Friday, April 26, 2024

ධම්මික පෙරේරා වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දුන්නාද? රජිත් කීර්ති, ‌ මැ.කො. නිමල් පුංචිහේවාගෙන් අසයි!

පොදු ජන පෙරමුණ විසින් මංත්‍රීවරයකු ලෙස නම් කර ඇති කැසිනෝ රජා ලෙස හැදින්වෙන ධම්මික පෙරේරා මංත්‍රීවරයකු ලෙස ම් කිරීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දී ඇති බව තහවුරු කර ගන්නා ලෙස ඉල්ලමින්  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ වන රජිත් කීර්ති තෙන්නකෝන් මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිිය පහත දැක්වේ:

මහත්මාණෙනි,

නවක මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම – ධම්මික පෙරේරා මහතා

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ නම පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යෝජනා කොට ඔබ වෙත එවා ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරිපත් වන අපේකෂකයෙකු, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු නාම යෝජනා බාරදීමෙන් පසුව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුය.

2015 සහ 2020 මහා මැතිවරණ දෙකේ දී ම, නාම යෝජනා සමඟ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද අපේක්ෂක හැඳුනුම්පත ලබානොදුන් අතර, අනෙකුත් වරප්‍රසාද සියල්ල අහිමි කරනු ලැබීය.

ඉහත මැතිවරණ දෙකේ දී ම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු පුද්ගලයෙකු ගේ නම් මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හෝ සිදු වූවේ ද නැත.  

එවකට, මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂවරයා ලෙස ඔය විසින් ම ලබා දුන් උපදෙස් මත මැතිවරණ කොමිසම සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉහත තීරණය ගත් බව මාගේ විශ්වාසය යි. එබැවින්, ඔබගේ පූර්වගාමීන් ගේ කාර්ය පටිපාටිය මෙවර ද ඔබ විසින් අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරමි.

තව ද, සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබ දෙන බවට පසුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.  එම පක්ෂයේ සමාජිකයෙකු ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිවේදනය කිරීමට පෙර ඒම කරුණු සම්පූර්ණ කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.

ඉහත පූර්වාදර්ශය හා ව්‍යවහාරයන් මත ධම්මික පෙරේරා මහතා (හෝ වෙනත් අයෙකු) ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිවේදනය කිරීමට පෙර ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලැබී ඇති බව තහවුරු කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මැතිවරණ පනතේ විධි විධාන අනුව ද, 2015, 2020 මහා මැතිවරණ දෙකෙහිම ද වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබ ඉහත ආකාරයෙන් කටයුතු කර ඇති බව ද සිහිගන්වමි. 

මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

 

Archive

Latest news

Related news