Thursday, April 25, 2024

මිරිහාන ගිනි තැබූ බසයට සම්බන්ධ සතා නාලක නිදහස් කර ගැනීමට රනිල් රාජපක්ෂගේ පොලිස් ඇමැති අලස් සහ දේශබන්දු දැරූ උත්සාහයක් වරදී!

ඡායාරූපය: මහින්ද රාජපක්ෂ විසින් සංවිදානය කල මැර කණ්ඩායමේ සමාජිකයකු වූ සතා නාලක විසින් යකඩ පොල්ලක් ඇතිව ගෝටා ගෝ ගමට පහර දීමට පැමිණියේය.

පසුගිය බදාදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි  අශාන්ත නාලක හෙවත් සතා නාලක යැයි කියැවෙන, මිරිහාන සාමකාමී උද්ඝෝෂණයේදී  ගිනි තැබූ බසය පදවා ගෙන ආ  පුද්ගලයා නිදහස් කර ගැනීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පොලිස් ඇමැති වන ටිරන් අලස් දැරූ උත්සාහයක් වැරදී ගොස් තිබේ.

මෙම පුද්ගලයා බසය පදවා ගෙන ආවේද නැත්නම් බසයට ගිනි තැබුවේද යන්න සම්බන්ධයෙන් මත දෙකක් පලවී තිබේ.

මෙම පුද්ගලයා එම බසය ගෝටාභය රාජපක්ෂගේ නිවස ඉදරිපිිට නතර කිරීම නිසා  ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීමට බාධා වී යැයි පොලීසිය අධිකරණයට කියා තිබේ. මෙම බසය යුද හමුදාවට පවරා ගන්නා ලද බසයක් බව කියැවේ.

එසේ නමුත් කලින් වාර්තා වූයේ බසයට ගිනි තබන ලද්දේ ඔහු විසින් බවයි.

පොලිසිය ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංඟුවට ගැනීම වෙනුවට  කලේ සාමකාමී විරෝධාකරුවන් සහ ජනමාධ්‍යවේදීන් කුදලා ගෙන යෑමය.

ගෝඨාභය රාජපක්ෂ රටපුරා ඇදිරි නීතිය පනවා මර්දනයක් දියත් කිරීමට පාවිච්චි කලේ එම බසය ගිනි තැබීම ඇතුලු ප්‍රචන්ඩ ක්‍රියාය.

එම ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගත් කිසිදු විරෝධතාකරුවකුට පොලිසිය නඩු පවරා නැත.

පසුගිය බදාදා  අධිකරණය හමුවෙහි මොසමක් ඉදිරිපත් කර  පෙනී සිටි  අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවේ පහළ මට්ටමේ නිලධාරීන් දෙනෙකෙු  අශාන්ක නාලක නොහොත් සතා නාලක නොහොත් අරබි වසන්ත ගැන කියා සිටියේ අපූරු කතාවකි. එනම් ඔහු  සම්බන්ධ බසය  බසය පොදු දේපලක් නොවන බවයි. මන්ද යත් එය පවරා ගන්නා ලද බසයක් නිසාය.

එනිසා ඔහුට ඇප ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ මේසේ වාර්තා කරයි:

මිරිහාන බසයට ගිනි තැබූ පුද්ගලයා සොයා පොලිසිය අදින ලද පින්තූරයක් පවා ප්‍රසිද්ධ කළේ එය පොදු දේපලක් බව කියමිනි.

ලංකා ට්රුත් වෙබ් අඩවියට අනුව බසයට ගිනි තබන ලද්දේ සතා නාලක විසිනි.

ඔහු මෙම බසය පදවා ගෙන ආවේ නම් ඔහු යුද හමුදාවට සම්බන්ධ අයකු විය යුතුය. මන්ද යත් මෙම බසය යුද හමුදාවට අයත් බව ඒ අවස්ථාවෙිදී පොලිසිය ප්‍රකාශ කළ නිසාය.

අවසානයේදී මෙම සතා නාලක අත්අඩංඟුවට ගැනුනේ අරලිය ගහ මන්දිරයට කැඳවා මහින්ද රාජපක්ෂ විසින් සන්නද්ධ කර පසුගිය මැයි 09දා ගෝටා ගො ගමට පහරදීමට එවීමෙන් පසුය. එම අදාළ ජායාරූප මෙහි පළ කර ඇත.

පසුගිය බදාදා සතා නාලක නිදිහස් කර ගැනිමට ගිය සිඅයිඩී නිලධාරීන්ගෙන් මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ එම බසය  දැන් පොදු දේපලක් නොවන්නේ කෙසේදැයි කියාය. රජයට පවරා ගනු ලබන ඕනෑම දේපලක් පොදු දේපල බවට පත් වේ.

මේ අවස්ථාවෙහි  මහේස්ත්‍රාත් නිල කාමරය තුලට ගිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන්  මහේස්ත්‍රාත්වරයාට කියා සිට ඇත්තේ මෙය තමන්ගේ තීරණයක් නොව සිටියේ ටිරාන් අලස්, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දෙන ලද නියෝගයක් බවයි.

ඇප ලබා ගැනීමට නම් නීතිපති දෙපාර්තමෙන්තුව නොපැමිණයේ ඇයිදැයි විමසූ විට සීඅයිඩී නිලධාරීන් කියා ඇත්තේ මෙම තීරණය පිළිබඳව නියෝජ්‍ය නීතිපතිවරයකු වන දිලීප පීරිස් ද  දන්නා බවයි.

මේ පිළිබඳව ටිව්ටර් පණිවිඩයක් තබන සිවුර නම් ට්විටරයා කියන්නේ පොලිසිය කියා ඇත්තේ තමන් ඇප ඉල්ලා සිටියේ ටිරාන් අලස්, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ යන මහත්වරුන්ගේ නියෝග අනුව බවයි.

සුද කමීසයක් හැඳ හෙල්මටයක් පැළඳ සතා නාලක යඩ පොලු පහර දෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්විය. මහින්ද රාජපක්ෂ විසින් විරෝධතාකරුවනට  පහර දීමට සතා නාලකට යකඩ පොල්ලක් ලබා දී තිබුණි.

ඔහු පාතාල කල්ලි හා සම්බන්ධකම් පවත්වන බවට අනාවරණය වී ඇති බවත්, පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බව පැවසෙන බවත් ලංකා ට්රුත් අඩවිය වාර්තා කළේය.‍

බොහෝ දුරට ඔහු බුද්ධි අංශ සමග කටයුතු කරන ප්‍රහාරකයකු විය හැකි යැයි දේශපාලන අංශ සැක කරයි.

අද දින ටිරාන් අලස් සහ නීතිපති සංජය රාජරත්නම් දිලීප පීරිස්ට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ වසන්තට ඇප ලබාදෙන ලෙස සහතික වන ලෙස දන්වා ඇතැයි ද සිවුර ට්විටරයා සඳහන් කරයි. මෙම නඩුව අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරනයේදී යළි කැදවීමට නියමිතය.

මේ අතර නිතිපති දෙපාර්ථමෙන්තු ආරංචි මාර්ග දක්වන්නේ මේ දිනවල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, නියෝජ්‍ය නීතිපති දිලීප පිරීස්ගේ කාමරයට යන එන බවයි.

සේ. පියවර්ධන

සිවුර තැබූ ටිවිටර් සටහන්,

 

Archive

Latest news

Related news