Thursday, April 25, 2024

අධිකරණ නියෝග කෙළසමින් මුලතිව් කොවිල් බිමක බුදු පිළිමයක් තැබීමේ හමුදා- භික්ෂු තැත ජනයා පරදවයි!

ඡාායාරූපය: ඔබේ මේ මුදල් බෞද්ධකරණය සහ යුදකරණ්ය වෙනුවට  ජනතාවට සහන දීමට යොදා ගන්න. (Photo credit @kumanan93)

සිංහල බෞද්ධ භික්ෂූන් සහ ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ ආගමික ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමට ගත් උත්සාහය ප්‍රදේශයේ දෙමළ ජනතාව සහ දේශපාලනඥයන් විසින් අද ව්‍යර්ථ කරන ලදී.

මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එම ස්ථානයෙහි කිසිදු වෙනසක් සිදු ටනාකළ යතු බවට නියෝගයක් පනවා තිබියදී සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ශ‍්‍රී ලංකා හමුදාව එක්ව එම ස්ථානයේ බුද්ධ ප‍්‍රතිමාවක් අභිෂේක කිරීමේ උත්සවයක් සැලසුම් කර තිබුණි.

අධිකරණ නියෝගය @kumanan93

රාජ්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුලතිව් පෞරාණික දෙමළ පන්සල් භූමිය අත්පත් කර ගැනීමේ උත්සාහයන් දිගටම කරගෙන යති. සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීමට සහය වීමට ‘කැණීම්’ වැඩ මුවාවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු එහි යොදාගෙන ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග එම ප්‍රදේශයට පැමිණ විරෝධතාකරුවන්ට කියා සිටියේ තමන් කුරුන්තූර්මලෙයි ප්‍රදේශයෙන් හමුවූ පොසිල සංරක්ෂණය කිරීමට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවත් තමන් එහි නව ගොඩනැඟිලි ඉදි නොකළ බවත් තම දෙපාර්තමේන්තුව භික්ෂුන් සහ හමුදාවත් එක්ක වැඩ කරන බවට කැරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

නෑ කියන සැළසුම @kumanan93

එසේ නමුත් අධිකරණ නියෝග නොසළකා බුදු පිළිමයක් ස්ථාපනය කිරීමට යුද හමුදාව සහ භික්ෂූන් දරණ උත්සාහය ජායරූපමය සාක්ෂි පෙන්වයි.

මෙම ප්‍රදේශයෙහි සිංහල ජනාවාස නැත.

විරෝධතාවයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටීඑන්පීඑෆ්) තිදෙනෙකු අත්අඩංගුවට ගෙන උද්ඝෝෂනය අවසන් වන තුරු පොලිස් වාහනයක රඳවා තබා ගන්නා ලදී.

දශක ගණනාවක් සිංහලකරණයට ලක්වන දෙමළ ඓතිහාසික වාසභූමි වන උතුරු නැගෙනහිර, සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් පසු හමුදාව සහ පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව ඉඩම් අත්පත් කර ගැනීම හරහා බෞද්ධ විහාරස්ථාන සහ සිංහල ජනාවාස ඇති කිරීම ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. උතුරු-නැගෙනහිර ජනවිකාස වෙනස් කිරීමට රජය පුරාවිද්‍යා සහ ඉඩම් මැනුම් දෙපාර්තමේන්තු වැනි තම දෙපාර්තමේන්තු යොදාගෙන ඇති බවද දිගින් දිගටම වාර්තා වේ.

( ටැමිල් ගාර්ඩියන් පුවතක් ඇසුරිනි)

යුද හමුදාව හදන පන්සල
යුද හමුදාව හදන පන්සල

Archive

Latest news

Related news