Tuesday, July 16, 2024

ගෝටා සෙට් එක රට පැනීම නවතනු! තරැණ ජනමාධ්‍යවේදීයෝ පොලිස්පතිට ලියති.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මුලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

සැකකරුවන් පිරිසක් රටින් පැන යාම වළක්වන ලෙස ඉල්ලා සිටීම

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් 2022 මැයි මස 11 වැනිදා සහ ඊට පසු කොළඹ කොටුව පොලිසියට සහ පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිලි කිහිපයක සැකකරුවන්  ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ, කමල් ගුණරත්න, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට රටින් පිටවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමු.

මැයි එකොළොස් වැනිදා සහ ඊට පසු කරන ලද පැමිණිලිවලට අදාළ එම සැකකරුවන් රටින් පිටවී ගියහොත් ඒ සම්බන්ධයෙන් ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව දැනුම් දෙමු.

මෙයට,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
[email protected]

පිටපත්

1) මානව හිමිකම් කොමිෂන් සභාව

2) ශ්‍රී ලංකා නීතිඥ සංගමය

3) තානාපති කාර්යාලය

Archive

Latest news

Related news