Friday, March 29, 2024

ගෝටාගේ උපන්දිනය වෙනුවෙන් මර්දනය දිගටම: ස්ත්‍රීන් 4ක් හිමිනමක් ඇතුලු 21 අත්අඩංඟුවට

අදට යෙදී ඇත ගෝටාගේ 73වන උපන්දිනය වෙනුවෙන් විරෝධතාවයන්හි යෙදී සිටි 21 දෙනෙකු අද උදෑසන පොලිසිය විසින් අත් අඩංඟුවට ගෙන තිබේ.

මේ අතර හිමි නමක්, ස්ත්‍රීන් හතර දෙනෙකු ද සිටින බව පොලිස් නිවේදනයක් සඳහන් කරයි.

මේ සඳහා අති විහාල පොලිස් බලඇනියක් යොදවා තිබුණි.

මෙම විරෝධතාවයන් නිසා අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට තිබූ සාකච්ඡාවන්ට බාධා පැමිනිමද අත් අඩංඟුවට ගැනිමට හේතුවක් ලෙස එම නිවේදනය දක්වයි.

අත්අඩංඟුවට ගෙන ඇති විරෝධතාකාරියන් සහ විරෝධතාකරුවන් අතර ඉසුරු වර්ණකුලසූරිය (පන්හිඳ). චමීර මධුසංඛ
රම්දිමාල් ගමගේ, ධනයිස් අලි, අංජුල රාජපක්ෂ, අනුරුද්ධ බණ්ඩාර, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේෂ් ඉන්දික
මොහොමඩ් ෆාසීම් යන අයද සිටී.

මෙම අත්අඩංඟුවට ගැනීම් සිදු කරන ලද්දේ පෑලියගොඩ පොලීසිය විසිනි. නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ අත්අඩංඟුවට ගත් පිිරිස වෙනුවෙන් පෑලියගොඩ පොලිසියට ගිය බව ද වාර්තා වේ.

Archive

Latest news

Related news