පිවිසෙන්න)

Archive

Latest news

Related news