Thursday, April 18, 2024

මහ ඡන්දයක් නොතියා ඉන්න රනිල් රාජපක්ෂ කෙළිය බොරුව අතේ පත්තු වෙයි!

මහා මැතිවරණයක් පැවැත්වීමට නම් රුපියල් බිලියන 20ක් අවශ්‍ය බවටත් අපෙක්ෂකයින්ගේ වියදම් ලෙස තවත් බිලියක 30-40ක් අවශය වනු අති බවටත් එබැවින් මේ අවස්ථාවේ සමහා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවටත් රනිල් රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය අසත්‍ය බව වෙරිටේ රිසර්ච් ආයතනයේ ෆැක්ට් චෙක් මගින් සනාථ වී තිබේ.

රාජපක්ෂ පවුල මෙන්ම රනිල් රාජපක්ෂ කන්ඩායමද මහ මැතිවරණයකට තරම් බිය වෙනත් දේශපාලන ඉල්ලීමක් මේ අවස්ථාවේ නැත. ඒ තමන්ගේ කිරි පල්ල පවා කඩා ගෙන යන සොදා පාලුවකට තම පක්ෂ අසුවන බව දන්නා නිසාය. ජූනි මාසයෙහි රරනිල් රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ සියයට තුන ජනතාවක් පමණක් බව තවත් සමීක්ෂණයක්නි පෙන්වා තිබේ.

රනිල් රාජපක්ෂගේ එකී ප්‍රකාශය පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය මිගින් ප්‍රසිද්ධ කර ඇති සටහන පහත දැක්වේ.

ඩේලි නිව්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමට ප්‍රධාන හේතු දෙකක් ඉදිරිපත් කරයි: (1) රජයට දැරීමට සිදු වන වියදම; සහ (2) එමගින් ආර්ථිකය මත ඇති කරන අහිතකර බලපෑම. 

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ පරිපාලන වාර්තා පරිශීලනය කර ඇත. 

පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ. එහෙයින් පසුගිය මැතිවරණය වෙනුවෙන් දරන ලද පිරිවැය සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන දැක් වූ අගයන් සැබෑ පිරිවැයට සාපේක්ෂව විශාල වශයෙන් වෙනස් වේඑමෙන්ම, කොවිඩ්-19 ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට සිදු වීම හේතුවෙන් පසුගිය මැතිවරණය සාමාන්‍ය මැතිවරණයකට වඩා වියදම් අධික වූවක් ලෙස සලකනු ලබන බැවින් මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20 ක් (පසුගිය මැතිවරණයට වැය වූ මුදල මෙන් 4 ගුණයක්) වැය වනු ඇතැයි යනුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදරිපත් කරන ලද ඇස්තමේන්තුව ද පදනම් විරහිත වේ. 

ආර්ථිකයට සිදු වන බලපෑම සැලකීමේදී අග්‍රමාත්‍යවරයා විසින් හිතකර බලපෑමක් අහිතකර බලපෑමක් ලෙස නිවැරදි නොවන අයුරින් අර්ථ දක්වා තිබේඉදිරියේදී අපේක්ෂකයින්ගේ ප්‍රචාරක වියදම රු. බිලියන 30-40 විය හැකි යැයි ඔහු ඇස්තමේන්තු කරයි.* මෙහිදී සත්‍ය කරුණ නම් අපේක්ෂකයින් විසින් සිදු කෙරෙන එවැනි වියදම් හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය වන බවයි. එමෙන්ම, මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළ සේවාවන් සපයන පුද්ගලයින්ට සහ ආයතනවලට ඉන් ප්‍රතිලාභයක් අත් වේ. රාජ්‍ය ආදායමට ද ඉන් ප්‍රතිලාභ ලැබේ. දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති යටතේ අපේක්ෂිත බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් පමණ වනු ඇත.** ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් වන මුදල පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ඇස්තමේන්තුව පදනම්වඅතිරේක වශයෙන් බදු අය කර ගත හැකි ආදායම ලෙසට එම මුදලින් අඩක් පමණක් උපයා ගත්ත ද ඉන් රජයේ ආදායම රු. බිලියන 2 න් පමණ වැඩි වනු ඇත. මෙමගින් ආර්ථිකය මත ඇති කෙරෙනුයේ අහිතකර බලපෑමක් නොව හිතකර බලපෑමකි. 

( i ) මීට පෙර පවත්වන ලද හා පැවැත්වීමට නියමිත මැතිවරණවල පිරිවැය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ තක්සේරුව පමණට වඩා විශාල වන අතරම(ii) ආර්ථිකය මත බලපෑම පිළිබඳ ප්‍රකාශ කිරීමේදී ආර්ථික ක්‍රියාකාරකම්, ප්‍රචාරණ සේවා ලබා දෙන්නන් සහ රජයේ ආදායම වෙනුවෙන් අත්වන ප්‍රතිලාභ නොසලකා හරිමින් මැතිවරණයක් පැවැත්වීමෙන් ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදු වන බවට ප්‍රකාශ කර තිබේමේ අනුව, මෙම කරුණු දෙකම සැලකීමේදී ඒ පිළිබඳ නිවැරදි ඇගයීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් කිසිසේත් පිළිබිඹු නොවේ. 

එබැවින්, අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු. 

* 2020 මහ මැතිවරණයේ දී සියලුම අපේක්ෂකයින් සඳහා මුළු ප්‍රචාරක වියදම රුබිලියන 10-13 අතර වූ බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (Centre for Monitoring Election Violence) විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. 

* * 2019-2021 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායමේ සාමාන්‍යය (එනම්, වත්මන් ජනාධිපතිවරයා යටතේ) 9.1% කි. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්  වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම  ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව කෙරෙහි මහජන විශ්වාසයයේ තරම්:

Archive

Latest news

Related news