Saturday, April 27, 2024

ගෝ්ටාගේ දූරකාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන 22වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්නයෙන්

කාටූනය: තලංගම ජයසිංහගේ “පලා මල්ල”

ජූනි 22වන දින ගැසට් කරන ලද 22වන ආණ්ඩුක්‍රම සංසෝධනය අනුව එහි සඳහන් බොහොමයක් වගන්ති ක්‍රියාවට නැගෙන්නේ ගෝටාභය රාජපක්ෂගේ ධුර කාලය අවසන්වීමෙන් පසුය.

එමෙන්ම ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාව පත්කරන ක්‍රමවේදය 19වන ව්‍යවස්ථා සංසෝධනයට වෙනස් වන අතර අගමැතිවරයා සහ විපක්ෂනායකවාරයා විසින් කළ යුතුව තිබෙන පස් දෙනෙකුගේ පත්කිරීම් කතානායකවරයාට බාර දී තිබේ. මෙම වෙනස කරන ලද්දේ ගෝටාගේ බලකිරීම නිසා බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණි.

ඒ අනුව ව්‍යවස්ථා සභාව පත් කැරෙන්නේ මෙසේය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
41අ. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් . සමන්විත වන, (මේ පරිච්ඡේදයේ “සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය :-
(අ) අග්‍රාමාත්‍යවරයා;
() කථානායකවරයා;
(ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා;
(ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්;
(ඉ) පහත සඳහන්  පරිදි නාම යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු තැනැත්තන් පස් දෙනෙක;

(i) ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු;
(ii) විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු; සහ
(iii) අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විමසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය
මත, කථානායකවරයා විසින් නාම යෝජනා කරනු ලබන තැනැත්තන් තිදෙනකු;
(ඊ) ආණ්ඩුව නියෝජනාය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
(2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුත්තේ ය

මෙම ක්‍රමවේදය අනුව අවම වශයෙන් රාජපක්ෂවාදී සාමාජික සාමාජිකාවන් පස් දෙනෙකු පත් කර ගැනීමට අවස්ථාව තිබේ.

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් ක්‍රියා කළ යුතුය යන්න ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලය තුළ ක්‍රියාත්මක නොවේ.

ජනාදිපති ධුරයේ බලතල සීමා කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් මෙම සංසෝධනය නැවතනැවත මෙසේ සදහන් කරයි:

“එසේ වුව ද, මේ පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ නව වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන දිනයෙන් අවසන් වන කාලපරිච්ඡේදය තුළ දී,” ජනාධිපතිවරයගේ අදාළ බලතල එළෙසම පවතී.

22වන සංසෝධනය සම්පූර්ණයෙන් පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න:2273-89_S

Archive

Latest news

Related news