Friday, April 26, 2024

ගෝටා තමා පැහර ගැනීමට සුදුවෑන් එවන බව උදයංග වීරතුංග සිය බිරිඳට ලියයි!

රාජපක්ෂ පවුල තුල ලියලන අර්බූද තවදුරටත් මතු පිටට ගෙනෙමින් මහින්ද රාජපක්ෂගේ සමීපතම ඥාතියකු වන උදයාංග වීරතුංග ගෝඨාභය රාජපක්ෂ සුදුවෑන් සංස්කෘතිය යළි පණ ගන්වමින් සිටින බවට ප්‍රසිද්ධීයේ චෝදනා කරයි.

ඔහු ගෝටා හදුන්වන්නේ කූඨ අවාසනාවන්ත පාලකයකු ලෙසය!

ඒ සිය බිරිඳට උපන්දින සුභ පැතුමක් සිය මුහුණූ පොතේ පළ කරමිනි.

ඒ මෙසේය:

 

“2022 ජුනි මස 12 වෙනි දින

එදා යහපාලනය රජය අපේ සියලු සම්පත් උදුරා ගත්තා, අපේ සියලු බැංකු ගිණුම් අත්හිටුවා, අපිව නො මරා මරුවා. අද ගෝඨා අයියා මාව අත්අඩංගුවට ගන්න, සුදු වෑන් එවලා අතුරුදහන් කරන්න උත්සාහ ගන්න කාල කන්නි යුගයක් උදාවී හමාරයි. අපේ මාතෘභූමිය කූට අවාසනාවන්ත පාලකයෙක් නිසා, රටම භීෂණය රජකරන අඳුරු යුගයකට පියනගනවා.. එහෙත් අප පවුලේ සමගිය ආදරය මෙන්ම අපගේ ජිවිත යහපාලනය මැරයන්ට මෙන්ම ගෝඨා අයියා ගේ හෙන්චයියන්ට ද උදුරා ගත නො හැක.
අද ඔයාගේ උපන්දිනයට මල් මිටක් අර ගෙන ඔයා ලගට එන්න බැරි වුනත් මගේ සුබ පැතුම් පිළිගන්න..”

මෙයට පෙර බැසිල් රාජපක්ෂ කියා සිටියේ  ලක්ෂ 69ක බලය ලක්ෂ තුනක්වත් ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයකට දී තිබෙන බවයි. එමගින් ඔහුද ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂටය.

Archive

Latest news

Related news