Friday, March 29, 2024

විරෝධතාකරුවන් මර්දනයට රනිල් රාජපක්ෂ රජය සූදානම් බව මනුෂ නානායක්කාර කියයි!

කළක් මානව හිමිකම් බැටලු හමක් පොරවා ගෙන සිටි දේශපාලන සූකරයකු වන මනුෂ නානායක්කාර විරෝධාතරුවන් මර්දනයට තමන් සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

මේ බව සඳහන් වන්නේ රනිල් රාජපක්ෂගේ ඥති පුවත්පතක් වන ඩේලි මිරිර් විසින් පළ කර ඇති වාර්තාවකය.

රනිල් රාජපක්ෂගේ අසාර්ථකත්වයට හේතුව  දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලා සිටින අරගලකරුවන් බව පවසමින් නානායක්කාර කියා ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේදී පැමිණීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රමාද වී ඇත්තේ ඇතැම් විරෝධතාකරුවන් විසින් ඇති වූ නොසන්සුන්තාවය නිසා බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් මගින් රටේ ස්ථාවර බව ඇති කල යුතු බවය. ඒ වෙනුවට නානායක්කාර කියන්නේ  ස්ථාවර බව නැතිව තියෙන්නේ විරෝධතාකරුවන් නිසා බවය.

රනිල් රාජපක්ෂගේ පස්ස පැත්ත සේදීමේ කොන්ත්‍රත්තුව බාරගෙන ඇති නානායක්කකාර කියන්නේ  ප්‍රචණ්ඩත්වයට පත් වූ විරෝධතා හේතුවෙන් IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රමාද වී ඇති බවයි.

එය  අමූලික බොරුවකි.

විරෝධතාකරුන් මත ජනතා වෛරය ඇති කිරීම පිනිස නානායක්කාර මෙසේ ද කියා තිබේ. “පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා තම සංචාරය සතියකින් කල් දැමුවේ ඇතැම් රටවල ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමිව තිබියදීය. අප්‍රිකානු රටවල පුද්ගලයින්ට මෙම රැකියා පිරිනැමීම් ලබාදී තිබෙනවා,”

“අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවරත්වය සහ සාමයයි,” කියන මේ දේශපාලන බල්ටි රජා ස්ථාවරත්වය රාජපක්ෂ ආණ්ඩුවකින් ලබා ගත නොහැකි බව තේරුම් ගෙන නැත.

“සාමකාමී විරෝධතාකරුවන් සහ කැරලිකරුවන් සිටිති, ඔවුන්ට කිසි විටෙකත් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බැවින් බලය අල්ලා ගැනීම සඳහා ආයුධ අරගලයක් දියත් කිරීමට සැලසුම් කළ හැකිය. අපේ රජය මේ අයව නිරායුධ කරනවා.”  යැයි ඔහු කියා ඇත්තේ රනිල් රාජපක්ෂ පසුගිය 22 දින අලුයම දියත් කළ මෟග ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයත් සැළසුම් කෙරමින් ඇති බවට වාර්තා පළ වන අතරතුරය.

නිරායුධ කිරීමට නම් සන්නද්ධ වී ඇති කණ්ඩායමක් සිටිය යුතුත තමන්ට එවැනි බුද්ධි තොරතුරක් ලැබී ඇත්නම් නානායක්කාර ඒ බව ප්‍රසිද්ධ කළ යුතුය. මෙම කතාවේ ඇත්ත තේරුම නම් රනිල් රාජපක්ෂ විරෝධී තරුණ බලවේග මර්දනය කිරීමට ඇති සූදානමයි.

රනිල් රාජපක්ෂට අනුව  සියලුම විරෝධතාකරුවන් කැරලිකරුවන්ය. බටලන්ද කොමිසමෙහි දී හෙලිදරව් වූ පරිදි දුන් පරිදි රනිල් රාජපක්ෂ යනු ලේ පිපාසිත දේශපාලනඥයෙකි.

මෙම මුග්ද දේශපාලනඥයා කියා ඇත්තේ අරගලය කළ යුත්තේ රනිල් රාජපක්ෂ විසින් ලබා දෙන ස්ථානවලදී පමණක් බවයි. විරෝධතා පැවැත්විය යුත්තේ රජය කියන තැන් වල නම් ඒවා විරෝධ නොව යටපත්වීමිය. නනායක්කාර විපක්ෂයේ සිටියදී විරෝධතා පැවැත්වූයේ ගෝඨා අවසර දී ඇති තැන්වල පමණද?

ගෝඨාභය රාජපක්ෂද බලයට පැමිණි අලුතම කළේ විරෝධතා ස්ථානය නමින් පුවරුවක් සවි කර ගැනීමය. අන්තිමේදී ඔහුට ඇදිවත පමණක් ඇතිව පලා යාමට සිදු විය.

ඊළගට පැවැත්වෙන මැතිවරණයකදී නානායක්කාරලාට සිදු වන්නේ ද ඇඳිවත ගලවා ගෙන රනිල් රාජපක්ෂ සමඟ දේශපාලන වශයෙන් යහන් ගත වීමට පමණි.

සේ. පියවර්ධන

 

Archive

Latest news

Related news