Thursday, April 18, 2024

රනිල් රාජපක්ෂ රිජීමය ලංකාවේ සෞඛ්‍ය සේවාවටත් කෙලී: දරු උපත් නිවසේදී; පෝෂක ආහාර නවතී: දරුවන්ගෙන් සියයට 40% බරින් අඩුයි!

කාටූනය: රනිල් රාජපක්ෂ පාලනයේ මූලික යොමුව ඇත්තේ ජන සුභ සාධනයට නොව සිය බලය රැක ගැනීමටය.

දිවයිනේ ස්ථාන කිහිපයකින්ම වාර්තා වී ඇති නිවාසවල සිදුවන දරු ප්‍රසූති  පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි.

මේ වනාහී රනිල් රාජපක්ෂ අසාර්ථක පාලනයේ තවත් වේදනාබර පැතිකඩකි.

දිනපතා ඉංග්‍රිසි පුවත්පතට අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු කියා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ගෘහස්ථ නිවෙස් තුළ සිදු වූ දරු ප්‍රසූති රැසක් වාර්තා වූ බවයි.

“පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ, මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. නමුත් අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහය ඇතිව දරු ප්‍රසූති සිදු වූ බැවින් මව්වරුන් සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වෙන්නේ.”

ඉන්ධන අර්බුදය හමුවේ රෝහල්වලට යැමට ඇති දුෂ්කරතා මෙන්ම ආර්ථික දුෂ්කරතා ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව දේවිකා කොඩිතුවක්කු  පවසා තිබේ.

“ නිවසේදී දරු ප්‍රසූතියක් සිදු කරන්නේ නම්, ප්‍රසූතියේදී ඔබට ලියාපදිංචි වින්නඹු මාතාවක්, වෛද්‍යවරයකු හෝ ප්‍රසව වෛද්‍යවරයකු  ඔබට සහාය විය යුතුය. වාර්තා වූ අවස්ථා වලදී මෙම මව්වරුන්ට උපකාර කිරීමට සිටියේ වින්නඹු මාතාවයන්ය. ඔවුන් නොසිටියේ නම් කුමක් සිදුවන්නට තිබුණිද?” යැයි ඇය ප්‍රශ්න කරයි.

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාව ලබා ගත් එක් වැදගත් ජයග්‍රහණයක් වූයේ ළදරු මරණ වැළැක්වීමත් නිවෙස්හි සිදුවූ දරු ප්‍රසූතීන් සම්පූර්ණයෙන්ම වාගේ නතර වී සෑම මවක්ම  සෞඛ්‍ය සෝදිසිය යටතේ මාතෘ සායනයන්හිදී දරු ප්‍රසූතිය සිදු කිරීමත්ය.

“මාතෘ මරණවල කැපී පෙනෙන අඩුවීමක් සහිතව ශ්‍රී ලංකාව ආරක්ෂිත දරු ප්‍රසූතියක සාර්ථක නිදර්ශනයක් බවට පත්ව තිබුණා.  එබැවින් නුපුහුණු වින්නඹු මාතාවන් ප්‍රසූතියට සහය වූ මුල් යුගයට නොගොස් අපි එම තත්ත්වය රැක ගත යුතුයි,” ඇය සඳහන් කරයි.

මේ අතර දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න කායික හා සංජානන වර්ධනයට වැදගත් වන ක්ෂුද්‍ර පෝෂක කිහිපයක් සහ යකඩ, සින්ක් ඇතුළු විටමින් වර්ග කිහිපයකින් සමන්විත බහු ක්ෂුද්‍ර පෝෂක හිඟයක් පවතින බව ද එම සංගමය ප්‍රකාශ කරයි.

“එමෙන්ම, මාස හයේ සිට 11 වන මාසය දක්වා ළදරුවන්ට සාමාන්‍යයෙන් රජයේ සායන මගින් සැපයූ නමුත් දැනට ලබා ගත් නොහැකි විටමින් A  ඒකක 100,000 මාත්‍රාවක් ලැබිය යුතුය. තවද, ගර්භණී සමයේදී දෛනික යකඩ මාත්‍රාව (මූලද්‍රව්‍ය යකඩ මිලිග්‍රෑම් 30) කාන්තාවන්ගේ යකඩ තත්ත්වය වැඩි දියුණු කරන අතර ඔවුන්ගේ දරුවන් රක්තහීනතාවයෙන් ආරක්ෂා කරයි. මේ වන විට ගර්භනී කාන්තාවන් සඳහා ඒවා ලබා දීමට අපට හැකියාවක් නැත”  යැයි ඇය තවදුරතේ කියා සිට තිබේ.

අධික කැලරි සහිත, විටමින් සාරවත්, සංයුක්ත, සම්පීඩිත, වියළි, ​​හදිසි ආහාර – සහ ත්‍රිපෝෂ – බීපී-පහ බිස්කට් හිඟයක් පවතින බවද ඇය කියා සිට තිබේ.

වගකිවයුතු පුරවැසියන් ලෙස රටක් එහි දරුවන්ට නිසි පෝෂණය ලබා දිය යුතු නමුත් රනිල් රාජපක්ෂ රජයේ අසාර්ථකබාවය හමුවේ දැන් මෙරට  මුල් වියේ ළමා පරපුර මුහුණ දී සිටින්නේ පෙර නොවී විරූ අභ්‍යාගය සම්පන්න තත්වයකටය.

ශ්‍රී ලංකාවේ උපදින දරුවන් 50 කින් 20 දෙනෙකු එනම් සියයට 40ක් පමණ අඩු බරින් යුක්තය.

“සමහරවිට ඉහළ ආදායම් ලබන්නන් මෙම අර්බුදයෙන් පීඩාවට පත් නොවනු ඇත. නමුත් අඩු ආදායම්ලාභීන් සහ දෛනික වැටුප් ලබන්නන් ගැන කුමක් කිව හැකිද? මෙය සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රඥාවන්ත තරුණ පරපුරක් බිහිකිරීම අවස්ථා අවදානමට ලක් කරයි.” යනුවෙන් ඇය තවදුරටත් පවසා තිබේ.

Archive

Latest news

Related news