Saturday, April 27, 2024

ගෝටා ගෝ හෝම් විරෝධතාකරුවන් ඉවත් කිරීම:  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ හමුදා ප්‍රකාශකගේ කටට සහ කණට ගසති!

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා රජයට එරෙහි විරෝධතාකරුවන් ගාලු කොටු බැම්මෙන් ඉවත් කළේ ඔවුන් පිතිකරණ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවධානය වෙනතකට යොමු කළ නිසා බවට කරන ලද ප්‍රකාශය පිළිබඳ  තමන් කිසිවක් නොදන්නා බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කියා සිටිති.

මේ බව theage  ඔස්ට්‍රේලියානු පුවත්පත විසින් වාර්තා කර තිබේ.

මෙය එම ප්‍රකාශය කරන ලද හමුදා ප්‍රකාශකයාගේ කටට සහ කණට ගැසීමක් හා සමානය.

රනිල් රාජපක්ෂ සමාගමේ ප්‍රජාතන්ත්‍රවාදී කතා බව ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ බව මෙමගින් යළිත් වරක් ඔප්පු වී තිබේ. රටෙහි ජනයාගේ අයිතීන් මර්දනය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පාවිච්චි කරන තරමට රනිල් රාජපක්ෂ ආණ්ඩුුව පිරිහී තිබේ.

ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ, මෙරට මුහුණ දී සිටින  දරුණුතම ආර්ථික අර්බුදය කියා පෑම පිනිස  රජයට එරෙහිව බොහෝ ප්‍රේක්ෂකයින් ගාලු කොටු පවුර මත විරෝධතා පුවරු ඔසවාගෙන සිටියහ.

තරඟයේ දෙවන දිනයේ දී අගභාගයේදී විරෝධතාකරුවන් බලහත්කාරයෙන් බලකොටු බැම්මෙන් ඉවත් කරන ලදී. ඕවර 154 ක් ඇතුළත ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගයේ අවසන් දිනයේ මහජනතාවට එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තහනම් කරන තිබුණි. කොටුව තුළ ආරක්ෂකයන් පවා යොදවා තිබුණි.

“විරෝධතාකරුවන් පිතිකරුවන්ගේ දර්ශනයට බාධා කරන බැනර් භාවිතා කරමින් සිටි අතර, එම නිසා ඔවුන් [බැනර්] එම අඩවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය,” යැයි හමුදා ප්‍රකාශකයෙකු ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණි. “මේ සිද්ධිය වුණේ බදාදා [ජුනි 29] සහ ඊයේ [ජුනි 30]. ඒ වගේම එම ස්ථානයේ රැඳී නොසිටින ලෙස ජනතාවට උපදෙස් දුන්නා.” යැයි හමුදා ප්‍රකාශකයා කියා සිටි බව එම පුවත් වාර්තාව කියා සිටී.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සත්කාරක කණ්ඩායම වඩා තීරණාත්මක පළමු ඉනිමේ ලකුණු 101 ක් ඉදිරියෙන් සිටි දිනයේදී සංචාරක කණ්ඩායමේ පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වූ බවට කිසිදු අදහසක් ප්‍රතික්ෂේප කළ බවද  ද ඒජ් පුවත් පත වාර්තා කරයි.

එම වාර්තාව තවදුරටත් කියන්නේ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමේදී සහ සම්පත් බොහෝ හිඟ අවස්ථාවකදී ඒවා භාවිතා කිරීමේදී  පවතින ප්‍රතිවිරෝධතා ගැන සංවේදීව කතා කර ඇති බවයි. සංචාරක කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අමුත්තන් අර්බුදය තිබියදීත් ප්‍රදේශවාසීන් විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇති බවද එම වාර්තාව දක්වයි.

මේ සිදුවීම එකක් කඩතොලු වසා ගන්නට ගොහින් මට උන කාරියා -දෙකක් කඩතොළු හදා දුන්නයි හමුදා ආචාරියා වැන්නක් බව ක්‍රිකට් ලෝලියෝ පවසති.

දෙවැනි ටෙස්ට් තරඟය අවස්ථාවෙහි වඩා විශාල පිරිසක් කොටු බැම්ම මත ගෝටා ගෝ හෝම් විරෝධයට එකවනු ඇතැයි ගාලු ආරංචි මාර්ග සඳහන් කරයි.

Gas bottles lined up around the southern side of the stadium in Galle.CREDIT:DANIEL BRETTIG

 

එම වාර්තාවෙහි මෙරට ඇති ගෑස් අර්බූදය සහ කොටුව වටා හිස් ගෑස් බැරල් තබා තිබූ බවත් කොාටුව තුල පටු පාරවල් දිගේ පෝලිම් තිබූ බවත් වාර්තා කරයි!

Archive

Latest news

Related news