Friday, March 29, 2024

රඹුක්කන ඝාතනය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය: මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි!

ඡායාරූපය: පොලිසිය විරෝධතාකරුවනට වෙඩි තැබුවේ එලවා යමිනි.

අප්‍රේල් 19 වන දින රඹුක්කන පොලිසියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් වාර්තා කරන්නේ මානව හිමිකම් කොමිසමේ අන්තර්වාර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට පොලිසිය සහ ‌රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පොලිස් ඇමැති වන ටිරන් අලස් ප්‍රතික්ෂේප කරන බවයි.

ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ සම්පුර්ණ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැති බවයි.

සාමාන්‍යයෙන් අතුරු වාර්තාවක් ඉදරිපත් කරන්නේ සම්පූර්ණ වාර්තාව පමා වන බැවින් අත්‍යවශ්‍ය නිර්දේශ වහාම ක්‍රියාවට නැගීමටය.

උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් 2012 වසරෙහි පත් කරන ලද එල්එල්ආර්සී කොමිසමේ අතුරු නිර්දේශ ක්‍රියාත්මක කරන බවට එම රජය පොරොන්දු විය.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවසන් වාර්තාව නිකුත් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

ටිරන් අලස් යනු එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දීම සහ රාඩා ආයතනය හරහා රාජ්‍ය මුදල් වංචා කරන ලද බවට චෝදනා ලද පුද්ගලයෙකි.

ඉන්ධන හිඟය හේතුවෙන් අපේ‍්‍රල් 19 වන දින  රඹුක්කන ප‍්‍රදේශයේදී ඇති වූ මහජන නොසන්සුන්තාවයක් අතුරතුර පොලිසිය වෙඩි තබා   නිරායුධ පුද්ගලයෙකු මරා දමන ලදී.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 41 හැවිරිදි චමින්ද ලක්ෂාන්ට වෙඩි තබන ලද්දේ ෙ  නොසන්සුන්තාවය ඇති වූ ස්ථානයෙන් ඉවතට යමින් සිටිය දීය.

සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසු වුවද කරනු ලබන්නේ  රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිය නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීම  බව ද  ටිරන් අලස් කියා  තිබේ.

අපේ‍්‍රල් 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයේදී සිවිල් වැසියන්ට පොලිසිය වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිය අතුරු වාර්තාව ජුනි 28 වන දින නිකුත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  කේ.බී. කීර්ටතාරත්නට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම ඇතුළු නිර්දේශ ගණනාවක් අතුරු වාර්තාවේ දක්වා ඇත. කීර්තිරත්න පොලිස් නිලධාරීන්ට මාරාන්තික බලය පාවිච්චි කරන ලෙස නියෝග කළ නිලධාරියාය.

රඹුක්කන සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ ටී 56 වර්ගයේ ප්‍රහාරක රයිෆල් හතරකින් වෙඩි තබා ඇති බවත්, නියෝග යටතේ වෙඩි තැබූ ඇතැම් නිලධාරීන් ඒවා භාවිතයට තමන් දක්ෂ නැති බවට ප්‍රකාශ කර ඇති බවත් අතුරු වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

මාරාන්තික බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට දැඩි මාර්ගෝපදේශ සහ නියෝග නිකුත් කිරීම ඇතුළුව ඉදිරියේදී එවැනි සිදුවීම් කිසිවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස ද අතුරු වාර්තාව නිර්දේශ කර තිබේ.

අදාල ඉංග්‍රිසි වාර්තාව මෙහි ඇත.

අතුරු වාර්තාව ඉංග්‍රිසි බසින් කියවන්න: ( සිංහල පරිවර්තනයක් දී නොමැත)  Rambukkana Interrim report HRCSL

 

Archive

Latest news

Related news