විරෝධතාකරුවන් ජනපති මන්දිරයෙන් සොයා ගත් මිලියන 18ක් බාරදුන් බව පොලිසිය පිළිගනී

797

ඊයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ විරෝධතාකරුවන් විසින් සොයා ගෙන බාර දෙන ලද රුපියල් එක කෝටි 18 ලක්ෂයකට ආසන්න මුදල තමන්ට බාර දුන් බව පැය 24කට පසු පොලිසිය පිළිගෙන තිබේ.

මෙම ප්‍රකාශය කර ඇත්තේ එම මුදල පොලිස් ප්‍රධානියකු විසින් අපහරණය කිරීමට යන බවට පළ වූ වාර්තාවලින් සහ එම මුදල් බාර දීම පිළිබඳ  ප්‍රකාශයක් නොකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුවය.