Wednesday, January 15, 2025

රනිල් රාජපක්ෂ රෙජීමය බෞද්ධ භික්ෂූන්ට විරුද්ධවත් තහනම් නියෝගයක් ගනියි!

ඡායාරූපය: අරගලය තුල භික්ෂුවක්!

යන එන මං නැතිව සිටින රනිල් රාජපක්ෂ රෙජීමය අද කොලඹ බෝධිරැක්කාරමය අබියස පැවැත්වීම නියමිත භික්ෂූ සත්‍යග්‍රහය තහනම් කරමින් නියෝගයක් ලබා ගෙන තිබේ. මෙම තහනම් නියෝගය ලබා ගෙන ඇත්තේ පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා හරහාය.

මේ අනුව පාහිංගල ආනන්ද සාගර හිමි, උලපනේ සුමංගල හිමි සහ කලුබෝවිල පදුම හිමි ඇතුලු තවත් අයට අද දින කොටුව ඔල්කොට් මාවතට ඇතුලු වීමද තහනම් කර තිබේ.

විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කල යුතු බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය  මෙන්ම අන්තර් ජාතික ප්‍රජාාව විසින්ද නැවත නැවත තහවුරු කර තිබියදී රනිල් රාජපක්ෂ රෙජීමය සාමකාමී විරෝධතාවයන් තහනම් කිරීම දිගින් දිගටම කරගෙන යයි.

රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙහි දී පාන කපටි සිනහ පිටුපස ඩ්‍රැකියුලාගේ දත් පෙනෙන බව මේ සියලු කරුණු විසින් සනාථ කරයි.

පොලිස් ප්‍රකාශය:

Archive

Latest news

Related news