Friday, March 29, 2024

දේශපාලන මර්දනය: විපක්ෂය ප්‍රචණ්ඩ ක්‍රියා අවුලවන බව පොලිස්පති ජෙනරල් ගුණරත්නට කියයි. විදේශීය රටකටත් චෝදනා!

ඡායාරූපය: අත ළඟට ආ යුදකරණය!

පොලිස්පති වික්‍රමරත්න  පසුගිය ජූනි 26වනදා දාතමින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත යන ලද ලිපියක් මගින් මෙම මස 5/6 දිනවල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට ජවිපෙ, පොසපේ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වන්නේ යැයි දන්වා තිබේ.

මෙම ලිපිය සමාජ ජාල පුරා සංසරණය වෙයි. පොලිස්පති මෙම ලිපිය ව්‍යාජ එකක් යැයි මේ තාක් කියා නැත.

එහි මෙසේ කියයි:

“ඉදිරියේදී ප්‍රාදේශීය සභා මංත්‍රීන් ඇතුලු දේශපාලනඥයින් ඉලකක් කරඔවුන්ට සහ ඔවුන්ගේ නිවාස වලට යම් ප්‍රහාරයක් ඒල්ල කර ඔවුන මගින් රජයට බලපෑම් කර රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ජනතා විමිකුති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂ වලින් සහ විපක්ෂ කන්ඩායම්මගින් සැළසුම්කකර ඇති බවට මා වෙත වාර්තා කර ඇත.”

සහමුලින්ම ව්‍යාජ තොරතුරු මත පදනම් වී යනව ලද බව පෙනෙන මෙම ලිපිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ මර්දනය කිරීමට දරන උත්සාහයක් විය හැකි යැයි අදාළ අංශ සැක පහළ කරති.

තවද එම ලිපිය කියන්නේ විදේශීය ඔත්තු සේවයක් මගින් මෙම මස 5/6 දින වලට යෙදෙන කලු කොටි සැමරුම් දිනවල උතුරු නැගෙනහිර බෝම්බ පුපරුවා එය ඒල්ටීටීඊ සංවිධානය පිටින් යැවිමට සැළසුමක් ඇති බවයි. මෙම විදේශීය ඔත්තු සංවිධානය කුමක්දැයි පොලිස්පතිවරයා සඳහන් කර නැත.

එම ලිපිය පහත පළවේ.

Archive

Latest news

Related news