Saturday, April 20, 2024

සරල ගෝටාගේ එළියට ආ තිත්ත ඇත්ත

මහජන මුදල් අනිසා ලෙස භාවිතා නොකරණ බවට පුරසාරම් දෙඩූ ගෝටාබය රාජපක්ෂ පන්නා දැමීමෙන් පසුව ජනාධිපති පරිහණය කළ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව ප්‍රධාන සාදකයක් ලෙස වාහන සංචිතයෙන් අනාවරණය වී තිබේ.

මෙයට පෙර ලංකාටෘත් වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂගේ සිට විවිධ නාස්තිකාරී වියදම් දැරූ ආකාරය හෙළිදරව් කර තිබිණි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ඉවත්වන අවස්ථාවේ ජනාධිපති සතු මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නවලක්ෂ දහසදහසක් (රු. 30,910,000) වී තිබිණි.

මහින්ද රාජපක්ෂ 2014 වසර අවසානයේ ජනාධිපතිවරණයෙන් පාරජය වී යන අවස්ථාව වනවිට එම වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370කට ආසන්න වී තිබිණ. එය මුදල් අමාත්‍යාංශ වාර්ශික වාර්තාව අනුව රුපියල් තුන්සිය හැට නව කෝටි අසූඅට ලක්ෂ හැටහතර දහසක් (රු. 3,698,864,000) වී තිබිණ.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති වාහන සංචිතය ලෙස භාවිතා කළ වාහනවල වටිනාකම මෙතෙක් හෙළිදරව් වී නොමැත.

(ලංකා ට්රුත)

Archive

Latest news

Related news